IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


රුසියානු-චීන මිතුදම් තරවෙයි

රුසියාව සහ චීනය අතර සබඳතා තව තවත් ශක්තිමත් වී තිබේ. ඒ, චීන ජනාධිපති ෂී ජිනිපින්ගේ මොස්කව් සංචාරය හේතුවෙනි. දේශපාලනික වශයෙන් මෙන්ම ආර්ථිකමය වශයෙන් ද ගිවිසුම් රැසකට චීන ජනාපධිති ෂී ජිනිප්න් සහ රුසියන් ජනාධිපති ව්ලොදිමීර් පුටින් අත්සන් කළහ.

චීන ජනාධිපති ජින්පින් රුසියාවේ මොස්කව් බලා පැමිණි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අත්අඩංගුවට ගන්නැයි අන්තර් ජාතික අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇති අවස්ථාවකදීය. ඒ, යුක්රේනයේ සිදුවන යුද අපරාධ සම්බන්ධයෙනි.
චීන ජනාධිපති ෂී ජින් විශේෂ ධූත පිරිසක් ද පිරිවරා ගනිමින් මොස්කව් බලා පැමිණියේ, යුක්රේන ආක්‍රමණය මුල්කොට ගනිමින්, බටහිර රටවල් රුසියන් ජනාධිපතිවරයා හුදෙකලා කිරීමට උත්සාහ ගනිමින් සිටින අවස්ථාවකය.

චීන ජනාධිපති ෂී ජින්පින් රුසියන් ජනාපධිති පුටින් හමුවීමට රුසියාව බලා ගියේ රුසියන් යුක්රේන යුද්ධයට සාම සැලැස්මක් ද රැගෙනය. රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට මැදහත්කරුවකු ලෙස ක්‍රියා කිරීමට චීනය සූදානමින් සිටී.
චීනයේ එම සාම සැලැස්ම රුසියන් ජනාපධිති පුටින්, පිළිගත් බවත් ඒ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් ජනාධිපතිවරුන් දෙදෙනා අතරේ සාකච්ඡා පැවැත්වුණු බවත් ක්‍රෙම්ලීනය නිකුත් කළ නිවේදනයත දැක්වෙයි.

(රොයිටර්)



අදහස් (1)

රුසියානු-චීන මිතුදම් තරවෙයි

wijesiri Tuesday, 21 March 2023 04:33 PM

ඒ කියන්නේ ඇමෙරිකන් දාමරිකකම් අවසානයිද?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 540 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site