IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


‘‘රිෂාඩ්ගේ නිල නිවස මට දුන්නත් මා එය පාවිච්චි කළේ නැ‘‘

(යොහාන් භාසුර)

වෙළෙඳ අමාත්‍යවරයාට හිමි දැනට විවාදයට ලක්ව තිබෙන කොළඹ නිල නිවස පාවිච්චි නොකළ බවත් එය සතොස සේකවයන්ට නවාතැන් ගැනීමට ලබාදී ඇති බවත් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

‘කොවිඩ් වසංගතය අවස්ථාවේදී සතොස සමගින් සහන මලු ලක්‍ෂ ගණනක් ජනතාව වෙනුවෙන් සකස් කළ බවත් ඒ සඳහා සේවය කළ සතොස සේවයින්ට නවාතැන් ගැනීමට ස්ථානයක් නොමැති අවස්ථාවේදී එම නිල නිවස ලබාදුන් බවත් අමාත්‍යවරයා කීය.

මෙම නිල නිවස කාලයක් පාවිච්චි නොකිරීම නිසා ප්‍රතිසංස්කරණ කටයුතුවලට රුපියල් කෝටි දෙකක් පමණ වැය වන නිසා එය නැවත බාරදීමට තීරණය කර තිබුණ ද නැවත කොවිඩි හිස එසවීමෙන් බාරදීම ප්‍රමාද වූ බව කී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ සතොස සේවකයන් ඉවත්ව ගිය පසු එය බාරදෙන බවයි.

කොළඹ පිහිටි වෙළෙඳ අමාත්‍යංශයේදී අද පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේදී වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එසේ පැවසීය.

වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන එහිදී මෙසේ ද පැවසීය.

“මම මීට කලින් කැබිනට් අමාත්‍ය ධූර පහක් දරලා තියෙනවා. මා කිසිදිනක රජයේ නිල නිවාසයක පදිංචි වෙලා නෑ. නමුත් මෙවර වෙළෙඳ අමාත්‍යංශයට ජාත්‍යන්තර වෙළෙඳ වගකීම් පැවරීමෙන් පසු නිල නිවසක ප්‍රායෝගික වැඳගත්කමත් තිබෙන නිසා හිටපු වෙළෙඳ අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතාට හිමිව තිබූ නිල නිවස රජය මගින් මට ලබාදුන්නා.

ඒ නිල නිවසේ පදිංචි වෙන්න පුළුවන් ආකාරයට ගෘහ භාණ්ඩ කිසිවක් තිබුණෙත් නෑ.

කාලයකින් පාවිච්චි කර නොතිබුණු නිසා විශාල අලුත්වැඩියාවක් කරන්න සිද්ධ වෙලා තිබුණා.

ඒ සඳහා අපේ ලේකම්තුමිය මධ්‍ය ඉංජිනේරු කාර්යංශය ආදි ආයතනවලින් මිල පිළිබඳව කැඳවීම් කරලා තිබුණා. ඒ අනුව ලක්‍ෂ 200 කට වැඩි මුදල් ඒ සඳහා අවශ්‍ය වන නිසා මම දැනුම් දුන්නා අමාරු අවස්ථාවේදී මේ නිල නිවස අවශ්‍ය නෑ කියලා.

නැවත රට වසා දැමූ අවස්ථාවේදී සතොසට සිද්ධ වුණා සහන මළු සකස් කරන්න. කොළඹ නරගයට පමණක් මළු 110,000 ක්, මාතලේට 60000 ක් වගේ විශාල මළු ප්‍රමානයක් සතොස දුන්නා.

එම අවස්ථාවේදී සතොස සේවකයන්ට එම නිවසේ පදිංචි වෙන්න මම අවස්ථාව ලබාදුන්නා. ඒ නිසා ආපසු බාරදීම පමාවුණා.

ඒ අතරේ මේ නිවස සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන කීපයක් පරික්ෂණ පවත්වන්නේ. සතොස කාර්ය නිමකළ පසුව නැවත එම නිසව පාළාත් පාලන බාර අමත්‍යතුමාට බාරදෙනවා”

 



අදහස් (5)

‘‘රිෂාඩ්ගේ නිල නිවස මට දුන්නත් මා එය පාවිච්චි කළේ නැ‘‘

SIRIPALA Monday, 02 August 2021 09:42 PM

ඔයා හොඳ ළමයා

:       0       0

janahitha Monday, 02 August 2021 10:41 PM

ඇත්තමද මහතුන්..? ඔය තමයි හරි මිනිහා...

:       0       0

Vithana Tuesday, 03 August 2021 04:02 AM

ඔබතුමාට ඊට වඩා හොඳ නිවාස නම් ඇති මොකද වෙළඳ ඇමති තනතුරේම කී සැරයක් හිටියද?

:       0       0

ravin Tuesday, 03 August 2021 04:05 AM

අපොයි සත් ගුණවත් ධානපතියා. අනිවාර්යයෙන්ම කොලේ වහලා කාටහරි කුලියට දීලා ඇති.සමුපකාරයේ හාල්මැස්සෝ ටික ජේම්ස්බෝන්ඩ් බෑග් එකේ දාගෙන හොරෙන් පන්නපු සද්ගුණවත් බන්ධුල, තමන්ගේ නිල නිවස කාට හරි නොමිලේ දෙයිද ?මිනිහා ඔය ගෙදර කසිප්පු පෙරනවාද දන්නෙත් නැහැ. නැත්නම් දුමින්දගේ කුඩු ස්ටොක් කරනවාද දන්නෙත් නැහැ.

:       0       0

Buddika Tuesday, 03 August 2021 07:07 AM

මෙයාගේ ගෙදර නුගේගොඩ... ඉතින් මොකටද කොළඹ නිල නිවස?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 347 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site