IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


‘රවිරාජ් ඝාතකයා ආ යතුරුපැදි අංකයත් පොලිසියට දුන්නා‘

‘පදික වේදිකාවේ සිටි මිනිහකු මන්ත්‍රී නඩරාජා රවිරාජ්ගේ කාරය ළඟට ගොස් ඔහුට වෙඩි තිබ්බා. ඔහු ගමන් මල්ලෙන් තුවක්කුව එළියට ගෙන පසුපස ආසනයේ සිටි පුද්ගලයාටයි වෙඩි තැබුවේ.‘ ඇන්ජලෝ රෝයි නම් සාක්කිකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් උසාවියේදී සාක්කි දෙමින් කීවේය.

‘‘මේ සිද්ධීය මා පොලිසියේ 119ට දැන්වුවා. පාරේ ගිය ගුවන් හමුදා ජිප් රියකටත් කිව්වා. නාරාහේන්පිට පොලිස් ගරාජය අසල සිටි කොස්තාපල්වරයකුටත් කිව්වා. තුවක්කුකරුවා ආවේ මෝටර් සයිකලයක පිටුපස ආසනයේ. මෝටර් සයිකලයේ නොම්මරයත් පොලිසියට දුන්නා.

පලන සාමි සුරේෂ්, ප්‍රසාද් හෙට්ටිආරච්චි, ගාමිණී සෙනෙවිරත්න, ප්‍රදීප් චමින්ද, සිවකාන්ත් විවේකානන්ද, ෆාබියන් රොයිස්ටන් ටුසේන්ට් සහ සම්පත් මුණසිංහ යන අය රවිරාජ් ඝාතනය සම්බන්ධයෙන් දැනට සැකපිට රිමාන්ඩ් බාරයේ සිටිති.



අදහස් (0)

‘රවිරාජ් ඝාතකයා ආ යතුරුපැදි අංකයත් පොලිසියට දුන්නා‘

කෙනත් Thursday, 03 March 2016 12:48 AM

මනුෂ්‍ය ඝාතන දැන් සාමාන්‍ය දේවල් වෙලා (නි)

:       0       0

ඉන්දික Thursday, 03 March 2016 01:54 AM

චතු කියන කතාව හරි. යුද්ධය වෙනුවෙන් එහෙම නැත්නම් ඔය අදහස් දාන අයටත් එක්ක හෙටක් හදන්න ජීවිතය කැපකළ අය කොටුකරලා හිරේ දාන එක තමයි මේ ආණ්ඩුව කරන්නේ. (නි)

:       0       0

කලණි විතානගේ Thursday, 03 March 2016 01:57 AM

රවිරාජ් මන්ත්‍රීතුමා ඝාතනය කළ බව හා ඊට සම්බන්ධ ඝාතකයෙක් සිටිය යුතු බව සුරංගනා කතාවෙන් ඉවත්කර චතු ,සුමිත්‍රලා මේ කතාව දැන් කියවන්න. (නි)

:       0       0

කලණි විතානගේ Wednesday, 02 March 2016 12:01 PM

අනෙකකුගේ දේශපාලන මතය දරා ගත නොහැකි නොමිනිස් වර්ගයාගේ ගිනි අවි සංදර්ශන මොනතරම් ඛේදජනකද? (ර)

:       0       0

චතූ Wednesday, 02 March 2016 11:59 AM

ලස්සනට කතා ගොතනවා (කෞ)

:       0       0

නිමල් ලලිත Thursday, 03 March 2016 02:28 AM

ප්‍රසිද්ධ පුද්ගලයෙකු මරා දැමීමට එන ක්ෂණිකව ක්‍රියාත්මක වෙන යුද නිලදරුවෙකු, මහමඟ යන්නෙකුට තමා හඳුනාගත හැකිවෙන පරිදි වෙඩි තැබීම සිදුකරාවිද? (නි)

:       0       0

රුවන් Wednesday, 02 March 2016 12:36 PM

චතුලා වගේ අය නිසා තමයි රට මේ තරම් ප්‍රපාතයට වෑටුනේ(කෞ)

:       0       0

පෙරුමාල් Wednesday, 02 March 2016 01:23 PM

නැහැ චතු දන්නවා ඇති ඇත්තටම මොකක්ද වුනේ කියල. සීඅයිඩී එකට කිවුවනම් කටඋත්තරයක් ගනීවි (අ)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Wednesday, 02 March 2016 01:43 PM

චතු කොහොමද දන්නේ මේක සුරංගනා කතාවක් කියලා ? ඔයා හීන දකින වැඩියි නේද ? නැත්නම් තුට්ටු දෙකේ බොලිවුඩ් සිනමා බලනවද ? මෙතරම් පැහැදිලිවම මේ සාක්කිකරු කරපු පාපොච්ච්ාරනයෙන්ම පේනවා මේ සිද්ධිය සිදුවී තිබෙන අන්දම....(බ)

:       0       0

දහම් Wednesday, 02 March 2016 01:55 PM

ආ අපි හිතුවේ ජනවාරි 8 පස්සේ රට උඩට එනවා කියලනේ. (බ)

:       0       0

නවින් Wednesday, 02 March 2016 01:50 PM

මසුරන් කතාව රුවන්....(බ)

:       0       0

සුමිත්‍රා බස්නායක Wednesday, 02 March 2016 02:25 PM

හරියට සුරංගනා කතාවක් වගෙය්. වටේම ගිය අවියක්..(අ)

:       0       0

අන්වර් Wednesday, 02 March 2016 02:38 PM

අපරාදකරැවන්ට දඩුවම් දිය යුතුයි..තව ඔයවගේ කොච්චර මරන්න ඇද්ද.පවුකාරයො... (අ)

:       0       0

රවි Wednesday, 02 March 2016 02:44 PM

ලෝකේ බිහි වුනු හොඳම දේශප්‍රේමිය තමයි හිට්ලර්. දෙවැනියා ප්‍රභාකරන්. තුන්වෙනියා ? ඔක්කොම කලේ මිනි මරණ එකයි .(අ)

:       0       0

බමුණු Wednesday, 02 March 2016 04:00 PM

රුවන් ඒ චතුලා වගේ අය නිසා නොවයි ඔබලා වගේ කියන කතා කිසිදු වග විබාගයකින් තර්කයකින් තොරව පිළිගන්නා අය නිසා ? (ර)

:       0       0

බන්දු Wednesday, 02 March 2016 10:51 PM

නන්දලාල් - ප්‍රංශය ශ්‍රී ලංකාවේ වෙනදේවල් වල හැටියට ඔබ කොහොමද කියන්නේ මේක සුරඟන කතාවක් නොවෙයි කියල. අපි හොඳට කියවල තිබෙනවා ගොතපු කතා. එමනිසා තීරණ වලට පනින්නේ නැතිව බලාගෙන ඉන්න . (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 635 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 306 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site