IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


‘රුවන් ගුණසේකර සාක්කි මෙහෙයවන්නේ කොහොමද?‘

ඇඹිලිපිටියේදී පොලිසිය හා ප්‍රදේශවාසීන් පිරිසක් අතර ගැටුමකින් පසු තරුණයකු මිය යෑමේ සිද්ධියේ මරණ පරීක්ෂණය මෙහෙයවීමට පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතාට හැකියාවක් නැතැයි ද, ඔහු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස සිද්ධිය ගැන අදහස් දැක්වීයැයි ද නීතීඥවරු පිරිසක් කීහ.

ඊට පිළිතුරු දෙමින් සහකාර පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගුණසේකර මහතා කීවේ තමා එහි ගියේ පොලිස්පතිගේ නියෝග අනුව බවයි.

‘මරණ පරීක්ෂණයකදි පොලිසිය කරන්නේ අධිකරණයට සහාය වීම. මේ මරණ පරීක්ෂණයේදී අධිකරණයට සහාය දෙන්න පොලිස්පති මට නියෝග කළා.  මා පොලිස් මාධ්‍ය ප්‍රකාශක වගේම පොලිස් නීති කොට්ඨාසයේ රාජකාරිත් ආවරණය කරනවා.

මරණ පරීක්ෂණයේ සාක්කි විභාගය මගේ අභිමතයට කළ නොහැකියි. සාක්කි විභාගය පැවැත්වේනනේ අධිකරණය ඉදිරියේ. මා ඇසීමට නුසුදුසු ප්‍රශ්නයක් අසනවා නම් අධිකරණයට පුළුවන් එය වළක්වන්න. මා ඇසිය යුතු ප්‍රශ්නයක් යටපත් කරණවා නම් අධිකරණයට පුළුවන් එය මතු කරන්න. ඒ නිසා ගැටළුවක් වෙන්නේ නෑ.‘‘



අදහස් (0)

‘රුවන් ගුණසේකර සාක්කි මෙහෙයවන්නේ කොහොමද?‘

යසරත්න Wednesday, 13 January 2016 04:56 PM

අනේ අපිට මේවා තේරෙන්නේ නැහැ (නි)

:       0       0

අතුල Wednesday, 13 January 2016 05:00 PM

එක අතකට මෙයාලගේ නෙමෙයි වරද. අපි ඒක තේරුම්ගන්න ඕනෑ (නි)

:       0       0

නුවන් විජේවර්ධන Thursday, 14 January 2016 05:56 AM

සැකකාර පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රමාද කරවන්නේ ඔවුන් ලවා නීති විරෝධීව යම් යම් කටයුතු ඉටු කරගන්නා ලද සමහර දේශපාලකයින් විය හැක. මේ අසීරු අවස්ථාවෙන් චූදිත පොලිස් නිලධාරීන් බේරා නොගන්නේ නම් සියල්ල හෙළිදරව් කරන බවට දේශපාලකයන්ට දැණුම් දී ඇත්දැයි සැක සිතේ. (කෞ)

:       0       0

සුනිල් Thursday, 14 January 2016 06:02 AM

අනේ අපේ මාධ්‍ය ප්‍රකාශකතුමා! (නි)

:       0       0

සෑම් Wednesday, 13 January 2016 09:14 PM

මරණ පරීක්ෂණයට පෙර ඒ තරුණයා මියගියේ කොහොමද කියලා මෙයා කිව්වානේ. ඒ සිද්ධියම ඇතිනේ ඉතින්.... (නි)

:       0       0

ගයාන් Thursday, 14 January 2016 07:34 AM

අධිකරණ ක්‍රියාවලියේ අපක්ෂපාතීත්වය පිළිබඳ මහජන සැකය මතුකරන නියෝග ගැන දෙවරක් සිතාබැලිය යුතුයි (නි)

:       0       0

නයෝමි Wednesday, 13 January 2016 11:45 PM

රුවන් ගුණසේකර මහතා කොහොමත් හැම මොහොතේදීම පොලිසිය නිවැරදිකරලානේ ඉතින් කතා කරන්නේ. මාධ්‍යයට වගකීමෙන් කතාකරන බවකුත් අපි දැකලා නැහැ. (නි)

:       0       0

චමින්ද Wednesday, 13 January 2016 11:58 PM

හොඳයි හොඳයි ඔහොම යමු (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Thursday, 14 January 2016 02:16 AM

කර්මවාදය අදහන අපිට ඕවා ගැන කියලා වෙහෙසෙන්නේ මොනවටද? මීටවැඩිය කෑගහපු දඟලපු අයටත් වුණ දේවල් ඉතිහාසයේ ලියැවී තිබෙනවා (නි)

:       0       0

ආනන්ද Thursday, 14 January 2016 02:43 AM

යහපාලනය ගෙනඒමට වෙරදැරූ අපිට අර කියන මඩු වලිගයෙන් තලා ගැනීමටයි දැන් වෙලා තියෙන්නේ (නි)

:       0       0

සම්පත් Thursday, 14 January 2016 02:47 AM

කොහොම වුණත් පැමිණිල්ලට දක්ෂ නීතිඥයින් අල්ලන්න වෙනවා. (නි)

:       0       0

දසුන් Thursday, 14 January 2016 02:58 AM

අනේ අපි ඕවට නැහැ. අපි මොකුත් දන්නෙත් නැහැ (නි)

:       0       0

හේවා Thursday, 14 January 2016 03:10 AM

අපිට තියෙන්නේ වෙන දෙයක් බලාගෙන ඉන්න එකයි (නි)

:       0       0

ප්‍රසන්න Thursday, 14 January 2016 03:16 AM

"අපි නොදන්න පොලිසිය" (නි)

:       0       0

සකුන්තලා Thursday, 14 January 2016 03:20 AM

පොලිසිය දැන් ඒකාධිපති වෙලාද? සම්බන්ධතා අතර ගැටුමක් ඇතිවන ආකාරයේ නියෝග නිකුත් කරන්නේ ඇයි? නීතියට අනුව ව්‍යවස්ථා අර්ථ දැක්වීමේ පරම බලය ඇත්තේ අධිකරණයටයි. (නි)

:       0       0

සචිත් Thursday, 14 January 2016 04:21 AM

පොලිස් මාධ්‍ය ප්‍රකාශක තමා අද කාලේ අන්දරේ. අපිනම් රෑට 8 පුවත් බලන්නේ මෙයාගේ කතා අහන්න තමා (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site