IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රිය අනතුරින් මව මරුට පුතා රෝහලට

(ලක්මි කුඩලිගම)

අනුරාධපුරයට  ගොස් නිවසට එද්දී  බුලත්සිංහල නගරයේ දී යතුරු පැදිය නවතා තිබූ බස් රථයක ගැටී මව මියගොස් පුතා බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව බුලත්සිංහල පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ බදුරලිය මගුර, නුගවෙල කන්ද යන ලිපිනයේ පදිංචි  මිරිහේන කම්කානම්ගේ  චන්ද්‍රාවති නැමැති 69 හැවිරිදි කාන්තාවකි.

ඇය තම වැඩිමල් පුත් සමග යතුරු පැදියකින් අනුරාධපුර පැවති පිච්ච මල් පූජාවකට සහභාගී වී පසු දින  එම යතුරු පැදියෙන් නිවස බලා එද්දී උදෑසන බුලත්සිංහල හොරණ මාර්ගයේ අයිනක නතර කර තිබූ බස් රථයක යතුරු පැදිය ගැටීමෙන් ඒම අනතුර සිදුව ඇත.

පුතා බරපතල තුවාල හේතුවෙන් බුලත්සිංහල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩි දුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පැවසීය.

 

 



අදහස් (2)

රිය අනතුරින් මව මරුට පුතා රෝහලට

අහිංසක Tuesday, 08 August 2023 01:24 PM

ඇත්තටම රටේ යතුරු පැදි අනතුරු කොපමණ අහන්න ලැබෙනවාද කියලා දැක්කාම හරිම දුකක් ඇතිවෙනවා.. තමන්ගේ මවත් සමග අනුරාධපුර ගොස් එද්දී බසයක හැපිලා තියෙන්නේ අධික වෙහෙස නිසා කියලා හිතෙනවා... සාමාන්‍යයෙන් ලංකාවේ එහෙම දුරක් යතුරු පැදියකින් යාම සුදුසු නැහැ රජයේ සේවකයින් පිනවා මැතිවරණ දිනන්න අඩුවට යතුරුපැදි දුන්නු නිසා තමයි... මේ තරම් මිනිස් ජීවිත රටට අහිමි වෙන්නේ කියලා කියන්න පුළුවන්... රජයේ නිලධාරින් ගත්තු යතුරු පැදි මේ වනවිට විකුණා තියෙනවා. කොහොම වුණත් වටිනාම ජීවිත රටට අහිමි වීමට හේතුවක් වෙන යතුරු පැදි නියාමනයක් නොපමාව කරන්න ඕන... හොඳින් සොයා බැලුවොත් යතුරුපැදි නිසා, යුද්ධය නිසා මැරුණාට වඩා මැරෙනවා කියලා පැහැදිලියි...

:       0       0

Bunny Preena Tuesday, 08 August 2023 02:12 PM

කවුද දන්නෙ නැහැ යතුරු පැදිය දාවනය කලේ. මවට නිවන් සුව ප්‍රාර්තනා කරමි.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 422 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1028 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site