(සනත් ගමගේ)
අම්බලන්තොට රිදියගම පාරේ ධාවනය වෙමින් තිබූ යතුරු පැදියක් එහි පැදි කරුට යතුරු පැදිය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් පාරෙන් ඉවතට යතුරුපැදිය පැනිම හේතුවෙන් සිදු වූ අනතුරකින් යතුරු පැදියේ ගමන් ගත් තරුණයින් තිදෙනාගෙන් පසුපස ගමන් ගත් තරුණයින් දෙදෙනා ජීවිතක්ෂයට පත් වී ඇති බව අම්බලන්තොට පොලීසිය කියයි.
මෙම යතුරු පැදි අනතුර අම්බලන්තොට රිදියගම පාරේ බෝලාන හංදියට ආසන්නයේ දී සිදු වී ඇති බව පොලීසිය කියයි. යතුරු පැදියේ පසුපස ගමන් කල තරුණයින් දෙදෙනා හිස් වැසුම් නොමැතිව ගමන් කර ඇති බව පොලීසිය කියයි.
අනතුරු සිදු වූ ස්ථානයේ දි එක් තරුණයෙක් මිය ගොස් සිටි අතර තවත් තරුණයෙක් 1990 ගිලන් රථයෙන් හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගොස් ඇත.
මෙසේ මිය ගොස් ඇත්තේ අම්බලන්තොට රුහුනු රිදියගම දියවර ගම්මානයේ පදිංචි තල්පාවිල විදාන කංකානම්ගේ ලසිඳු තිසර (21) සහ වත්තල එඩේරමුල්ල පදිංචි තුසිත ශ්‍රී නාත් ප්‍රනාන්දු (25) යන අය බව පොලීසිය කියයි.
වත්තල පදිංචි කරුද පුද්ගලික ඇඟළුම් කම්හලක සේවය කරන අතර ඔහුද අම්බලන්තොට රිදියගම ලිපිනයේ තාවකාලිකව පදිංචි වී සිටී.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
රිය අනතුරින් දෙදනෙක් මරුට
Sunil Sunday, 12 March 2023 12:37 PM
පාරේ ගමන් කරන අනෙක් අයගේත්, ජීවිත අනතුරට ලක්කරනවා... මේ කාලකණ්ණින්.
Perera Monday, 13 March 2023 05:55 AM
හිස් වැසුම් දාලා මොනවා ආරක්ෂා කරන්නද ?හිස් වැසුමක් දාන්නවත් තරමේ මොලයක් තිබිලා නැහැ නේ