IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


රියදුරු වර්ජනයට මගීහු හරස් වෙති

දුම්රිය රියදුරන් සති කිහිපයක සිට අකුරට වැඩ කිරීමෙන් තමන්ට වන රස්තියාදුව ඉවසා ගත නොහැකි වූ මගීහු පිරිසක් අද අලව්වේ දී දුම්රිය පාරට කොට දමා විරෝධය පළ කළහ.

මේ නිසා පොල්ගහවෙල සිට එන දුම්රිය තුනක් මඟ නතර කැර ඇත.

අකුරට වැඩ කිරීම වහා නතර කරන්නැයි මගීහු ඉල්ලති.



අදහස් (0)

රියදුරු වර්ජනයට මගීහු හරස් වෙති

ඩිලාන් Tuesday, 20 May 2014 01:46 PM

ලොකු ලොකු මහත්වරු දැනගන්න ඕනෑ තමන් ජීවත් වෙන්නෙ දුප්පත් මිනිස්සු ගෙවන බදු වලින් කියලා (නි)

:       0       0

සුබසිංහ Tuesday, 20 May 2014 01:47 PM

ඔය රියදුරෝ එක්කෙනෙක් දෙන්නෙකුට හොඳින් පැහැදිලි කර දුන්නා නම් පහුවදා සිට ඉබේම දුවයි. (නි)

:       0       0

ජේකේ Tuesday, 20 May 2014 02:21 PM

මේක හොද ආරම්භයක් වර්ජන විසඳගන්න. දැන් මේ අලුත් ක්‍රමය තමයි මහජනයට තියෙන එකම විකල්පය , දුටු තැන ගහන එක තමා, අපට දේශපාලනයෙන් වැඩක් නෑ. (ස)

:       0       0

මහින්ද Tuesday, 20 May 2014 08:44 AM

හැමදාම මේවා ඉවසන්නත් බැහැනේ.... (නි)

:       0       0

සේනානායක Tuesday, 20 May 2014 09:02 AM

ඇත්ත තමයි. මිනිස්සුන්ව රස්තියාදු කරනවාට මෙහෙම කරලා මදි (නි)

:       0       0

නිමාලි Tuesday, 20 May 2014 09:05 AM

මෙම වර්ජනයට දුම්රිය පාලක මැදිරියත් සහයෝගය දක්වනවා, ඔවුන්ගේ හිතුමනාපයට දුම්රිය ගමනාන්තය වෙනස් කරනවා, ඔවුන් වක්‍ර ආකාරයෙන් මගීන් අපහසුතාවයට පත් කරමින් මන්දගාමී දුම්රියන් සීඝ්‍රගාමී ලෙස ධාවනයට නියෝග ලබාදෙනවා, සීඝ්‍රගාමී දුම්රියන් මන්දගාමී ලෙස ධාවනයට නියෝග ලබාදෙනවා. මේ නිසා දුම්රිය මගීන් දැඩි ලෙස අපහසුතාවයට පත් වෙනවා. (ස)

:       0       0

නිශාන්ත Tuesday, 20 May 2014 09:06 AM

තමන්ගෙත් අනුන්ගෙත් වටිනා කාලය කෑම වැරදියි නේද?මේ වැනි වර්ජන පසුපස සිටින වෘත්තීය සමිති මෙහෙයවන දේශපාලන පක්‍ෂ කියන්නෙ නම් අපි ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා කියලා. (නි)

:       0       0

කැළුම් Tuesday, 20 May 2014 09:08 AM

රියදුරන්ගේ නොසැළකිල්ල නිසා දුම්රිය අනතුරු කරලා,ඒවාට දඩුවම් දුන්විට වර්ජනය කරනවා. මේ නිසා මඟීන් අපහසුතාවයට පත්වෙනවා.මිනිසුන්ගේ කෝපය සාධාරණයි. (නි)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 20 May 2014 09:17 AM

දුම්රිය දෙපාතමේන්තුව ප්‍රතිශෝධනය කරන්න. සම්පුර්ණ වෙනසක් ඉහළ සිට පහළටම ඕනෑ. දක්ෂ ඇමතිවරයෙකුට මෙය කළ හැකියි. (නි)

:       0       0

රංජිත් සිල්වා Tuesday, 20 May 2014 09:29 AM

මහජනතාවට මේ විදිහට කැමති කැමති ලෙස කොට දමල පාරවල් වහල උද්ගෝෂණ කරන්න ඉඩ දීම ප්‍රජාතන්ත්‍ර වාදය නම් නොවේ. මේක රජයේ කඩාවැටීීමක් පමණි. ඇමතිවරු ඉන්නේ දැන් තියන දෙවල් සහ ඉදිරියට සිදු විය හැකි දේවල් වලට පිළියම් යෙදීමට. (ස)

:       0       0

නිරෝෂ් Tuesday, 20 May 2014 09:32 AM

මේ ඉන්නේ ඉපදෙනකොටම උපකරණ ටික අරගෙන අාපු කෙනෙක්ද? (ස)

:       0       0

චන්දන Tuesday, 20 May 2014 04:02 PM

ඔවුන් අඩුම තරමින් මිනිස්සුන්ට කතා කරන්නවත් දන්නේ නැහැ (නි)

:       0       0

විධුෂක Tuesday, 20 May 2014 09:46 AM

ඉහල බලධාරීන් දෙවන පරපුර බිහි කරගන්න උනන්දු උනා වගේම මේ අහිංසක දුම්රිය මගී ප්‍රජාවගේ දුක්ගැනවිලි මැසිවිලි සහ අදෝනා ගැනත් සොයල බලනවානම් නේද හොඳ. (දී)

:       0       0

සුනෙත් Tuesday, 20 May 2014 09:48 AM

වහාම මෙතුමන්ලගේ රාජකාරියේ අකුරු වැඩි කල යුතුය. (දී)

:       0       0

භානුක Tuesday, 20 May 2014 09:54 AM

ප්‍රනාන්දු මහතා , මේ යන පිළිවෙලට දක්ෂ ඇමතිලා හොයාගන්නකොට ඔබත් මමත් කෝච්චියක යනවා තියා තනියම කෝච්චියට නැග ගන්නත් බැරි වයසකට ඇවිල්ලා තියේවි. (නි)

:       0       0

තරිදු Tuesday, 20 May 2014 09:57 AM

එක්කෙනෙක් දෙන්නෙකුට හොඳට දුන්නා නම් මේවා නිකන්ම හරියනවා. මහජනතාවගේ සල්ලි වලින් කාලා අපිටම ගහන්න එන්නේ.. (නි)

:       0       0

විපුල Tuesday, 20 May 2014 09:57 AM

කරන්න බැරිනම් කරන්න පුළුවන් කෙනෙකුට දෙමු. අපේ කාලයයි , මුදලුයි ඉතිරි වෙනවානේ. නැත්නම් එතුමන්ලා කොහොමත් වැජඹෙනවා, අපි ලෙඩවෙනවා, රට වැනසෙනවා (නි)

:       0       0

ඉන්දික Tuesday, 20 May 2014 09:58 AM

මොනවා වුණත් කතාකළොත් නම් දුප්පත් මිනිස්සු වෙනුවෙන් පෙනී සිටින්නේ ඒගොල්ලෝ විතරයි. (නි)

:       0       0

ප්‍රභාත් Tuesday, 20 May 2014 10:11 AM

මේ දුම්රිය මගීන්ගේ කොන්ද බස් මගීන්ටත් තියෙනවා නම් බස් කාරයොත් හොඳ පාඩම් ඉගෙන ගන්නවා. (ස)

:       0       0

පියා Tuesday, 20 May 2014 10:16 AM

රන්ජිත් සිල්වා මහතා කියන දේ හරි ; නමුත් රට සංවර්ධනය කරන්න නම් සේවකයෝ රාජකාරියට වෙලාවට යන්න ඕනේ; වගකිව යුතු අය ඊට පිළියම් දෙන්නේ නැතිනම් මොනවා කරන්නද ? (ස)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 20 May 2014 10:21 AM

තනුක, ඔබතුමා හරි . මට නම් දැන් වයස 63ක් වෙන්ව. කණගාටුව අපි පොඩි කාලේ ගෙනාපු කනේඩියෙන් දුම්රිය එන්ජින් අදත් දුවනවා. එ්ත් දැන් සේරම කොට උඩ. දුම්රිය සේවය පිරිහිලා තියෙන්නේ. මට නම් රම්පාල මහත්තයා මතක් උනා. අන්න දක්ෂ නිළධාරීන්. එවකට ඇමතිලත් නිදාගෙන හිටියේ නෑ. දැන් කට විතරයි වැඩ නෑ. (ස) .

:       0       0

රවී Tuesday, 20 May 2014 10:28 AM

දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහල ඉඳල පහලට ඉන්න හැම සේවකයෙක්ම දැනගන්න ඕන තමන් ජීවත් වෙන්නෙ දුප්පත් මිනිස්සු ගෙවන බදු වලින් කියලා.අනිත් එක මිනිස්සුන්ට කථා කරන්න ඉගෙන ගන්න ඕන. (ස)

:       0       0

ලලීන්ද්‍ර Tuesday, 20 May 2014 10:59 AM

මේ දුම්රිය සේවකයන් හිතන්නේ දුම්රිය දෙපාර්තුමේන්තුව තියෙන්නේ ඔවුන්ට රැකියාව කරන්න කියල (වෙන තැනක ඔවුන්ට රකියවක් නම් කරන්න බැරි එක වෙනම දෙයක් ) නමුත් දුම්රිය තියෙන්නේ මගීන්ට ගමන් යන්න කියල මේ අයට කියල දෙන්න කවුරුත් නැද්ද? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 481 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site