(ඉන්දිකා රාමනායක)
රඹුක්කන විරෝධතාවය මැඩලීමේ දී පොලීසිය බලය ඉක්මවා කටයුතු කර ඇති ද යන්න සොයා බැලීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් ( විශ්‍රාමික ) ජගත් අල්විස් මහතා පවසයි.
මෙම කමිටුව සඳහා රාජ්‍ය අමාත්‍යාංශයක ලේකම්වරයකු, අමාත්‍යාංශ අතිරේක ලේකම් වරයකු , , සහ ආරක්ෂක අමාත්‍යාංශයේ නීති උපදේශකවරයා පත්කර ඇති බවද මහතා සඳහන් කළේය.
මෙම අවස්ථාවේ සියලු ජනතාව සාමය ආරක්ෂා වන පරිදි කටයුතු කරන ලෙසත්, , ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලින් වළකින ලෙසටත් ඉල්ලා සිටින බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
රඹුක්කන සිද්ධිය සොයන්න ත්‍රිපුද්ගල කමිටුවක්
beau Wednesday, 20 April 2022 12:36 PM
ආණ්ඩුවේ ත්‍රිපුද්ගල කමිටුව හොඳයි බල්ලන්ට. අවුරුදු 10කින් ඔවැනි ප්‍රතිඵල එනකන් මහජනයා උඩබලාගෙන ඉන්නේ නැහැ. මේ ආණ්ඩුව පෙරළිය යුතුමයි.
Kanthi Wednesday, 20 April 2022 12:54 PM
මේවාට කොහෙන් හිනා වෙන්නද?
Sunil Wednesday, 20 April 2022 01:06 PM
නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ. මේ කමිටු සියල්ලක්ම ප්‍රෝඩාවන්.. ජනාධිපති, අගමැති පළමුව ගෙදර යැවිය යුතුමයි.
Lalith M Wednesday, 20 April 2022 01:40 PM
මේ ජෙනරාල්ලා අසාර්ථක බව කර්නල් දැන ගන්න ඕනෑ. මේ අය දන්නේ අණ දෙන්න විතරයි. කරන විදිහ දන්නේ නෑ.