IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


රෝමියෝ ජුලියට් පෙම් පුවත අදත් රැව් පිළිරැව් දේ

ලෝක ප්‍රසිද්ධ රෝමියෝ ජුලියට්ගේ ආදර කතාව ලියවුන   වෙරෝනා නගරයේ රෝමියෝ දනින් වැටී ආදරය ඉල්ලූ ජුලියට්ගේ නිවසට ඇතුළු වීමට ඇත්තේ චුවින්ගම් ගුහාවක් තුළිනි.

එහි  තමන්ගේ පෙම්වතාගේ හෝ පෙම්වතියගේ නම සදහන් කර ඇලවීමෙන් ඔහු හෝ ඇය තමන්ට හිමි වෙන බවට මෙහි පැමිණෙන පෙම්වත්හු   විශ්වාස කරති.

අදද  ඉබි යතුරු රැගෙන එහි පැමිණෙන පෙම්වත්හු රෝමියෝ ජුලියට්ගේ මිදුලේ  ඇති දොරටුවෙහි  ඉබ්බා දමා යතුර විසිකරන්නේ ඔවුනොවුන්ගේ ආදරය ශක්තිමත් වන බවට විශ්වාස කරමිනි.

ජුලියට්ගේ සිටු මැදුර ඉදිරිපස ඇයගේ පිළිරුවකි. එහි  යන පෙම්වත්හු  ජුලියට් පිළිරුව අභියස සිට ඡායාරූප ගනිති.

ජුලියට්ගේ සිටු මැදුරට යන එන මග දෙපස විවිධ  ඇදුම් ඇදගත් අපුරු මිනිසුන් දැකිය හැක. බොහෝ විට ඔවුන් සිටින්නේ එකම ඉරියව්වෙනි.   ඔවුන්ට යුරෝ කාසියක්  හෝ කිහිපයක් ලබා දුන් විට විවිධ ඉරියව් වෙනස් කරමින් මිනිසුන් සිනහ ගන්වති. එය ඔවුන්ගේ රැකියාව වන අතර ඔවුන් සමග සිට ඡායාරූප ගැනීමට නම් මුදල් දිය යුතුය. 

ක්‍රිස්තු පුර්ව 3 වන ශතවර්ෂයේ  රෝම අදිරාජ්යයේ  උතුරු ඉතාලියේ මුලස්ථානය වුනේ මේ වෙරෝනා නගරයයි. වෙරෝනා නගරය විශාල කදු පන්ති වලින් ස්වාභාවිකව ආරක්ෂා  වී ඇති අතර මෙහි ප්‍රධාන  ආදායම් මාර්ගය කෟෂිකර්මාන්තයයි.   වෙරෝනා නගරය කර්මාන්ත පුරවරයක් ද වන අතර ඉතාලියේ වයින් වලට වඩාත්ම ප්‍රසිද්ද  මෙම නගරයයි.

වෙරෝනා නගරය පසෙකින් ඇඩිගේ නදිය මනරම්ව ගලා බසී.

වෙරෝනා නගරයේ රෝමයේ කොලෝසියම වැනි  අතීතයේ සටන් හා  උත්සව පැවත්වු තපු විශාල රග  බිමක් ඇති අතර  අදටත් එහි උත්සව පවත්වති.

ජුලියට්ගේ සිටු මැදුර

 

ජුලියට්ගේ ප්‍රථිමාව

චුවින්ගම් ගුහාව

 

ජුලියට් පිළිරුව අසල ඇති ඉබි යතුරු දමන දොරටුව

වෙරෝනා නගරයේ ඇති රංග පීඨය

වෙරෝනා නගරයේ තැන තැන සිටින අපුරු මිනිසුන්

 

සුප්‍රකට ඇඩ්ගේ නදිය

     

 

 



අදහස් (0)

රෝමියෝ ජුලියට් පෙම් පුවත අදත් රැව් පිළිරැව් දේ

රජින්ද Sunday, 09 March 2014 10:54 AM

ලස්සන රුප පෙළ වුණත් වර්තමාන යුරෝපයේ තරුණ උන්මාදයේ නාමයෙන් අර චුයින්ගම් වලින් කරලා තියෙන හානිය නම් අප්‍රසන්නයි. ස්වභාවිකව රැකුණු මෙවැනි තැනක් විකෘති කරන්න ඉඩදී ඉතාලි බලධාරීන් පවා බලා සිටීම විශ්මයජනකයි. තව ටික කාලෙකින් ඔතන ඉතුරු වන්නේ අප්‍රසන්න චුයින්ගම් බිත්ති සහ ඉබ්බෝ දාපු දොරටුව විතරයි.(දිල්)

:       0       0

ජානක Monday, 10 March 2014 12:32 AM

කැටපත් පවුරේ නම ලියන උතුම් ලාංකිකයෝ මොකුත් කියල නැහැනේ....(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 555 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site