IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රුමේනියා සංචාරකයා මුහුදේ ගිලී මරුට

(සුමිත් පොතුපිටිය සහ තුසිත කුමාර ද සිල්වා)

මොරගල්ල මුහුදේ දියනාමින් සිටි රුමේනියා ජාතික සංචාරකයෙකු  අද (07) දහවල් දියේගිලී මියගොස් ඇති බව පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ මොරගල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි නිස්ටොරෙස්කූ ටීඩෝර් නමැති 71 හැව්රිදි රුමේනියානු ජාතිකයෙකු බව පොලිසිය සදහන් කරයි.

මියගොස් ඇති රුමේනියානු සංචාරකයා මොරගල්ල සංචාරක හෝටලයක රැදී සිට ඇති අතර, එම හෝටලය ආසන්න මුහුදේ දියනාමින් සිටියදී අනතුර සිදුව ඇති බව සදහන් වේ.

ඔහු ගොඩගෙන බේරුවල ප්‍රදේශිය රෝහලට රැගෙනවිත් ඇති අතර, ඒ වනවිටත් මියගොස් සිට ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

මෘතදේහය බේරුවල ප්‍රදේශයේ රෝහලේ තැන්පත් කර ඇති බවත්,  පශ්චාත් මරණ පරීක්ෂණය සදහා කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට රැගෙන යාමට නියමිත බවත් සදහන් වේ.

(ඡායාරූපය: සුමිත් පොතුපිටිය)



අදහස් (0)

රුමේනියා සංචාරකයා මුහුදේ ගිලී මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 176 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 155 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site