(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රුමේනියාවේ නව තානාපති කාර්යාලයක් පිහිටුවීමට කටයුතු කරගෙන යන බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීහු ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේදී පැවසූහ.
එම කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්විය.
රුමේනියාවේ සැලකිය යුතු ශ්‍රී ලාංකික ජනගහණයක් ජීවත් වන හෙයින් ඔවුන්ගේ දුක්ගැනවිලි සොයා බැලීමට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් එහි නොමැති වීම නිසා එම ජනතාව බොහෝ අපහසුතාවයන්ට පත්වන බව කමිටුව මෙහිදී පෙන්වා දුන්නේය.
එහිදී නිලධාරීන් ප්‍රකාශ කළේ රුමේනියාවේ තානාපති කාර්යාලයක් පිහිටුවීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවයි. සේවක සංඛ්‍යාව දැනටමත් අනුමත කර ඇති හෙයින් තානාපති කාර්යාලය පිහිටුවීමට කටයුතු කරමින් සිටින බවද ඔවුහු පැවසූහ.
ඒ සම්බන්ධයෙන් ප්‍රමාදයකින් තොරව කටයුතු කරන ලෙස කමිටුව නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
රුමේනියාවට නව තානාපති කාර්යාලයක්
chandima Thursday, 06 April 2023 01:28 PM
අයි.එම්.එෆ් එකේ ණයත් ලැබුනා නේ නේද ?
දාස Thursday, 06 April 2023 03:18 PM
තව පොහොට්ටුවෙ අපතයො රැසකට ජොබ් ටිකක් ලැබෙයි වගේ
chandi Friday, 07 April 2023 05:51 AM
IMF ණය ගෙවන්නේ රුමේනියාවේ ඉන්න ලාංකිකයෝ ඒන සල්ලිවලින් වෙන්න ඇති. ඒහෙම නැති නම් ඇමතියෙකුගේ ළමයෙක් රුමේනියාවට යවන්න ඇති ඉගෙනගන්න.