IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


රාමඤ්ඤ නිකායේ උපසම්පදා මහෝත්සවය රාජ්‍ය අනුග්‍රහයෙන්

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 73 වන උපසම්පදා විනය කර්ම මහෝත්සවය සඳහා පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

රජයක් ලෙස බුදු දහම සුරක්ෂිත කිරීමට බැඳී සිටින බවත් ඒ සඳහා මහා සංඝරත්නය ප්‍රමුඛ සියලු නිකායයන් ශක්තිමත් කිරීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 73 වන උපසම්පදා විනය කර්ම මහෝත්සවය පැවැත්වීම පිළිබඳව අද (24) ජනාධිපති කාර්යාලයේ දී පැවැති සාකච්ඡාවේදීය.

වසර දෙකකට වරක් පැවැත්වෙන මෙම උපසම්පදා විනය කර්ම මහෝත්සවය එළැඹෙන ජූලි 21 වැනිදා සිට 27 දක්වා මාතලේ පුරිජ්ජල ශ්‍රී සංඝබෝධි පිරිවෙන කේන්ද්‍ර කර ගනිමින් මහවැලි ගංගාවට අනුබද්ධ සුදු ගඟ උදකුක්ඛේප සීමා මාලකයේ දී පැවැත්වෙන අතර එහි සමාරම්භක උත්සවය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගීවීමට නියමිතය.

1863 ජුනි මස 13 වැනිදා ගාල්ලේ නදී උදකුක්ඛේප සීමා මාලකයේ දී සිදුකරන ලද උපසම්පදා විනය කර්ම මහෝත්සවය සමඟ රාමඤ්ඤ මහා නිකාය ආරම්භ වූ අතර වසර 160 ක් පුරා පැවති උපසම්පදා විනය කර්ම මහෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදු කෙරිණි.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නිකායාරක්ෂක සභාවේ ප්‍රථම සභාපති ලෙස කටයුතු කරනු ලැබුවේ දිවංගත මහාමාන්‍ය ඩී. එස් සේනානායක මහතායි. ජූලි 21 වන දින මාත‍ලේ සුදු ගඟ උදකුක්ඛේප සීමා මාලකයේ දී සිදු කෙරෙන 73 වන උපසම්පදා විනය කර්ම මහෝත්සවයේ දී සාමණේරයන් වහන්සේලා 200 නමක් උපසම්පදා ශීලයේ පිහිටුවීමට නියමිතය.



අදහස් (2)

රාමඤ්ඤ නිකායේ උපසම්පදා මහෝත්සවය රාජ්‍ය අනුග්‍රහයෙන්

ලුම්බිණි Tuesday, 25 April 2023 05:55 AM

උපසම්පදා, මහන කරවීම් ආදී දේවල් ජනාධිපති යටතේ ඇති අංශයක් මගින් කළා නම් නේද වඩා හොඳ?

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 25 April 2023 09:09 AM

ආගම්වල දේවල් ඒ අයට කරගන්න දීලා රජය රටේ දැවෙන ප්‍රශ්න විසදන්න කාලය වැය කරන්න.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site