IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රුපියල් දහය හබේ පොලීසියටත් යයි

ගාල්ල කොළඹ බසයකට පානදුරයෙන් නැඟුණු මගියෙක් රුපියල් දහයක ප්‍රශ්නයක් මත කොන්දොස්තර සමඟ අවුලක් ඇති කැර ගෙන මොරටුවේදී ටිකට් මැෂිම උදුරාගෙන පොලීසියට ගියේය.

කොන්දොස්තර ද පොලීසියට ගිය පසු  ගැටුම ගොඩින් බේරා පොලීසිය දෙදෙනාටම තරයේ අවවාද කළේය.

 



අදහස් (0)

රුපියල් දහය හබේ පොලීසියටත් යයි

මහින්ද කැලිෆෝර්නිය Wednesday, 08 October 2014 05:09 AM

මේවගේ මිනිස්සු තමයි ලංකාවේ ඉන්න ඕනේ .මුදලට වඩා ප්‍රතිපත්තියට ගරුකරනවා . (අ)

:       0       0

චින්තක Tuesday, 07 October 2014 05:06 PM

මඟියාට දඬුවම් කළයුතුව තිබුනා. මැෂිම උදුරන්නවත් ඒ නිසා අනිත් මඟීන්ගේ ගමන පමාකරන්නවත් ඔහුට බලයක් නැහැ (නි)

:       0       0

මිනිපෙ Tuesday, 07 October 2014 05:17 PM

මනුස්සයෙක් වුණාම ලැජ්ජාවක් ,බයක් හා ආත්ම ගරුත්වයක් තිබිය යුතුයි.අනික තමයි මේ අපි මෙතන ලියන දේවල්,මොවුන් කියවන්නේ නැහැනේ. අපි මේ ලියන දේවලින් සුදුසු දේවල් එදිනෙදා පුවත්පතේ පළකළොත් හොඳ නැද්ද? (නි)

:       0       0

චමින්ද Tuesday, 07 October 2014 11:48 AM

අහන්න දෙයක් නැහැ, පුද්ගලික බස් රථයක් වෙන්න ඇති. (නි)

:       0       0

ගාමිණී සිරිවර්දන Tuesday, 07 October 2014 12:19 PM

ජපානයේ බස් වල කොන්දොස්තරලා නැහැ. රියදුරු අසළ ඇති මැෂින් එකට මුදල් දමා ගමනාන්තයේ අයකරන ගණන ගැසූ විට ටිකට් එකත් ඉතිරි මුදලුත් පිට කරනවා. විදේශිකයෙක් නම් බහින තැන කිවුව විට රියදුරු ඉතා සතුටින් මඟියාට සේවය කර දෙනවා (නි)

:       0       0

ශීලා Tuesday, 07 October 2014 07:19 PM

කොන්දොස්තරගේ ඔලුවට මැෂිමෙන් ගහනවා මම හිටියා නම් (නි)

:       0       0

චමිල Tuesday, 07 October 2014 07:22 PM

රුපියල් දහයක් නෙමෙයි සත දහයක් වුණත් අනුන්ගේ සල්ලි ගන්න කිසිම කෙනකුට බැහැ. මේ මගියාට ගරු කරන්න ඕනෑ. මොකද අපි කරන්නේ, ඔන්න ඔහේ රුපියලක් දෙකක් නේ කියලා කටවහගෙන යන එකනේ (නි)

:       0       0

සමරේ(ගාල්ල) Tuesday, 07 October 2014 12:33 PM

අැත්තමට මම මේ මගියට ආචාර කරනවා ඔහු තනියම කල මේ සටන සමස්ත මගීන් වෙනුවෙන් කල එකක්. මම දවසක් කොළඹ සිට ගාල්ල‍ට යන බසයකදී ටිකට් එකවත් ඉතුරු සල්ලිවත් දුන්නෙ නැහැ. මේ ගැන සිද්දවුණ කතාවෙදි කොන්දොස්තර උත්තමය මාව දෙහිවලින් බැස්සුවා. මම බස් එකෙන් බහිකොට එක මගියෙක්. ටයි එකක් දාපු මහත්තයෙක්/හාමුදුරුසීට් එකේ වාඩිවෙලා හිටියේ කිව්වා. රුපියල් පහ මොකක්ද අයිසේ කියලා. ඒත් ඒ දවස්වල මට රුපියල් පහ කියන්නෙ ගාල්ලේ සිට මගේ ගමට යන බස් එකේ ගණන. (නදී)

:       0       0

ගයාන් Tuesday, 07 October 2014 12:40 PM

පෞද්ගලික බස් වල කොන්දොස්තරලා ඔහොමමයි. රුපියල් නමයේ ටිකට් එකට 10ක් දුන්නොත් ඉතුරු දෙන්නේ නැතුව සද්දෙත් දානවා. ඔය වගේ දේවල් වලට කරන්න තියෙන හොඳම දෙයක් තමා මේ මගියා කරලා තියෙන්නේ. ඔය කොන්දොස්තරලා කියන්නේ බුදු බය කට්ටියක් නීතියට. මගියෙක් දවසක් කොන්දොස්තර කෙනෙකුට නිල ඇඳුම අන්දලා බස් එක යැව්වේ. (නදී)

:       0       0

චමින්ද Tuesday, 07 October 2014 12:47 PM

ලෝකයේ බොහෝ සංවර්ධිත රටවල, බස් රථවල කොදොස්තරලා කියලා කෙනෙක් නැහැ. දුම්රිය වල ගාඩ් මහත්වරුත් නැහැ.කොඩිය වනන්න දුම්රිය ස්ථානාධිපතිවරුත් නැහැ. දුම්රිය රියදුරාම පිටුපස බලන කන්නාඩියෙන් බලලා දුම්රිය ගමන් ආරම්භ කරනවා.මෙම දුම්රිය වේදිකා ඊගහ වගේ තනි කෙළින් සාදා තිබෙන බවත් සඳහන් කළ යුතුයි. (නි)

:       0       0

උපාලි Wednesday, 08 October 2014 12:38 AM

නම නොදන්නා මේ මගියාට මගේ ආචාරය පුදමි. මේක රුපියල් දහය ගැන ප්‍රශ්නයක් නෙමෙයි. අසාධාරණයට විරුද්ධව යුක්තිගරුක පුද්ගලයෙක් කළ සටනක්. ඔහුට ජය වේවා! (නි)

:       0       0

සිල්වා Tuesday, 07 October 2014 01:41 PM

කොහොමත් පුද්ගලික බස් රථ වල ඉතිරි මුදල දෙන්නේ බොහොම අමාරුවෙන්. පොඩි සල්ලි දෙන්නෙම නැහැ (නි)

:       0       0

මාලි Wednesday, 08 October 2014 01:40 AM

පොලිස්කාරයොත් ඔය වැඩේම කරනවානේ තවත් කවර කතාද (නදී)

:       0       0

කුමාරසිංහ Wednesday, 08 October 2014 03:36 AM

බස් මගියාට අපගේ ප්‍රණාමය. බස් මගින් හුරගෙන කන කොන්දොස්තරලට මෙහෙම වෙන්නම ඕන. (නදී)

:       0       0

එරංග විතාරණ Wednesday, 08 October 2014 04:16 AM

විප්ලවයට ජය වේවා (නදී)

:       0       0

දයාරතන Wednesday, 08 October 2014 04:35 AM

කොන්ද පන තියෙන මගීන් තව තවත් බිහිවේවා. (නදී)

:       0       0

රවීන්ද්‍ර Tuesday, 07 October 2014 03:23 PM

දෙන්නටම තරයේ අවවාද කරලද අපේ පොලීසිය ? අපුරුයි .(අ).

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 176 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 156 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site