
(යොහාන් භාසුර)
බෝගම්බර බන්ධනාගාරයේ සිටි සිරකරුවකු පහරදීමෙන් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙක් තුවාල ලබා මහනුවර මහ රෝහලට ඇතුළත් කළ බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ගාමිණී බී දිසානායක මහතා පැවසීය.
බෝගම්බර බන්ධනාගාරයේ රදවා සිටි එම සිරකරුවකු කල්මුනේ මහාධිකරණයේ පවතින නඩුවක් සදහා ඉදිරිපත් කිරීමට බෝගම්බර බන්ධනාගාර නිලධාරීන්ගේ විශේෂ ආරක්ෂණයක් මගින් මඩකලපුව බන්ධනාගාරයවෙත රැගෙන යමින් සිටි බවත් ඒ අතරතුර උඩුදුම්බර ප්‍රදේශයේදී ආරක්ෂණය භාරව ගිය සැරයන් වරයෙකුට හා මාංචු භාර නිලධාරියාට සිරකරු මාංචුවෙන් පහරදීමෙන් තුවාල ලැබූ නිලධාරීන් දෙදෙනා උඩුදුම්බර රෝහල වෙත ඇතුලත් කර තත්වය බරපතල වීම හේතුවෙන් මහනුවර ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත මාරුකළ බවත් ඒ මහතා කීය.
සිද්ධිය වාර්තා වහාම කඩිනමින් බෝගම්බර බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් උඩුදුම්බර පොලිස් ස්ථානය වෙත යොමුකර ආරක්ෂණය නැවත බෝගම්බර බන්ධනාගාරය වෙත ගෙන්වා සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව සිරකරු අධිකරණයවෙත ඉදිරිපත් කිරීම සදහා මඩකලපුව බන්ධනාගාරයවෙත මාරුකිරීමට කටයුතු කළ බවත් ඒ සම්බන්ධයෙන් බෝගම්බර බන්ධනාගාරය විමර්ශන කටයුතු ආරම්භකර ඇති බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
590
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1091
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රැඳවියාගේ පහරදීමෙන් බන්ධනාගාර නිලධාරින් දෙදෙනකු රෝහලේ