රුපියල් දහනම ලක්ෂ තිස්පන්දහසක් වටිනා රන් බිස්කට් හතරක් ගුද මාර්ගයේ සගවාගෙන මෙරටින් පිටවීමට උත්සහ කළ ශ‍්‍රී ලාංකිකයෙකුට රුපියල් දෙලක්ෂ පනස් දහසක දඩ නියම කළ රේගුව එම රන් බිස්කට් හතර රාජ සන්තක කළේය.
මේ පිළිබඳ රේගු පරීක්ෂනය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සරත් බෝපේ ආරච්චි මහතා විසින් අද සිදු කළේය.
මෙසේ දඩ නියම වුයේ කොළඹ ප‍්‍රදේශයේ පදිංචි පනස් අට හැවිරිදි ත‍්‍රීරෝද රථ රියදුරෙකුටය.
රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී පැවසුවේ මෙම පුද්ගලයා මින් පෙර හය වතාවක් පමණ ඉන්දියාවට ගොස් ඇති බවයි. එසේම මීට පෙර අවස්ථාවකදී ද මේ අයුරින්ම රන් ඉන්දියාවට ගෙන ගිය බව මොහු පිළිගෙන ඇත.
අත් අඩංගුවට ගනු ලැබු රන් බිස්කට් වල බර ග‍්‍රෑම් තුන්සිය අසූ හතකි. මෙම රන් බිස්කට් දෙක බැගින් ගම් ටේප් සහ කාබන් කොළ වලින් ඔතා තිබූ බව රේගුව කියයි.
මෙම පුද්ගලයා අද අළුයම හතරට පමණ එයාර් ඉන්ඩියා ගුවන්සේවයට අයත් ගුවන් යානයකින් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ සිටියදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සරත් බෝපේ ආරච්චි මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරී ටී.ඒ පේ‍්‍රමචන්ද්‍ර සහ සහකාර රේගු අධිකාරීවරුන් වන මංජුල ප‍්‍රසාද්, ඒ. ඥානමෝහන්, ආර්.එල්.ඞී රණතුංග, ජේ.ඒ.ඞී.එල් රණසිංහ, ඞී.එම්.එස් කරුණාරත්න, කේ.කේ.ඞී ප‍්‍රියදර්ශනී සහ ඩිලාන් වීරරත්න යන නිලධාරීහු සිදු කළහ.
2025 දෙසැම්බර් මස 18
650
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
316
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රන් දඩය වැඩිකරයි
ධම්ම Monday, 02 December 2013 03:35 PM
ඉන්දියාවට වඩා ලංකාවේ රත්තරන් ලාබද? (ස)
පහන් Monday, 02 December 2013 04:06 PM
මොනාලිසා නියම කතාව ඒ දෙකම නෙමේ ඒක අදායම් මාර්ගය .(නදී)
අමිළ කටුනායක Monday, 02 December 2013 04:07 PM
ඉන්දියාවට රන් යවන්න ඕනේ ඔහොම තමයි. වැදගත් විදියට ඕනේ නැහැ.(නදී)
ටිකිරි බණ්ඩා Monday, 02 December 2013 09:49 PM
මෑතකදී අල්ලා ගත් රත්තරන් ටොන් ගානම ඇති රටේ දුප්පත්කම නැති කරන්න. (නි)
චන්දන ගයාන් Monday, 02 December 2013 04:12 PM
දඩේ මදි හොර වැඩ වලට. (ස)
මහේෂ් Monday, 02 December 2013 04:34 PM
අධෝමාර්ගය = ජීවනමාර්ගය (ස)
නිලන්ති Monday, 02 December 2013 10:49 PM
මේ රන් ගෙනියන්න අවසර දීල බද්දක් අය කලානම් ඉවරනේ. රජයට ආදායම් දෙකයි. රටට ගෙන කොටත් ගෙනියන කොටත් බදු ගන්න පුළුවන්. (අ)
කුමාර Monday, 02 December 2013 05:08 PM
හැමතැනම හොරකම... (නි)
චමත් ඉතාලිය Monday, 02 December 2013 05:50 PM
සමහර අය ගෙනියනවා නේද මීට වඩා? (නි)
සුමංගල Monday, 02 December 2013 06:14 PM
භාණ්ඩ තොගයක් ගබඩා කිරීමට ගබඩා කාමරයක් වුවමනා කර තිබේ. (නි)
චින්තන Monday, 02 December 2013 06:30 PM
මිනිස්සු රත්තරන් ගිිලනවද කියලා බලලා ඉන්නත් ඕනෑ මුලින්ම. (නි)
පිටබැද්දර ජයා Monday, 02 December 2013 01:56 PM
මේවා යවන මිනිසුත් හොයල දඬුවම් කලානම් නියමයි. (ස)
රනිල් Monday, 02 December 2013 01:57 PM
මෙයාගේ ගුද මාර්ගයත් රන් ආලේප වෙලා දිලිසෙනවා ඇති ... (ස)
කුමාරි Monday, 02 December 2013 02:33 PM
කොහොමත් දැන් ඉන්දියන් යන අය අමුතුම පරික්ෂණයකට ලක් කරන්න නම් වෙනවා. (ස)
ශාන්ත - හෝමාගම Monday, 02 December 2013 02:38 PM
ජයාගෙ අදහස හරි. හැමදාම අහුවෙන්නෙ පොඩි මිනිහ විතරයි.ලොක්කො පැත්තක. (ස)
තබුක් සිල්වා Monday, 02 December 2013 02:44 PM
රන් දඩය වැඩි කරයි. කුඩු දඩය අඩු කරයි. (ස)
මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Monday, 02 December 2013 03:10 PM
තබුක් සිල්වා, වැකේෂන් ගිහින් හිටියාද ? (නදී)
පෙරේරා Monday, 02 December 2013 08:31 PM
ඕක නවත්වන්නේ නැහැ. ඉන්දියාව අත දාන්නෙ ඔන්න ඔය වගේ කරුණු කාරණා නිසා. (නි)
මොනාලිසා Monday, 02 December 2013 03:19 PM
අධෝ මාර්ගයේ (ගුදයේ ) කොහොම ගසනවාද මෙපමණ රන් තොගයක් ? මේවා අධෝ මාර්ගද ? අධි වේග මාර්ගද ? කුඩා කල පටන් අධෝ මාර්ගයේ යම් යම් දේවල් දමා පුරුදුවූ කෙනෙක් වෙන්ට ඕනේ. (ස)