IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රන් කෑලි දෙකෙන් විජ්ජාවක් පෙන්නයි

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපෙළේදී  රේගුව විසින් අත්අඩංගුවට ගෙන සිටි  සැකකරුවෙකුගේ ගුද මාර්ගයේ  තිබු රුපියල් ලක්ෂ දහයක් වටිනා  රන් කැබලි දෙකක් ඔහු ඉඳගෙන සිටි පුටුවේ කුෂන් කවරයේ  සිදුරක් තුළ  සගවා තිබියදී   සොයාගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.

රන් කැබලි දෙකෙහි බර ග්‍රෑම් දෙසීයකි.

සැකකරු 36 හැවිරිදි වියේ පසුවන කොළඹ 7 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු ශ්‍රී  ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 307 දරණ ගුවන් යානයෙන් ඉන්දියිවේ චෙන්නායි නුවර සිට   දිවයිනට පැමිණ ඇත.

එම අවස්ථාවේ රේගු නිලධාරීන් විසින් සිරුරේ  ලෝහ  පරික්ෂා කරන යන්ත්‍රයෙන්   සැකකරු පරීක්ෂා කිරීමේදී ඔහුගේ ශරීරයේ යම් ලෝහයක් සගවාගෙන ඇති බවට  zබීෆ්z නාදයෙන් සංඥාවත් නිකුත් වී ඇත.

පසුව ඔහුව මීගමුව රෝහලට රැගෙන ගොස් එක්ස් කිරණ යන්ත්‍රයෙන් පරික්ෂා කරද්දී ඔහුගේ ගුද මාර්ගයේ ගුලියක් වැනි යමක් ඇති බවට තහවුරුකරගෙන ඇත.

ඉන්පසු ඔහු යළි කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට රැගෙන විත් ටික වේලාවක් පුටුවක හිඳුවා රේගුව බාරයේ තබා ගෙන සිට ඔහු ලග ඇති රන් බිස්කට් ඉවතට ගැනීමට යලි ලෝහ පරික්ෂා කරන යන්ත්‍රය ඇල්ලූ විට පෙර ආ zබීෆ්z සංඥාව නිතුත් වී නැත.

මේ සිද්ධිය නිසා රේගු නිලධාරීන් ද කලබල වී ඇති අතර සැකකරු මීගමුව රෝහලට ගෙන ගොස් ආපසු ගෙන ආවේද ඔවුන්ගේ  බාරයේ නිසා ඔහුගේ ගුද මාර්ගයේ තිබු රන් බිස්කට් කෙසේ අතුරුදන් වී දැයි ගැටළු සහගත තත්වයත් පැන නැගී ඇත.

පසුව සැකකරුව සෝදිසි කිරීමේදී ඔහු විසින් පාපෝච්චාරනය කර ඇත්තේ රන් කැබලි  ඔහු ඉඳගෙන සිටි සිටි පුටවෙහි  කුෂන් කවරය තුළ හිල් කර එහි සැගනු බවයි.

රේගුව පවසන්නේ සැකකරු හැම විටම සාක්කු දෙකට තම දෑත් ඇතුලූ කරගෙන සිටි බවයි.

මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක ඒ.කේ.එන් වික්‍රමසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ රේගු අධිකාරී තිස්ස ප්‍රියන්ත ද සිල්වා, නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන සරත් අතුකෝරල, පී.එච්.යු.අයි විෙජ්පාල සහකාර රේගු අධිකාරීවරුන් වන ලක්ෂමන් වනිගසිංහ, රුවන් රත්නායක, මධුෂංක විජේවර්ධණ, මංජුල ප්‍රසාද් යන් නිලධාරීහු සිදු කරති.


 

 



අදහස් (0)

රන් කෑලි දෙකෙන් විජ්ජාවක් පෙන්නයි

ලංකා Wednesday, 01 October 2014 05:51 PM

අධෝ මාර්ගය ආදායම් මාර්ගයක් කරගෙන වගෙයි. (නි)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන Wednesday, 01 October 2014 05:54 PM

මෙයා නම් පුදුම වැඩකාරයෙක්! (නි)

:       0       0

ප්‍රියාල් Wednesday, 01 October 2014 07:28 PM

කොළඹ හතේ වැඩක්නේ කරලා තියෙන්නේ (නි)

:       0       0

නිල්මිණි Wednesday, 01 October 2014 07:39 PM

රේගු නිළධාරීන්ටත් කරන්න වෙන රාජකාරි? අනේ හැබෑට! (නි)

:       0       0

හසන්ත Thursday, 02 October 2014 12:17 AM

මොකක්ද දන්නෙ නැහැ ඇත්තටම සිද්ධවෙලා තියෙන්නේ? හිතාගන්න අමාරුයි (නි)

:       0       0

ඇසළ Thursday, 02 October 2014 02:20 AM

අධිවේගී මාර්ගයටත් වැඩිය ලොකු මාර්ගයක්නේ මේක. හරි මාර්ගයකින් මුදල් හොයන්න මේ කපටි මොළ පාවිච්චි කරනවා නම් කොච්චර හොඳද? (නි)

:       0       0

ටෙක්ලා Thursday, 02 October 2014 03:02 AM

එතකොට මේ අපි පළදින්නේ ගුද මාර්ගයේ ගෙනා රත්තරන්ද? (නි)

:       0       0

මනෝජ් -සාජා Thursday, 02 October 2014 03:09 AM

වෙන්න පුළුවන් ටෙක්ලා (නි)

:       0       0

කීර්ති Thursday, 02 October 2014 03:37 AM

"එතකොට මේ අපි පළදින්නේ ගුද මාර්ගයේ ගෙනා රත්තරන්ද? " ඇත්තෙන්ම දවසේ කියමන මෙය නොවේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 193 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site