IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


රන් අදින උපක්‍රමය වෙනස් කරයි

ඉන්දියා රුපියල් පන් දහස බැගින් වූ  මුදල් කොන්ත‍්‍රාත්තු  මත රත්තරන් කැබලි 10 ය බැගින් ගිල දැමූ බව කියන  ඉන්දියානු ජාතිකයන් දෙදෙනකු චෙන්නායි නුවර බලා යාමට  කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ සිටියදී    අත්අඩංගුවට ගත් බව  රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කියයි.

සැකකරුවෝ වයස අවුරුදු 46 හා 40 වියැති ඉන්දියාවේ චෙන්නායි නුවර පදිංචි කරුවෝ වෙති.  ඔවුන් නිතර නිතර ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව අතර යාම් ඊම් කරන බව රේගුව කියයි.

 අද අළුයම චෙන්නායි බලා යාමට කටුනායකට පැමිණ සිටියදී රේගු නිලධාරීන් විසින්  සැකපිට අත්අඩංගුවට ගෙන එක්ස් කිරන පරීක්ෂණයකට යොමු කොට ඇති අතර එහිදී  බඩෙහි යමක් ඇති බවට සලකුණු වී ඇත.

පසුව රේගු නිලධාරීන් විසින් දිගින් දිගටම ප‍්‍රශ්න කිරීමේදී  තමන් රත්තරන් ගිල දමා පැමිණි බව ඔවුන් දෙදෙනාම පිළිගෙන ඇත.

රේගු මාධ්‍ය ප‍්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා මොවුන් දෙදෙනාගෙන් වෙනම වෙනම ප‍්‍රශ්ණ කොට ඇති අතර එහිදි මින් එක් අයෙකු පවසා ඇත්තේ තමන්  පෙරේදා ශ‍්‍රී ලංකාවට පැමිණි බවත් යලි ඉන්දියාව බලා යාමට  කොළඹ  සිට කටුනායක බලා  පැමිනෙද්දී බස් රථයේදී  හමුවූ තවත් ඉන්දියානු ජාතිකයෙක් විසින් මෙම රන් කැබලි ලබා දුන් බවත් බස් රථයේදී වතුර බිබී රන් කැබිලි එකින් එක ගිල දැමූ බවයි.

ඔහුට දරුවන් දෙදෙනෙකු සිටින බවත් ඉන්දියානු රුපියල් පන්දහසක මුදල් කොන්ත‍්‍රාත්තුවකට මෙය බාරගත් බවත් පවසා ඇත.

අනෙකා පවසා ඇත්තේ තමන්  ඊයේ අළුයම මෙරටට පැමිණි බවත්  ඇවරිවත්ත ප‍්‍රදේශයේදී තවත් ඉන්දියානු ජාතිකයෙක් විසින් මෙම රන් කැබිල ලබා දුන් බවයි. පසුව එම් ස්ථානයේදීම  වතුර බිබී  ගිල දැමූ බවත් ආපසු ඉන්දියාව බලා යාමට ගුවන්තොටපොළට පැමිණි බවත්ය.

 ඉන්දියානු රුපියල් පන්දහස බැගින් වූ මුදල් කොන්ත‍්‍රාත්තුව  මත මෙම රන් කැබලි ගිල දැමූ බවත් තමන්ට කුඩා දරුවන් දෙදෙනා බැගින් සිටින බැවින්  බන්ධනාගාර  ගත නොකරන ලෙසත්  රන් කැබලි ආපසු ලබා දෙන බවත් මොවුන් දෙදෙනොම හඩමින්  පවසා ඇත.

මේ වන විට රේගු නිලධාරීන් විසින්  රන් කැබලි ලබා ගැනීම සඳහා  ඔවුන්ට කෙසෙල් ගෙඩි ඇතුළු දියරමය ආහාර පාන ලබා දෙමින් රේගු බාරයේ රඳවාගෙන සිටින අතර  සවස් වන විට  අදිකරණ නියෝග මත මීගමුව රෝහලට ඇතුලත් කිරිමට නියමිතව ඇත.

මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොල රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ සහකාර රේගු අධිකාරීවරුන් වන  එම්.ඒ අරුණ ශාන්ත, එම්.ඒ.ඹ් ප‍්‍රනාන්දු, එල්.ආර් නානායක්කාර, අයි.එම්.එල් දුෂ්‍යන්ත, එස්.යූ ලොකු බාලසූරිය, ටී.එල් සමරවීර යන නිලධාරීහු  සිදුකරති.

 



අදහස් (0)

රන් අදින උපක්‍රමය වෙනස් කරයි

අමාලි සිල්වා Sunday, 06 October 2013 03:24 PM

කොහෙන් ගිල්ලත් ගන්න වෙන්නේ පශ්චාත් බගයෙන්ම තමා . ගුද මාර්ගයේ ගසා යෑම වෙනස් කර රන් කැබලි ගිල දමා ගෙන යාම . අපේ රේගු නිලදාරින්ට බොහෝ ස්තුතියි . මේ ඉන්දියානු හොරුන් අල්ලා නීතියට ගෙනාවට . රේගු නිලදරින්ට සහයට ගුද මාර්ගය හරහා වස්ති කරන වේද මහතෙකු යොදවන්න පහසුවට. .(නදී)

:       0       0

ප්‍රෂ්ප කුමාර Sunday, 06 October 2013 10:44 PM

මේ හොයාගන්න රන් අයිති වෙන්නේ කාටද? (නදී)

:       0       0

චමත් ඉතාලිය Sunday, 06 October 2013 03:58 PM

අමාලි ... මම හිතනවා ඔයාට පුළුවන් වෙය් රේගුවට වෙද මහත්තයෙක් හොයල දෙන්න ... අපේ රේගුවේ නිලධාරීන් දක්ෂයි එයාලට අපේ සුභ පැතුම්....(නදී)

:       0       0

ජානි Monday, 07 October 2013 12:34 AM

බලාගෙන යනකොට ඉන්දියාවෙන් හැම දෙයක්ම කුලියට ගන්න පුළුවන්නේ. (නි)

:       0       0

ධම්ම Sunday, 06 October 2013 05:12 PM

ඕවා උණ්ඩුකපුච්චයට ගියොත් ආයේ නම් එළියට ගන්නවා බොරු, සැත්කමක් නොකර..(නදී)

:       0       0

ජානි Monday, 07 October 2013 12:42 AM

මං අහලා තියෙනවා අරළු පෙති වලට බඩ බුරුල් වෙනවා කියලා.කෙසෙල් ගෙඩිත් එක්ක අරළු පෙත්තක් දුන්නා නම් ඒකත් හොඳ වස්තියක්.වස්තියෙන් පසු රන් කැබලි වෙන් කර සෝදා පිරිසිදු කිරීම රන් ගිලපු අය ලවාම කරවනවා නම් වඩාත් හොඳ යැයි සිතේ. (නි)

:       0       0

උපාලි Monday, 07 October 2013 01:05 AM

මං එදත් කිව්වනේ රේගු මහත්තුරු වැරදි විදිහට කියලා වැඩේ කරන්නේ (නි)

:       0       0

ගබන් Monday, 07 October 2013 04:06 AM

ඉන්දියන් රුපියල් 5000 කට මේක කළේ. මේ තරම් පුංචි මුදලකට වැඩ කරන මිනිසුන්ගේ ආරථික තත්වය කොහොමද? ප්‍රධාන ගැටලුව වෙන්නේ මෙවැනි ඉතා දුර්වල ආර්ථික තත්ත්වයක් ඇති මිනිසුන්ට වීසා ලැබෙන්නේ කෙසේද යන්නයි. එපමණක් නොවේ ඔවුන් නිතර නිතර ලංකාවට යන එන අයයි. නැවතත් ඇසීමට ඇත්තේ කුමන පදනමක් යටතේ මොවුනට වීසා ලබාදුන්නේද යන්නයි. (නි)

:       0       0

ගුණේ Monday, 07 October 2013 11:40 AM

රන් බිජු දමන ඉන්දු කැකුලෝ! (ස)

:       0       0

ලලිත් අෙපාන්සු Sunday, 06 October 2013 07:11 PM

‍මේවාට සම්බන්ද වන නිදැල්ලේ හැසිරෙන තොරුන් අල්ලගන්න බැරි ඇයි?(නදී)

:       0       0

ගජමෑන් Sunday, 06 October 2013 07:17 PM

"ඉන්දියන් පස්සවල් කුලියට දීමට තිබේ. අය කිරීම රුපියල් 5000 යි." කියල බෝඩ් එකක් ගහලා ඇති චෙන්නායි නුවර. රත්තරන් හිර වෙලා එකෙක් මරුන දාට කව්රුවත් නැති වෙයි?.(නදී)

:       0       0

ලක්ෂ්මන් Monday, 07 October 2013 06:02 AM

පුෂ්ප කුමාර, මේ රන් අයිති වෙන්නේ කාටද කියන එක ඔයාට ප්‍රශ්නයක් නේද??? දැන් ඒවා ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. (නි)

:       0       0

පෙරේරා Monday, 07 October 2013 06:56 AM

වැඩි වෙනසක් නැහැ. වෙනස් තැන් වලින් දාගත්තට එලියට එන්නේ එකම තැනින්මනේ. (නි)

:       0       0

පිටබැද්දර ජයා Monday, 07 October 2013 07:25 AM

පුෂ්ප කුමාර , කොටින්ගේ රත්තරන් ගත්ත අය වෙන්න ඇති මේවා ගේත් අයිතිකාරයෝ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site