අර්බුදයට ලක්වූ පොලිස් පිල හා යුද හමුදා පිල අතර තරගයේ ජයග‍්‍රහණය යුද හමුදා පිලට ප‍්‍රදානය කිරීමට ගත් තීරණයත් සමග එෆ්.ඒ. කුසලාන පාපන්දු තරගාවලියේ යුද හමුදා පිල හා රිනවුන් පිල අතර දෙවැනි අවසන් පූර්ව තරගය අද (8) පස්වරු 3.30ට සිටිලීග් පිටියේදී පැවැත්වේ. එම තරගයේ ජයග‍්‍රහණය ලබන කණ්ඩායම හා නාවික හමුදා කණ්ඩායම අතර තරගාවලියේ අවසන් මහා තරගය නාවලපිටිය ජයතිලක ක‍්‍රීඩාංගණයේ දී පැවැත්වීමට පාපන්දු සම්මේලනය අපේක්ෂා කරයි. කෙසේ වුවත් අවසන් මහා තරගය මෙම 18 වැනිදා නාවලපිටියේදී පැවැත්වීමට කලින් නියම කර ගත්තත් එය කල්දැමීමට සිදුව ඇතැයි පාපන්දු සම්මේලනයේ මාධ්‍ය අධ්‍යක්ෂ රුක්මාල් පෙරේරා මහතා ලංකාදීපයට පැවැසීය. යුද හමුදා කණ්ඩායම ගිය වර තරගාවලියේ ශූරතාව දිනා ගත් කණ්ඩායමයි. ඔවුන්ට අද මුණ ගැසෙන රිනවුන් ක‍්‍රීඩා සමාජය 2003 වසරේදී අවසන් වරට එෆ්.ඒ. කුසලාන දිනා තිබේ. දැනටමත් අවසන් මහා තරගයට එක් පසෙකින් තේරී සිටින නාවික හමුදා කණ්ඩායම වසර 2010දී කුසලාන දිනා ගැනීමට සමත්ව තිබේ. ඔවුන් අවසන් පූර්ව තරගයේදී ප‍්‍රබල රත්නම් කණ්ඩායම පරාජය කිරීමට සමත් විය. රත්නම් කණ්ඩායම පස් වතාවක් එෆ්.ඒ. කුසලාන දිනාගත් කණ්ඩායමයි. අර්බුදයට ලක්වූ පොලිස් - යුද හමුදා සිවුවැනි අර්ධ අවසන් පූර්ව තරගයේ ජයග‍්‍රහණය යුද හමුදා පිලට ප‍්‍රදානය කිරීමට ගත් තීරණයට එරෙහිව පොලිස් පිල ක‍්‍රීඩා ඇමති වෙත ගොනු කළ විරෝධතාවයක් ද ප‍්‍රතික්ෂේප විය. 65 වැනි විනාඩියේදී අත්හිටුවීමට සිදුවූ තරගය නැවැත එතැන් සිට පවත්වාගෙන යාමට පාපන්දු සම්මේලනය ගත් තීරණය පොලිස් පිල අභියෝගයට ලක් කරමින් ක‍්‍රීඩා ඇමැතිවරයාට පැමිණිලි කර සිටියේය. ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට ත‍්‍රි පුද්ගල කමිටුවක්ද ඇමැතිවරයා පත් කළ අතර ඔවුන්ගේ තීරණය වී ඇත්තේ පාපන්දු සම්මේලනය ඒ සම්බන්ධයෙන් කටයුතු කර තිබෙන ආකාරය ගැන සෑහීමකට පත්වන බවත් තරගයේ ජයග‍්‍රහණය යුද හමුදා කණ්ඩායමට පිරිනැමීමට නිර්දේශ කෙරෙන බවත් ය. කෙසේ වුවත් පොලිස් ක‍්‍රීඩා සමාජයේ පැමිණිල්ලට අනුව ක‍්‍රියාත්මක වූ ක‍්‍රීඩා ඇමැතිවරයා යුද හමුදා පිල හා රිනවුන් පිල අතර පසුගිය සෙනසුරාදා (4) පැවැත්වීමට යොදාගෙන තිබූ අවසන් පූර්ව තරගය අත්හිටුවීමට නියම කළේ ය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රිනවුන් - යුද හමුදා අවසන් පූර්ව තරගය අද