IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


රනිල් ඡන්දය ප්‍රකාශ කරයි

(අංජුල මහික වීරරත්න)

ජනතාවට ඡන්ද එපාවෙලා නැහැ.ඡන්ද දායකයන්ගෙන් අහන්න .මම එක්කෙනෙක් විතරයි යැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ කොලේජ් හවුස් හිදී පළාත් පාලන මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් පැවසීය.

හිටපු ජනාධිපතිවරයා මේ බව කීවේ ඡන්දය ප්‍රකාශ කරන ප්‍රතිශතය අඩුවෙනු ඇතැයි ඔබ සිතන්නේ ඇයි?ජනතාවට ඡන්දය එපා වෙලාදැයි මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
එහිදී හිටපු ජනාධිපතිවරයා මෙසේද කීය.

බොහෝ විට උදේ වරුවේ තිබුනේ 9-10%ක ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතයක්.උදේ සහ දවල් තමයි වැඩිම පිරිසක් ඡන්ද ප්‍රකාශ කරන්නේ. දවල්ට යම් පිරිසක් ඡන්දය දීමට එනු ඇතැයි  මම බලාපොරොත්තු වෙනවා.

ප්‍රශ්නය:-

පළාත් පාලන මැතිවරණයේ ඡන්දය දෙන ප්‍රතිශතය අඩු වෙනු ඇතැයි ඔබ සිතනවාද?

පිළිතුර:-

මම විතරක් නෙමෙයි ගොඩක් අය ඒක කියනවා.

ප්‍රශ්නය:-

ගොඩක් තැන් වල මැතිවරණයට උනන්දුවක් තියෙන අයුරු අප දුටුවා.

පිළිතුර:-

සමහර තැන් වල උනන්දුවක් තියෙනවා. අපේක්ෂකයන් 75000ක් ඉන්නවා.ඡන්ද දායකයන් මිලියන 17ට, එනම් හැම දෙසීයකටම එක් අපේක්ෂකයෙක් ඉන්නවා.මට එන ආරංචි හැටියට පෞද්ගලිකව අපේක්ෂකයන් සඳහා කැමති අය ඡන්දය පාවිච්චි කරන්න එනවා.සමහර තැන්වල අඩුයි, සමහර තැන් වල වැඩියි.

(ඡායාරූප: ගයාන් අමරසේකර)



අදහස් (1)

රනිල් ඡන්දය ප්‍රකාශ කරයි

Hareen Tuesday, 06 May 2025 10:55 PM

හරකෙක් තණකොළ කනවා දාන්නකෝ..මේ එලොවටවත්ව මෙලොවටවත්ල වැඩක් නැති වලපයයි ගොඩ පයයි සීයගෙ ඒවා දාන්නේ නැතුව

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 482 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site