අපොස උසස් පෙළ විභාගයේ අර්බුද සම්බන්ධයෙන් තේරීම් කාරක සභාවක් පත් කරන්නැයි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද ඉල්ලා සිටියේය. අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා එය ප්‍රතික්ෂේප කෙළේය. එවැනි කාරක සභාවක් පත්කිරීමේ කිසිම අවශ්‍යතාවක් නැතැයි ඇමැතිවරයා කීවේය. තමා අධ්‍යාපන ඇමැති ලෙස කටයුතු කරන කාලයේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍රයක් පිටවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එවකට සිටි විභාග කොමසාරිස්වරයකු වරද පිළිගෙන සේවයෙන් ඉවත් වූ බව විපක්ෂ නායකවරයා සඳහන් කෙළේය. ඉසෙඩ් කෝර් ක්‍රමයෙන් සිසුනට සිදුවන අයහපත පිළිබඳව සලකා තම රජය එදා එම ක්‍රමය ඉවත් කිරීමට පියවර ගනිමින් සිටයදී එම රජය ප්‍රජාත්නත්‍ර විරෝධී ආකාරයෙන් විසුරුවා හැරීම නිසා එය ක්‍රියාත්මක කළ නොහැකි වූ බව ද වික්‍රමසිංහ මහතා කීය.
2025 නොවැම්බර් මස 04
692
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2360
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1732
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රනිල් ඉල්ලූ කමිටුවට ඇමැති බෑ කියයි
සමන් Tuesday, 17 January 2012 11:00 PM
රජය ශිෂ්‍යයන්ගෙන් සමාව ගන්න ඕන කළ වැරදීමට..
සුදත් Wednesday, 18 January 2012 08:09 AM
ප්‍රතිඵල අවුල විසදීමට ජනපති විද්වත් කමිටුවක් පත් කරන්නත් වුනානම් තේරීම් කාරක සභාවක අවශ්‍යතාවයක් නැතැයි කියන්නෙ කොහොමද? විභාගෙ කල ළමයි විතරක් නෙමේ කරන්න ඉන්න අයත් මේ අවුලෙන් අසහනයට පත් වෙලා කියල මේ ඇමතිතුමාට තේරෙන්නෙ නැද්ද?