(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)
තමන්ට එරෙහිව දේශපාලන පළිගැනීම් පිළිබද ජනාධිපති කොමිසමින් කර ඇති නිර්දේශයන් බලරහිත කරන ලෙස ඉල්ලා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගොනුකර තිබූ රිට් පෙත්සමේ වගඋත්තරකරුවකු වශයෙන් ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ඇතුළත් කිරිමට අභියාචනාධිකරණය පෙත්සම්කරුට අද (08) අවසර ලබා දුන්නේය.
ඒ අනුව, එම පෙත්සමෙහි කරුණු තහවුරු කර ගැනීම සදහා ලබන මැයි මස 14 වැනිදා යළි නඩුව කැදවීමට ද අභියාචනාධිකරණය නියෝග කළේය.
නිශ්ශංක බන්දුල කරුණාරත්න, ඩී. එම්. සමරකෝන් සහ ලෆාර් තාහීර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම අද (08) යළි කැදවිණී.
පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, ජනාධිපති නිතීඥ ජේ. සී. වැලිඅමුණ යන මහත්වරුන් විසින් ගොනු කරනු ලැබ ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් දේශපාලන පලිගැනීම් පිළිබද සොයා බලන ජනාධිපති කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා, හිටපු අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍රසිරි ජයතිලක, හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතා ඇතුලු පිරිසක් නම් කරනු ලැබ ඇත.
දේශපාලන පළිගැනීම් සොයා බැලීම පිළීබද ජනාධිපති කොමිසම තමන් සම්බන්ධයෙන් සිදුකළ නිර්දේශයන් බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත්, තමන්ට එම කොමිසම හමුවේ පෙනී සිටීම වළකාලමින් අතුරු නියෝගයක් ද නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
රනිල්ගේ පෙත්සමට වගඋත්තරකරුවකු ලෙස ජනාධිපති ලේකම් ගාමිණී ඇතුළත් කිරීමට අවසර