IMG-LOGO

රනිල්ගෙ කතාවට රොටරි සමුළුවේ ප්‍රීති ඝෝෂා

අන්තර්ජාතික රොටරි සංගමයේ ගොයැන්ග් සි සමුළුවේ මුඛ්‍ය දේශනය පැවැත්වීමේ භාග්‍යය රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා අගමැතිට හිමිවිය.

ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයකු වන කේ.ආර්.රවීන්ද්‍රන් මහතා අන්තර්ජාතික රොටරි සංගමයේ සභාපතිවරයාය.

රටවල් සියයක 42,000 කට වැඩි සාමාජිකයෝ සමුළුවට සහභාගී වෙති.

කොළඹ රොටරි සංගමයේ සභාපතිවරයා ලෙස රවීන්ද්‍රන් මහතා එක්සත් ජාතීන්ගේ යුනිසෙෆ් සංවිධානය සහ ශ්‍රීලංකා රජය සමග එක්ව පෝලියෝ වසංගතය ශ්‍රී ලංකාවෙන් පිටුදැකීමට ගත් මෙහෙවර ශ්‍රී ලංකා අගමැති සමුළුවේදී අගය කළේය.

ශ්‍රී ලංකාවේ වත්මන් ‍තත්ත්වය අළලා ඔහු කළ කතාව අවසානයේ සමුළු ශාලාවේ රැස්ව සිටි පිරිස නැගිට අත්පොලසන් දුන්හ.

මද වේලාවක් එම අත්පොලසන් හඩින් සමුළුහල දෝංකාර දුනි.

අගමැතිගේ කතාව අවසානයේ ශ්‍රී ලංකා ජාතික ගීයද , කොරියා ජාතික ගීයද වාදනය කැරිණි.

50,000 කට ආසන පහසුකම් ඇති මෙම සමුළුහල පිහිටියේ සෝල් අගනුවරට උතුරිනි.

 

 



අදහස් (0)

රනිල්ගෙ කතාවට රොටරි සමුළුවේ ප්‍රීති ඝෝෂා

සුජීව (ජර්මනි ) Sunday, 29 May 2016 11:55 AM

සුබ පැතුම් රනිල් වික්‍රමසිංහ මහත්තයෝ (ම)

:       0       0

සමන්ත Tuesday, 31 May 2016 02:27 AM

බඩු මිල අඩු කරන්න යන හැඟීම මටත් දැනුනා. ඉතින් මමත් අත්පුඩි ගැහුවා. (නි)

:       0       0

තබුක් සිල්වා Monday, 30 May 2016 07:33 AM

රටට අවශ්‍ය වෙනේ ජාත්‍යන්තරය ජයගන්න පුළුවන් උගත් අය මිස රජ ඔට්ටුනු පළදින රජ වරු නොවේ (ම)

:       0       0

දුන්හිද Monday, 30 May 2016 09:11 AM

ඔන්න කිව්වා කතාවක්, සදරුවන්. (බ)

:       0       0

ගවුස් Sunday, 29 May 2016 07:16 PM

රනිල්ගේ කතාව අපේ මිනිසුන්ට තේරෙන්නේ නැති වුණාට ඒක තේරුම්ගන්න පුළුවන් මිනිස්සු මුළු ලෝකයේම ඉන්නවා (ම)

:       0       0

සුමල් Monday, 30 May 2016 12:45 AM

ජය වේවා (ම)

:       0       0

සඳරුවන් Monday, 30 May 2016 01:34 AM

සමහර විට කතාව ඉවර වුණ සන්තෝශයට ද දන්නේ නෑනේ (ම)

:       0       0

කමනි Monday, 30 May 2016 02:31 AM

බලය ඇතිදාට අත්පුඩි ගහන්ට, උතුමාණෙනි, රජතුමනි, මැඩම්, බේබි කියා අමතවාගන්ට , සෙරප්පු සුප් බොන්න කැමති අය අඩුවක් නැහැ. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 163 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 472 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 72 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site