රන්බීර් කපූර් හා කත්‍රිනා කයිෆ් කියන්නේ පසුගිය අවුරුදු දෙක තුන තුළ බොලිවුඩයේ බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වූ සිනමා පෙම්වතුන් යුවළක්. ඊයේ දිනයේදී (මාර්තු 10 වැනිදා) රන්බීර්, කත්‍රිනා දෙන්නා නැවතත් සිය කලා කටයුතු සඳහා සහභාගී වෙලා. ඒ අනුරාග් බාසු විසින් අධ්‍යක්ෂණය කරන "ජග්ගා ජාසස්" චිත්‍රපටයේ අවසන් රූපගත කිරීම් කිහිපය සඳහා. මේ අවුරුද්දේ ජුලී මාසයේ මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කරලා තියෙන හින්දා "ජග්ගා ජාසස්" චිත්‍රපටයේ වැඩ නිම කරන්නට චිත්‍රපට කණ්ඩායම මේ දිනවල ගොඩක් මහන්සි වෙනවා කියලා ආරංචියි.
ඒ හින්දා තමන් භාරගත්තු වැඩ ටික ඉවර කරන්න කියලා රන්බීර් වගේම කත්‍රිනාත් දකුණු අප්‍රිකාවේ කේප්ටවුන්වල ඉන්න මේ චිත්‍රපට කණ්ඩායමට එකතු වෙලා දැන් වැඩ කරනවාලු. ඒත්, දෙන්නා එකිනෙකාගේ මුහුණවත් නොබලමින් වැඩ කරනවා කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. මේ චිත්‍රපටයේ වැඩ ආරම්භ කරපු දවස්වල් නම් රන්බීර් එක්ක කත්‍රිනා කිරි-පැණියි වගේ හිටියේ. ඒත්, ඉතින් දැන් මේ දෙන්නාගේ ප්‍රේම සම්බන්ධය නවත්වලා හින්දා රන්බීර් මුණගැහෙන හැම වෙලාවෙම කත්‍රිනා මූණ අනෙක් පැත්තකට කරගෙන රන්බීර්ගේ කතාවලට උත්තර දෙනවා කියලා තමයි අන්තර්ජාලයේ සඳහන් වෙන්නේ.
බුද්ධික සේනාධීර
2025 දෙසැම්බර් මස 18
650
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
316
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රන්බීර්, කත්‍රිනා මෙච්චර තරහද?