IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


රන්ජන්ට නිදහස ?

(අංජුල මහික වීරරත්න)

සිරගතව සිටින රන්ජන් රාමනායක මහතා නිදහස් කිරීම සඳහා සියලු කටයුතු සම්බන්ධීකරණය කරන ලෙස වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට උපදෙස් දුන්නේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන මහත්වරුන් වැඩබලන ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව වැඩබලන ජනාධිපතිවරයා අධිකරණ ඇමතිවරයාට අදාළ උපදෙස් ලබා දී ඇත.

මෙහිදී වැඩබලන ජනාධිපති වරයා  පවසා ඇත්තේ අවශ්‍ය ලිපි ලේඛන සකස් කොට නීතිපතිවරයාට සහ අගවිනිසුරුවරයා ට බාර දෙන ලෙසයි.

ඒ අනුව ඉතා කඩිනමින් රන්ජන් රාමනායක මහතාට නිදහස ලැබෙනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.



අදහස් (20)

රන්ජන්ට නිදහස ?

Rexi Saturday, 16 July 2022 02:03 PM

මේක අල්ලස් හෝ දූෂණ කමිෂන් එක විසින් විභාග කළ යුතුය. රංජන්ට නිදහස ලැබිය යුතු නමුත් රනිල් විසින් කරන්න උත්සාහ කරන්නේ ඔහු වැඩබලන ජනාධිපති තනතුරේ ඉඳගෙන ඊළඟ ජනාධිපති වීමට ඡන්දයක් ඉල්ලන අවස්ථාවේ මේක ඔහුගේ ඡන්දයට විශාල බලපෑමක් කළ හැකි දෙයක්... එබැවින් මේක අනිවාර්යයෙන්ම පරීක්ෂන කළ යුතුයි.

:       34       130

lakvidu Saturday, 16 July 2022 02:13 PM

අපරාදෙ කියන්න බැහැ... තමතමන්ගේ හිරකාරයින් නිදහස් කරගන්න එක නම් හැම ජනාධිපතිම අඩු නැතිව කරගන්නවා.

:       8       67

Saradiyal Saturday, 16 July 2022 03:24 PM

ඒක හොඳයි... මිනිස්සුන්ගේ හදවතේ ඉන්න වීරයෙක් තමයි.. රංජන් රනිල්ට ආවතේවවත් කරන්න පුළුවන් නම් හොඳයි...

:       53       14

සුදු ඇඳගෙන කලු ඇවිදින් Saturday, 16 July 2022 03:31 PM

වැඩබලන ජනාධිපති කියන්නේ පූර්ණ බලය සහිත කියන එක නෙමෙයි. මේ වෙලාවේ ඔහුගේ කාර්යය විය යුත්තේ පවතින ව්‍යාකූල තත්වය පාලනය කිරිම මිස වෙනත් කරුණුවලට ප්‍රමුඛත්වය දීම නොවේ...

:       18       65

harsha sampath Saturday, 16 July 2022 04:24 PM

රංජන් මහතා නිදහස් කිරීම ඉතාම ඉතාම හොඳ වැඩක්...

:       53       29

Toni Saturday, 16 July 2022 04:35 PM

ලංකාවේ මිනිස්සු රැවටිලා ඉන්න තවත් එක හිස් බඳුනක් තමයි රංජන් කියන්නේ... කවදාවත් ලංකාවේ මිනිස්සු හැදෙන්නේ නැහැ. කාලයක් තාප්පවල චිත්‍ර ඇන්දා. දැන් තව එකක්...

:       12       78

BTSaturday, 16 July 2022 07:16 PM

තාප්පවල ඇඳපු චිත්‍රවලිනුත් බහුතරයක් අනුකරණ මිස ඇඳපු අයගේ සංකල්ප නොවේ. තමන්ගේම නිර්මාණයක් අඳින්න කියලා ඉල්ලීම් එනකොට චිත්‍ර අඳින උණ නිකම්ම බැහැලා ගියා...!

:       0       0

Nimal Saturday, 16 July 2022 05:11 PM

රන්ජන් රාමනායක නිදහස් කළයුතු නිදහස් වීම අප සැමගේ බලපොරොත්තුව නමුත්, මින් ඉදිරියට අධිකරණයකින් වරදකරුවන්වූ කිසිවකු ජනාධිපතිවරයා විසින් නිදොස්කර නිදහස් කිරීම රටක නායකයකු විසින් නොකළ යුතුවේ. එසේ එක පුද්ගලයකු වෙනුවෙන් රටේ නායකයා මැදිහත් වන්නේ නම් / නිදහස් කරන්නේ නම් අනෙක් වරදකරුවන් හටද සාධාරණත්වයක් ඉටුවිය යුතුවේ. සැමට නීතිය ක්‍රියාත්මක කරන්නේ නම් සෑම සිරකරුවකුම මනුෂ්‍යයකු වශයෙන් සැලකීමක් කරන්නේ නම් එක පුදගලයකු වෙනුවෙන් නීතිය වෙනස් කිරීමක් හෝ නීතිය නැවීමක් නොකළ යුතුවේ. ජනප්‍රිය පුද්ගලයකු නිසාවෙන් එක සිරකරුවකුට එසේ නොකළ යුතුවේ. රන්ජන් රාමනායක නිදහස් වීමට අවශ්‍ය නම්, ඔහු වැරැදි කර නැතිනම් ඔහු නිවැරැදි පුද්ගලයකු වශයෙන් සිරගත කර තිබේ නම් ඔහුගේ නීතිවේදීන් මේ පිළිබඳව සොයාබලා කටයුතු කළ යුතුවේ. දේශපාලනය, දේශපාලන නායකයන් අධිකරණ කටයුතු සඳහා මැදිහත් නොවිය යුතුවේ.

:       54       12

nimalSaturday, 16 July 2022 08:00 PM

බහුතර ජනතාව දූෂිත දේශපාලනය සහ අධිකරණය, පොලිසිය, දේශපාලනීකරණය වී ඇතිබව දැඩි ලෙස විවේචනය කරමින් එයට විරුද්ධව අදහස් ප්‍රකාශ කරමින් සිටින අතරම සහ රන්ජන් රාමනායක නිදහස් කරගැනීමට රටේ නායකයා හෝ දේශපාලන මැදිහත් වීමකින් ඉල්ලා සිටීම පවතින දුෂිත දේශපාලන ක්‍රමය අනුමත කිරීමකි. දේශපාලන මැදිහත්වීමක් මගින් රන්ජන් රාමනායක නිදහස් වුවහොත් ඔහුගේ දේශපාලන අනාගතය දැඩි විවේචනයට ලක්වන බව ඔහු තේරුම් ගත යුතුවේ. මෙම අදහස් පළකිරීම දේශපාලන මැදිහත්වීමකින් තොරව රන්ජන් නිදහස් කරගැනීමට විරුද්ධව නොව පවතින දූෂිත ක්‍රමවේද යළියලිත් අනුගමනය කරමින් දේශපාලන මැදිහත් වීමකින් රන්ජන් නිදහස් කරගැනීමට උත්සාහ කිරීමට විරුද්ධවය...

:       1       5

RathnayakeSunday, 17 July 2022 12:53 AM

අනේ මිනිමරුවන් නිදහස් කරනකොට නින්ද ගිහිල්ලාද හිටියේ...?

:       0       0

BamunuarachchiSunday, 17 July 2022 06:24 AM

මේ ගොයියාට නිදහස දෙන්න එපා. එසේනම් සිරගෙදර ඉන්න සියලු දෙනාටම නිදහස දෙන්න. නිදහස දෙන්න හදන්නේ මොනපදනමක් යටතේද? එතකොට දුමින්ද සිල්වා?

:       0       0

sunil Saturday, 16 July 2022 07:07 PM

නීතිය නැවීම මේ රටේ ජනාධිපතිවරු විසින් එළිපිට කරන දෙයක්. අද අරගල සිදුවන්නේ මෙවැනි නාඩගම් නවැත්වීමටයි...

:       0       0

Saman Saturday, 16 July 2022 07:12 PM

මෙය නොකළ යුතු දෙයක්... අධිකරණය හෑල්ලුවට ලක්කිරීමක්... අඩු තරමින් ඔහු ජනාධිපති සමාව ඉල්ලිය යුතුයි. නිසි ක්‍රමවේදය අනුගමනය කළ යුතුයි...

:       0       0

Gamini Saturday, 16 July 2022 11:01 PM

රංජන් රාමනායක මැතිතුමා ඉක්මණින් නිදහස් කරන මෙන් රනිල් ජනාධිපතිතුමාට බෙහෙවින් ස්තුති වෙමි. මෙය ලොකුම ලොකු පිනක්..

:       0       0

Bamunuarachchi Sunday, 17 July 2022 06:21 AM

මේ ගොයියාට නිදහස දෙන්න එපා. එසේනම් සිරගෙදර ඉන්න සියලුදෙනාටම නිදහස දෙන්න. නිදහස දෙන්න හදන්නේ මොන පදනමක් යටතේද?

:       0       0

Bamunuarachchi Sunday, 17 July 2022 06:23 AM

එතකොට දුමින්ද සිල්වා...?

:       0       0

Bandararajapaksha Sunday, 17 July 2022 08:52 AM

රන්ජන් ඉක්මනින් නිදහස් කළයුතුයි.

:       0       0

P.d goonawardene Sunday, 17 July 2022 11:31 AM

ජනතාවගේ ප්‍රශ්න 3/4 කට විසඳුම්... ස්තුතියි ගේ කුරුල්ලාණෙනි,

:       0       0

fairoos Sunday, 17 July 2022 03:13 PM

බයියන්ට දැන් සැපද?

:       0       0

Srimal atapattu Monday, 18 July 2022 02:12 AM

නියමයි, විය යුතු දෙය එයයි.. සුපිරියි.!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 537 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 117 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 321 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site