IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


රන්ජන්ට කොන්දේසි සහිත සමාවක්

(අංජුල මහික වීරරත්න)

 

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරුවී සිර දඬුවම් ලබන හිටපු රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් වූ ලේඛනයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (26) අත්සන් තැබීය.

මින් ඉදිරියට අධිකරණයට අපහාස වන කිසිදු ප්‍රකාශයක් හෝ ක්‍රියාවක් සිදු නොකරන ලෙස වන කොන්දේසි සහිත සමාවක් ලබාදීමට ජනාධිපතිවරයා මෙහිදී කටයුතු කර ඇත. 

රන්ජන් රාමනායක මහතාට නිදහස ලබාදීම සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදුකිරීමට අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයාට පැවරීමට ද කටයුතු කර තිබේ.

2017 අගෝස්තු 21වනදා අරලියගහ මන්දිරයෙන් පිටත සිදුකළ ප්‍රකාශයට පළමු නඩුව ගොනු කරමින් 2021 ජනවාරි 12 වන දින ඔහුට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර හතරක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කෙරිණි. 

රන්ජන් රාමනායක මහතා දිවුරුම් ප්‍රකාශයක් යොමු කරමින් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සමාව අයදීම ඊයේ (25) සිදු කළේය. 

තමන් සිදු කළ ප්‍රකාශ සම්පූර්ණයෙන් වැරදි බවත් එම ප්‍රකාශය නිසා අගවිනිසුරු ඇතුළු නීති ක්ෂේත්‍රයේ  සියලුදෙනාට අගෞරවයක් ඇතිවීම සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බවත් එම දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කර ඇත.

තමා විසින් සිදුකරන ලද ප්‍රකාශ අසත්‍ය බවත් එම ප්‍රකාශ ඉල්ලා අස්කර ගන්නා බවටත් ඉදිරියේදී මෙවැනි ප්‍රකාශ සිදු නොකරන බවටත් හිටපු රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා අධිකරණයට ලබාදුන් දිවුරුම් ප්‍රකාශයේ වැඩිදුරටත්  සඳහන් කර තිබේ.



අදහස් (16)

රන්ජන්ට කොන්දේසි සහිත සමාවක්

Perera Friday, 26 August 2022 11:23 AM

පළවෙනි කොන්දේසිය කට පියාගෙන ඉන්න කියන එකද?

:       27       39

YesFriday, 26 August 2022 02:44 PM

නැත...! මින්පසු බොරු කොණ්ඩ දැමීම තහනම්...!

:       8       48

Bishan Friday, 26 August 2022 11:41 AM

ජනපති සමාව නිවැරදිවම ක්‍රියාවට යෙදවූ දුර්ලබ අවස්ථාවක්‌ මෙය.

:       80       31

සුදු ඇඳගෙන කලු ඇවිදින් Friday, 26 August 2022 12:01 PM

එදා ගෝඨාභය ජනාධිපති කාලෙත් රන්ජන්ට කිව්වේ "අධිකරණයෙන් සමාව ගන්න කියලා" නිදහස් කරන්න. නමුත් රංජන් එදා ඒක ප්‍රතික්ෂේප කළා. නමුත් අද ඔහු දිවුරුම් ප්‍රකාශයක් මගින් අධිකරණයෙන් සමාව ගත්තා. එහෙම වෙන්නෙ ඇයි? මම දන්නේ නැහැ ඇයි කියලා...

:       14       129

යෝගා Friday, 26 August 2022 12:06 PM

කරපු තරමක් කලේ අපහාසාත්මක ප්‍රකාශ... ඒ අතර අසත්‍ය ප්‍රකාශත් කළා. කටට බ්රේක් ඇත්තේම නෑ. නළුකම කරගෙන ඉන්න.

:       37       99

nalin Friday, 26 August 2022 12:14 PM

මොනව වුණත් රන්ජන් කියන්නේ හිරේ ඉන්න ඕනෙ මනුස්සයෙක් නෙමෙයි. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. එළියට ඇවිල්ලා දේශපාලනය කරලා හොරුන්ට දඬුවම් දෙන්න ටිකක්හරි උත්සාහ ගනීවි. ඒත් ඇති ඔය ප්‍රධාන පක්ශ දෙකේ ඉන්න එක්කෙනෙක්වත් හොරු අල්ලනවාට කැමැති නෑ.

:       57       34

මහී Friday, 26 August 2022 12:26 PM

කිසිම තරාතිරමක්, වයසක්, ආගමක් නැතුව හැමෝටම අපහාස කළා. අන්තිමට කෙහෙල් ගහට කොටාපු කොට්ටෝරුවා වගේ උසාවියට කොටන්න ගිහින් නාගත්තා. එච්චරයි...!

:       32       90

බද්රානිFriday, 26 August 2022 01:19 PM

හොරු ගැන, අවනීතිය ගැන නිර්භයව කතාකිරීම "අපහස" කිරීමක්ද? ඇත්ත ඇහෙද්දී සමහරකගේ නැට්ට ඉබේටම ඉස්සී කුලප්පු වීම සාමාන්‍යයි. අනුන්ගේ හොටවල් ගැන හොයන ඔබ තමන්ගේ අං දෙක හා වලිගය ගැන උනන්දු වුණා නම් කෝකටත් හොඳයි. මට හිතෙන්නේ රන්ජන්ගේ කතාවලින් හරියටම තොප්පිය දා ගත්ත කෙනෙක් වගෙයි මේ "මහී"කියන්නේ.

:       64       31

කල්පනා Friday, 26 August 2022 02:46 PM

ඔබේ අදහස සහතික ඇත්ත කියලා කියන්න පුළුවන්...

:       37       13

maheeFriday, 26 August 2022 03:28 PM

එතකොට අර පොලිස් කාරයෙක්ගේ ගෙදර වලන් හෝදන්න ගියේ මතක නැද්ද. නඩු කාරවරුන්ට කතා කරලා තමන්ගේ වාසියට තීන්දු ගත්තේ අරක්කුබාගේ දීලා උසාවියෙන් තීන්දු ගත්තා මතක නැද්ද. රාජපක්ෂලාට දෙවෙනි නැහැ මෙයාගේ වැඩ. කෝල් රේකොඩින් ලීක් කරපු කෙනාටනේ මේ කඩේ යන්නේ.

:       9       58

kotiyaFriday, 26 August 2022 03:59 PM

එහෙනම් ඇයි දැන් සමාව අරං තියෙන්නේ?

:       1       29

ගමේ එකාලාFriday, 26 August 2022 04:39 PM

මිනීමරලා හිරේට ගිය අයටත් ජනාධිපති සමාව ලැබුණා. රටම හොරාකාලා ජනතාව මහපාරට ඇදලා දාපු දූෂිත දේශපාලුවන්ට, තාජුඩින්, එක්නැළිගොඩ, ලසන්ත මරවපු අය අද යහතින් ඉන්නවා...

:       29       0

බද්රානිFriday, 26 August 2022 06:33 PM

මට හිතෙන්නේ මේ මහීපාල උන්නැහේට තියෙන්නේ රන්ජන් සමග වෙන විදිහේ තරහක් වගෙයි. ඕකට ඉතින් මෙතන දොඩවලා කාටවත් දොස් කියලා ඵලක් නැහැ. ඔබ ලබා උපන් හැටි තමයි ඔය... අනික ඔබගේ අදහස තුළ, ඔබ ගරු අධිකරණයට අපහාසයකුත් කර තිබෙනවා. "නඩුකාර වරුන්ට කතාකරලා තමන්ගේ වාසියට තීන්දු ගත්තේ අරක්කු බාගේ දීලා උසාවියෙන් තීන්දු ගත්තා" මේක ඉතාම බරපතල ප්‍රකාශයක්... අඥාණයෙක් වූ පමණින් මෙවැනි බරපතල ප්‍රකාශ කිරීම එතරම් හිතකර නැහැ. නූගත්, අඥාණකමට සමාවදීම සිදුනොකරන බව මතක තබාගන්න.

:       45       0

ravin Friday, 26 August 2022 12:37 PM

ඇත්ත කතා කරන්නයි බිම ඉදගන්නයි බයවෙන්න එපා කිවෙ පැරනි කාලෙ එත් අද ............... ?

:       0       0

podimallu Friday, 26 August 2022 02:20 PM

රංජන් අධිකරණය ස්වාධීන නැහැ කියලා අපහාස කළ නිසා හිරේ ගියේ. මීට කළින් SB ගියා. නඩු අහන නෝනලාට, පොලිස් ලොක්කන්ට නීතිය බලපෑම් කළේ මෙයා හිරේ ගිය දවසේ අත්දෙක උස්සලා වීරයෙක් වගේ ගියා... දැන් කුක්කෙක් වගේ එනවා.

:       9       60

sugath Friday, 26 August 2022 03:33 PM

දැන් ඉතින් අනිත් සිරකරුවනුත් දිවුරුම් ප්‍රකාශයක් යොමුකළොත් සමාව දෙනවාද?

:       1       74

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 512 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2249 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1682 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site