IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


රන්ජන්ගේ පෙත්සම විසි වෙයි

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් නොකරන්නැයි ඉල්ලා රංජන් රාමනායක මහතා ගොනු කළ රිට් පෙත්සම ගාස්තු රහිතව නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (05) තීන්දු කළේය.

පෙත්සම් සම්බන්ධයෙන් නීතිමය පදනමක් නොමැති බවට නීතිපති කළ මූලික විරෝධතාව පිලිගනිමින් පෙත්සමවිභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට විනිසුරු මඩුල්ල තීන්දු කරන ලදී.

රංජන්  රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය ඉවත් කිරීමට පියවර ගැනීම වළක්වාලන අතුරු නියෝගය නිකුත් කරනවාද ? නැත්ද? යන්න පිලිබද නියෝගය අද(05) අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණය මෙම තීන්දුව ලබා දෙන ලදී.

මෙම රිට් පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර  සහ මායාදුන්නේ  කොරයා මහත්වරුගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ ප්‍රකාශයට පත් කෙරිණි.පාර්ලිමේන්තු මහලේකම් විසින්  තමාව පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් කිරීමට පියවර ගැනීම  වළක්වාලන ප්‍රොහිබිෂන් රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා රංජන් රාමනායක මහතා මෙම පෙත්සම ගොනු කර තිබිණි.

විදානපතිරණ ඇසෝසියේට් නීතීඥ සමාගම  මාර්ගයෙන් රංජන් රාමනායක මහතා විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පාර්ලිමේන්තු මහලේකම්වරයා සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.



අදහස් (7)

රන්ජන්ගේ පෙත්සම විසි වෙයි

Puppa Monday, 05 April 2021 05:12 AM

නීතිය අවනිතිය වෙලා අවනිතිය නිතිය වෙලා රටකට ගිය කල.

:       136       96

සනත් ඉතාලිය Monday, 05 April 2021 07:47 AM

නීතිය නමන්න ගිහින් රන්ජට වුණ දෙයක්. මොනව වුණත් රන්ජන් කිව්වෙ ඇත්ත.එයාල හොද යාලුවො කවදාවත් හොරු අල්ලන්නෙ නැහැ කියල. රනිල් රන්ජන්ගෙන් නියමෙට වැඩ ගත්ත මේක ගොනාවගේ හතරඅතට ඇනගෙන ඇනගෙන ගියා. ර

:       69       28

chathura Monday, 05 April 2021 07:40 AM

නීතිය නිවැරදිව ක්‍රියාත්මක කිරීම ගැන අධිකරණයට උත්තමාචාරය පලකල යුතුයි. මේක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. සැමටම නීතිය ක්‍රියාත්මක වීම. පාර්ලිමේන්තු මන්ත්‍රී වුණත් සාමාන්‍ය ජනතාව වුණත් අධිකරණයට අපහාස කලොත් දඬුවම් ලැබෙන බව. දැන දැන වැරැදි කරලා, බොරුවට මෙතන අඩන්නේ නැතිව ඉන්ඩ. ඕනම කෙනෙකුට තේරෙනවා උසාවියට අපහාස කරාම දඩුවම් දෙන බව.

:       75       70

Hafeel Monday, 05 April 2021 09:50 AM

නමුත් වත්මන් පාලනයතුල අපරාධකරුවන් නිදොස්කොට නිදහස් කරනවිට සහ ලංකාවේ අධිකරණයකින් මරණ දඬුවම් නියමවූ චොකා මල්ලීටත් පාර්ලිමේන්තුවට යන්නත් අවසර දුන්නෙත් මේ අධිකරණය පද්ධතියතුළ තමා. ඒ ආකාරයෙන්ම බලනවිට රන්ජන්ගේ අදහස් නිවැරදි. සමහර නඩු වීසිවුනේ තාක්ෂණික හේතුව නිසාලු. මොකද්ද මේ අධිකරණ පද්ධතිය තුළ තියන තාක්ෂණ හේතුව කියන්නේ?

:       4       65

විපරමා Monday, 05 April 2021 10:02 AM

උසාවියේ ඉන්නේ සාන්තුවරයෝ ද . දේසපාලුවන්ගේ හෙන්චයියන්, හිරගෙදරට යවන්ඩ ඕන අයව රජ ගෙදරට යවපු අය. මහාපරිමාණයෙන් රට කෑව හොර දුෂිතයෝ ,මිනිමරුවෝ ,නිදහසේ සුවසේ ඉන්නවා .ඇත්ත තිත්තලු .

:       28       58

don perera Monday, 05 April 2021 10:24 AM

හරිම කණගාටුයි. මේ මනුස්සයා කිව්වේ ඇත්ත.

:       27       42

saman Monday, 05 April 2021 10:31 AM

නිකම් කෙඳිරි ගාන්නේ නැතිව, මිනිහෙක් වගේ දුන් දඬුවම විඳින එක තමා හොඳ.

:       57       36

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 544 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2259 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1692 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site