
(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල - බකමූණ ප්‍රධාන මාර්ගයේ රිදීඇල්ල අගුණවැල්පැලැස්සේ දී අද 10 දින පස්වරුවේ ජීප් රථයක් මාර්ගයෙන් ඉවතට පැන කුඹුක් ගස් දෙකක ගැටීමෙන් එහි ගමන් ගත් පුද්ගලයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත් වූ බව දඹුල්ල පොලිසිය කියයි.
මෙසේ ගොස් ඇත්තේ බකමූණ ප්‍රදේශයේ පදිංචි ජේ .කේ . බන්දුල රණතුංග (71) සහ එන්.පී නිහාල් (51) අයකු බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ.
දඹුල්ල ප්‍රදේශයේ සිට බකමූණ දෙසට පැමිණි ජීප් රථය මාර්ගයෙන් ඉවතට පැන එක් කුඹුක් ගසක ගැටී යළි තවත් ගසක ගැටීමෙන් අනතුර සිදුවී ඇතැයි දඹුල්ල පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
448
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1036
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රිදී ඇල්ලේ අනතුරින් දෙදෙනෙක් මරුට
ගුණරත්න Tuesday, 11 March 2025 07:33 AM
මේ ජීප් එක අවුරුදු 50 60ක් තරම් පරණයි, එත් ඒවා විකිණෙන්නේ අඩුම ගානේ ලක්ෂ 30 ක් විතර. එහෙම වෙලා තියෙන්නේ මේවා ක්ලැසික් ඒවා නිසාද ? නෑ ඉස්සර මේවා ගරාජ් අස්සේ දිරා දිරා තිබ්බේ, බොහොම අඩු ගණන් වලට විකුණුවේ, දැන් එහෙම එකක් හොයාගන්න නැහැ. හේතුව අධික බදු. තව ටික කාලෙකින් කියුබාවේ වගේ හද්දා පරණ වාහන පූට්ටු කර කර පදින මිනිස්සු ඉඳීවි, ඒ රටෙත් ධනවත් මිනිස්සුන්ට කිසිම ප්‍රස්නයක් නැහැ, ඕනෙම විදියක වාහනයක් ගන්න පුළුවන්. අපිත් ඉතින් තව ටික කාලෙකින් කියුබාව වගේ වෙයි