මේ මස 17 සහ 18 යන දෙදින මහනුවර නගරයේ පැවැත්වීමට සූදානම් කර ඇති රාති‍්‍ර මෝටර් රථ ධාවන තරගාවලිය අවලංගු කිරීමට පියවර ගන්නැයි ඉල්ලා සිටිමින් මහනුවර උරුමය සුරැකීමේ සංවිධානය නමැති සංවිධානයක් මල්වතු අස්ගිරි මහනායක හිමිවරුන්ට සංදේශයක් භාරදී තිබේ.
මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනායක හිමියන්ට මල්වතු මහා විහාරයේදීද, අස්ගිරි පාර්ශ්වයේ මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත හිමියන්ට දළදා මාලිගාවේදීද මෙම සංදේශය අද (5 වැනිදා) භාරදෙනු ලැබිණ.
දළදා සමිඳුන්ට කෙරෙන උපහාරයක් වන වාර්ෂික දළදා පෙරහර පවත්වමින් දළදා කරඬුව වඩම්මවන වීදි උඩරට බෞද්ධ ජනතාව අතර ගෞරවාදරයට පාත‍්‍ර වී ඇති බැවින් එම වීදි යොදා ගෙන රාති‍්‍ර මෝටර් රථ ධාවන තරග පැවැත්වීමටත් ජංගම සුරාසැල් ඇරීමටත් යන කි‍්‍රයාවලිය වහාම නතර කරන ලෙස එම සංදේශයේ සඳහන්ව ඇත.
මේ මස 24 සහ 25 යන දෙදින තුළ මහනුවර බෞද්ධ ජනතාව වෙසක් උත්සවයට සැරසෙමින් සිටියදී ඊට ආසන්න දින දෙකකදී මෙම මෝටර් රථ ධාවන තරග පැවැත්වීම නොමනා බවද එම සංදේශයේ සඳහන් වේ.
මෙවැනි කටයුතු සඳහා වෙනත් ස්ථාන තිබියදී පෙරහැර කරඬුව වඩම්මවන වීදි වල එම පරිසරය විනාශ කරන රාති‍්‍ර මෝටර් රථ ධාවන තරග පැවැත්වීම අනුචිත බවද එහි වෙනත් යටි අරමුණු තිබිය හැකි බවද එම සංදේශයේ සඳහන්වේ.
මහනුවර උරුමය සුරැකීමේ සංවිධානය වෙනුවෙන් එහි ලේකම් කීර්ති රත්නායක හා නිමල් පේ‍්‍රමචන්ද්‍ර යන මහත්වරුන් විසින් ඊට අත්සන් තබනු ලැබ ඇත.
2025 දෙසැම්බර් මස 18
39
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
129
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
928
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රාතී‍්‍ර මෝටර් රථ තරග නවත්වන්නැයි මහ නාහිමිවරුන්ගෙන් ඉල්ලති
හේවාවිතාරණ Monday, 06 May 2013 12:55 AM
අනේ මෙහෙම ඉරිසියාවක් මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්.(නදී)
උදය Monday, 06 May 2013 10:14 AM
මේ වගේ වෙලාවටවත් නායක හිමිවරු එකතුවෙලා යමක් කරන්න ඕන නේද? (ස)
චමිල Monday, 06 May 2013 03:44 PM
සංදේශයේ සඳහන් සියළු කරුණු පිළිබදව යහපත් අවධානයක් යොමු වේවා...! අපේ උරුමයට, සංස්කෘතියට ගරු කරන මිනිසුන් වෙත්වා. ! (ස)
මංජුල විජේනායක. Sunday, 05 May 2013 08:11 PM
අපි නැගිටිමු එකට. ඕක නවත්වන්නම ඕනේ. අපිත් නුවර කොල්ලෝ.(නදී)
විරාජ් කාලිංග Sunday, 05 May 2013 09:23 PM
ඕව ඉතින් රජ පුත්තුන්ගේ සතුටටනේ, ඕවා ඉතින් සක්කරයටවත් නවත්තන්න බෑ, අපේ හමුදුරුවරු කියන දේවල් අහන පාලකයෝ නෙවේනේ දැන් රජ කරන්නේ.(නදී)
ආනන්ද ආර් Sunday, 05 May 2013 09:31 PM
මේවා සංවිධානය කරන්නේත් සිංහල බෞද්ධයොද?(නදී)