IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


රත්‍රන් ඉන්දියාවට පන්නන්න බැරිවෙයි

ධීවර බෝට්ටුවක් මගින් ඉන්දියාවට ප්‍රවාහනය කිරීමට උත්සාහ කළ රත්‍රන් කිලෝග්‍රෑම් 5.5ක් සමග ශ්‍රී ලාංකික පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (30) රාත්‍රියේ නාවික හමුදා අත්අඩංගුවට පත් විය. 

යාපනය, කන්කසන්තුරයට උතුරින් මුහුදු සැතපුම් 8 ක් පමණ දුරකදී අත්අඩංගුවට සැකකරුවන් ධීවරයින් මුවාවෙන් ධීවර ආම්පන්න ද සහිතව ඩිංගි යාත්‍රාවක් මගින් ඒවා ප්‍රවාහනය කරමින් තිබී ඇත.

බුද්ධි තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ පී 464 දරණ වේග ප්‍රහාරක යාත්‍රාවට අනුයුක්ත නිලධාරීන් සහ නාවිකයන් විසින් මෙම රත්‍රන් තොගය එම ධීවර යාත්‍රාවේ තිබී සොයා ගැනිණි.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා සහ රත්‍රන් තොගය වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා යාපනය රේගු නිලධාරීන් වෙත භාර දීමට කටයුතුකර ඇත. 

gold_831 gold_8312

 



අදහස් (0)

රත්‍රන් ඉන්දියාවට පන්නන්න බැරිවෙයි

රූපසිංහ Wednesday, 31 August 2016 11:19 PM

අනාදිමත් කාලයක සිට ඉන්දියාවට අපේ රටේ රත්‍රන් හොරරහසේ රැගෙනයනවා. රටක ආර්ථිකයේ වටිනාකම මනින්නේ එරට මහ බැංකුවේ ඇති සහ එමඟින් නිකුත්කළ රත්‍රන් ප්‍රමාණය අනුවයි කියා මම අසා තිබෙනවා. එම කතාවේ සත්‍යය අසත්‍යය මොකක් වුණත් අපේ රටේ රත්‍රන් හොර රහසේ ඉන්දියාවට රැගෙන යනවා කියන්නේ අපේ ධනයේ හිඟවීමක් සහ ඉන්දියාවේ අනාදිමත් කලක සිට සිදුවන රත්‍රන් ගොඩගැසීම සහ එරට තුළ අපේ වස්තුව ගොඩගැසීමක් කියා අපට තේරෙනවා. (නි)

:       0       0

අන්වර් Thursday, 01 September 2016 03:08 AM

ඒවත් ගෙනියන්නේ ඉන්දියාවට?? (නි)

:       0       0

රංග Wednesday, 31 August 2016 12:30 PM

ඉන්දියාව සහ ලංකාව් අතර හොර බඩු ජාවාරම කොටි ඉන්න කලේ ජයටම කලා. ඔය බෝට්ටු ගොඩක් අයිති තමිල්නාඩු දේශපාලකයන්ට. ඉතුරු ටික හිතා ගන්න පුළුවන් නේ..!! (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 545 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site