IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


රත්මලානේ වෙඩි තැබීමට අයෙක් මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

රත්මලාන ආර්ථික මධ්‍යස්ථානය අසල නිවසට කඩා වැදී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ධ පුද්ගලයකු  පිස්තෝලයක් ,මත්කුඩු තොගයක් සහ තවත් උපකරණ රැසක් සමඟ පිළියන්දල දී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

ඩුබායි හි සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන පැට්ටා නමැත්තා ගේ ගෝලයකු බව පොලිසිය කියයි.

ගිනි අවියට අමතරව මෝටර් රථයක් රුපියල් ලක්ෂ පනහකට අධික වටිනා හොරයින් මත්කුඩු ග්‍රෑම් 503 ක්,වාහන හයක ඉදිරිපස හා පිටුපස අංක තහඩු හයක්. මත්කුඩු එතීමට යොදා ගන්නා රැපින් පේපර් විශාල ප්‍රමාණයක් පොලිසිය භාරයට ගෙන ඇත.

රත්මලාන ආර්ථික මධ්‍යස්ථානය අසළ නිවසකට ඉකුත් 27 වැනි දින  කඩා වැදී නිවසේ හිමිකරු වන චරිත් උමයංගා සිල්වා නමැති දෙදරු පියා ඝාතනය කිරීමට උපදෙස් ලබාදී ඇත්තේ ඩුබායි රටේ සැඟව සිටින පැට්ටා බවට තොරතුරු අනාවරණය වූ බව පොලිසිය කියයි.

 

 



අදහස් (0)

රත්මලානේ වෙඩි තැබීමට අයෙක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 555 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site