IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


රත්මලාන වෙඩික්කරුවන් ආ යතුරු පැදිය ගඟෙන් ගොඩ ගනී

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

රත්මලාන ඥානේන්ද්‍ර පාර බෝට්ටු හිමි ව්‍යාපාරිකයාට වෙඩි තැබීමේ සිද්ධියට සැකකරුවන් පැමිණි බව කියන යතුරු පැදිය බණ්ඩාරගම කිදෙල්පිටිය බොල්ගොඩ ගඟේ අතුගඟක දමා ගොස් තිබියදී අද සවස සොයාගත් බව කැස්බෑව පොලිසිය කියයි.

කැස්බෑව පොලිසියට අනුයුක්ත කොට්ඨාස බුද්ධි ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව යතුරුපැදිය සොයාගෙන ඇත.

මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබුවේ එල්ලාවල ලියනගේ විමුක්ති නුවන් සම්පත් නැමැති 34 හැවිරිදි පුද්ගලයෙකි.

වෙඩි ප්‍රහාරය ඔහුගේ වම් අතේ කිහිලි ප්‍රදේශයට සහ කලවා ප්‍රදෙශයට එල්ලවී ඇතැයි පොලිසිය කියයි.

ඔහු මේ වන විට කලුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර පෙරේදා ඔහු ශල්‍යකර්මයකට ද ලක් කෙරිණි.

එම වෙඩි තැබීමෙන් අනතුරුව සැකකරුවන් පැමිණි මෝටර් රථය සහ යතුරු පැදිය රත්මලාන බොරුපන, මාර්ගය හරහා බෝකුන්දර ට පැමිණ අලුත් පාර ඔස්සේ කැස්බෑවට නගරයට පැමිණ බණ්ඩාරගම මාර්ගයේ හොරණ දෙසට ගොස් ඇති බව සීසීටීවී දර්ශන අනුව මේ වන විට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.



අදහස් (0)

රත්මලාන වෙඩික්කරුවන් ආ යතුරු පැදිය ගඟෙන් ගොඩ ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site