IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


රතුපස්වල බ්‍රෝකර් අල්ලයි?

රතුපස්වල ජල ගැටුළුවට විසදුම් ඉල්ලා වැලිවේරියේ  කළ උද්ඝෝෂණයේ දී වෙඩි වැදී තුවාල ලැබූවන් වෙනුවෙන් කර්මාන්ත ශාලාව ආධාර මුදල් ලබා දෙද්දී එම ගනුදෙනුවේ අතර මැදියකු ලෙස කටයතු කළ පුද්ගලයකු විසින් නැවත එම මුදල් ඉල්ලා බලපෑම් කළැයි කියන සිද්ධිය විභාග කිරීමට පොලිසියට නොපැමිණි සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසීය.

එම පැමිණිල්ල විභාග කිරීම සඳහා ජූඩ් පෙරේරා නම් පැමිණිලිකරුට සහ ඔහුගේ බිරියට බලපෑම් කළ බව කියන අතරමැදිකරුට  අද (1) උදේ 10ට පොලිසියේ  පෙනී සිටින ලෙස දැනුම් දි තිබුණත් අතරමැදිකරු පොලිසියට පැමිණ නැත.

නියමිත වේලාවට පොලිසියට ගිය ජූඩ් පෙරේරා මහතා පැය දෙකක් පමණ පොලිසියේ රැඳී සිට සැකකරු නොපැමිණි නිසා නැවත ගොස් ඇත. පොලිසියෙන් ඔවුන්ට දැනුම් දී ඇත්තේ සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනව බවයි.

පසුගිය අගෝස්තු පළමුවැනි දා වැලිවේරිය නගරයේ දී ගැම්වාසීන් හා යුද හමුදාව අතර ගැටුමේ දී පැමිණිලිකරුගේ පිටකොන්දට වෙඩි වැදී තිබිණි.

වෙඩි වැදී තුවාල ලැබුවන්ගේ පවුල්වලට රතුපස්වල කර්මාන්ත ශාලාවෙන් ආධාර මුදල් ලබා දෙද්දී ජූඩ් පෙරේරා මහතාට ද රුපියල් 25000ක මුදලක් ලැබී ඇත.

ඉන්පසු දිනක පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවැති වැඩසටහනක දී වෙඩි වැදුණු ආකාරය ගැනත්,මෙතෙක් රතුපස්වල සිදුවූ සිද්ධීන් ගැනත් ජූඩ් පෙරේරා මහතා විස්තර කර ඇත. කර්මාන්ත ශාලාව හා තුවාලකරුවන් අතර ගනුදෙනුවේ අතරමැදියකු ලෙස ක්‍රියා කළ පුද්ගලයකු ජූඩ් පෙරේරා මහතා  වැඩසටහන නිමා වී නිවසට යෑමටත් පෙර අලුයම එකට පමණ නිවසට ගොස් ලබා දුන් මුදල් නැවත ඉල්ලා බිරියට බලපෑම් කර ඇතැයි පැමිණිල්ලේ සදහන්ය.



අදහස් (0)

රතුපස්වල බ්‍රෝකර් අල්ලයි?

දර්ශා Saturday, 02 November 2013 11:54 AM

කවුද මෙම නින්දිත පුද්ගලයා?මෙයාව රටටම හෙළි කළයුතුයි (නි).

:       0       0

අමිල කටුනායක Saturday, 02 November 2013 11:58 AM

මෙයා එහෙනුත් කාලා දැන් පොලිසියෙනුත් කන්නයි යන්නේ (නි)

:       0       0

සුනෙත් Friday, 01 November 2013 10:06 PM

මේක දැන් හිගන්නාගේ තුවාලය වගේ. (නි)

:       0       0

ජෝයි ඩයස් Saturday, 02 November 2013 12:30 PM

පෙඩ්‍රිරික් මහතාගෙ අදහසට මමත් ගරු කරනවා.රටක් සංවර්ධනය කරා යනවිට ජාත්‍යන්තර පාරිසරික ආරක්ෂණ නීති කෙටුම්පත් ඒ ආකාරයට සම්මත කරගත යුතුයි. විශේෂයෙන්ම ලංකාවේ ගරාජ වලින් පිටවන දූෂිත දේවල් අපමණයි. ඉන් ප්‍රධාන තෑනක් ගන්නේ ස්ප්‍රේ කරන තීන්ත වලට කලවම් කරන ටිනර් වෑනි දෑ වායු අංශ සමග මුසුවී පරිසරයට වන හානියයි. අහළ පහළ කිසිම ශාකයක් පැළවෙන්නෙ නැත. අසල ගෙවල්වල වැසියන්ට විශාල හානියක් සිදුවේ.එවැනි වැඩ විදේශ රටවල ආවරණය කළ කුටි තුල ආරක්ෂක මුකවාඩම් පැළද සිදු කරනු ලබයි.නීතියත් ඒකයි. එමෙන්ම යකඩ වැනි දෑ තැලීමෙදී ඇතිවන ශබ්ද දූෂණයද සුලුපටු නොවේ. මේවාට රජය විසින් පිළියම් යෙදිය යුතු කාලය එළබ ඇත. පරිසර අධිකාරයේ අවධානය මේවාට යොමුවෙනවා නම් මෑනවි. දඩ වශයෙන් රජයට මුදලක් අයකරගත හැකි අතර,පරිසරයද ජන ජීවිතයද සුරක්ෂිත වේ. (නි)

:       0       0

රූපවතී Friday, 01 November 2013 10:56 PM

මේ මිනිස්සු රටෙන් අතුගාලම දමන්න ඕනෑ.හොර ගතිය කොතැන ගියත් මුල් තැනට (නි)

:       0       0

ලක්ෂ්මන් Friday, 01 November 2013 10:59 PM

රැවුල ගිනි ගනිද්දී සුරුට්ටු පත්තු කරගන්න හදන නොමිනිස්සුන්ට යස පාඩමක් උගන්වන්න. (නි)

:       0       0

ගජ මෑන් Friday, 01 November 2013 11:07 PM

අපේ කාලේ නම් කාපුවා වමාරවනවා. දැන් වැරදිකාරයෝ ආරක්ෂා කරන්නත් කට්ටිය ඉන්න නිසා කිසිවක් කරන්න නොහැකි ඇති. (නි)

:       0       0

දෙවිඳු Saturday, 02 November 2013 01:50 PM

විස බෙදන කම්හල් සල්ලිකාරයන්ගේ වුණාට වතුර විස කරන්න බැරි නීති දියුණු රටක තියෙන්න ඕනෑ. වතුර ඉල්ලපු මිනිස්සු කලබල කරවලා වෙඩි තියන්න හමුදාව එවුවේ කවුද? මේ ප්‍රශ්නය යට ගහන්න දෙන්න බැහැ. නිවට කාටත් පොදු වෙන්න ඕනෑ නේද? ඒ කම්හලේ අයත් බොන්නේ මේ වතුරද? බෝතල් වතුරද? (නි)

:       0       0

අන්ජුන් Saturday, 02 November 2013 03:09 PM

පිටකොටුවේ විකුණන, සෙල්ලම් බඩු වල ප්‍රමිතිය පරික්ෂාවට ලක් කළ යුතුයි. මම හිතන්නේ ඒවා බොහොමයක තීන්ත අලේප අධික අැලුමිනියම් සහිත තීන්ත අාලේප කර ඇති බැවින් ළමයින්ගේ සෞඛ්‍යයට යෝග්‍යය නැත. (නි)

:       0       0

ඇෆ්ගන් සිසිර Saturday, 02 November 2013 03:15 PM

මෙහෙම යනකොට මේ ගමේ මහා විනාශයක් වෙනවා. ඇත්තට මේ රටේ වගකිවයුතු කට්ටියට මේක තේරුම් ගන්න බැරිද? (නි)

:       0       0

ගජ මෑන් Saturday, 02 November 2013 03:28 PM

නීතිය ක්‍රියාත්මක කරනකොට යම් යම් අයගේ තරාතිරම පිළිබඳ ප්‍රශ්නයක් එනවානේ ජෝයි ඩයස් මහත්මයා, අහවලාගේ අහවලා මම කිව්වම ඊළඟට "'බලේ දැක මුදලේ. නීති රිංගා දුවයි අකුලේ " (නි)

:       0       0

ෆෙඩ්රික් Saturday, 02 November 2013 06:40 AM

මේ විදියට ගරාජ වලටද ආරක්ෂාව දෙන දුෂිත නිලධාරීන්ට සහ නිවැසියන්ට දඩුවම් දෙන්න. අනවසර ගරාජ වලින් පිළිකා සහ වෙනත් රෝග රැසක් පැතිරී යයි. (නි)

:       0       0

දිනේෂ් Saturday, 02 November 2013 07:53 AM

මේ පුද්ගලයාට උපරිම දඬුවම් දිය යුතු වේ.. මෙවන් අය යළි අප අතර නොඉපදේවා! (නි)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 02 November 2013 07:00 PM

මේ සැකකාරයාගේ නම හිතාගන්න පුළුවන් (නි)

:       0       0

ඩයිලා Saturday, 02 November 2013 09:16 AM

ලංකාවේ කොහෙද නීතියක්? (නි)

:       0       0

පිනි බබා Saturday, 02 November 2013 09:25 AM

මට ඔය කියන මිනිහා අල්ලා දෙන්න. මම දෙන්නම් දඩුවම් (නි)

:       0       0

සෙන් Saturday, 02 November 2013 09:47 AM

ෆෙඩ්රික් ගේ අදහසට එකඟ වෙමි. මෙහෙ නම් ගරාජවලින් එළියට දාන තෙල් කොහොමත් පරිසරයට විසි කරන්න බැහැ. (නි)

:       0       0

සත්‍යපාල Saturday, 02 November 2013 10:23 AM

බන්දුල පෙරේරා ගැනත් සැකයි මට (නි)

:       0       0

රසිකා Saturday, 02 November 2013 11:00 AM

ලංකාවේ කොහෙද නීතියක්? ඔය කියන මිනිහා අල්ලා දෙන්න. මම දෙන්නම් දඩුවම් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 621 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1101 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site