රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලූ ගම්වැසියන්ට යුද හමුදාවෙන් වෙඩි තැබීම ආවරණය කරමින් සිට යුද හමුදාවේ පහරකෑමට ලක්වූ මාධ්‍යවේදීන් දෙදෙනාට වන්දි ලබා දීමේ මූලික සාකච්ඡාව අද (22) ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයේ දී පැවැත්විණි.
ගම්වාසීන්ට සාධාරණයක් කරන ලෙස ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය කළ ඉල්ලීමක් අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ශිරාල් ලක්තිලක මහතාගේ මැදිහත්වීමෙන් සහන කටයුතු සිදු විය.
ඒ අනුව ගම්වාසීන්ට පසුගිය අප්‍රේල් හත් වැනිදා වන්දි පිරිනැමුණු අතර එම අවස්ථාවේ ජනමාධ්‍යවේදීන් දෙදෙනාගේ නම් අතපසු වී තිබිණි.
යුද හමුදාවෙන් පීඩනයට පත් කළ ලංකාදීප මාධ්‍යවේදිනී දීපා අධිකාරි මහත්මියට සහ අද පුවත්පතේ ඡායාරූප මාධ්‍යවේදී චානුක කුලසේකරට කඩිනමින් වන්දි ලබා දීමට කටයුතු කරන ලෙස පසුගිය සතියේ ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ජනාධිපති ලේකම් ශිරාල් ලක්තිලක මහතාගෙන් ලිඛිතනව ඉල්ලීමක් කිරීමෙන් පසු නැවත වරක් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දැනුම්වත් කළ බව ජනාධිපති ලේකම් කාර්යාලයය කියයි.
ඒ අනුව කළ කැඳවීමෙන් මාධ්‍යවේදීන් දෙදෙනා අද (22) ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයට ගිය අතර අතිරේක දිස්ත්‍රික් ලේකම් ඉන්දික මහතා ඔවුන් සමග සුහදව කතා බහ කර අවශ්‍ය ලේඛන බාර ගත්තේය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
රතුපස්වල පහරකෑ මාධ්‍යවේදීන් ගම්පහට කැඳවයි
කිත්සිරි Thursday, 23 June 2016 07:20 AM
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)