IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


රතුපස්වලට උසාවියෙන් රතු එළියක්

ගම්පහ රතුපස්වල නැවත අර්බුද හට ගත හැකි බව හා නිසි කලට ක්‍රියාමාර්ග ගැනීම සඳහා පුද්ගලයන් සංවිධානය වී කරන්නේ මොනවාදැයි ඉහළ පොලිස් නිලධාරීන්ට දැන්වීමට බුද්ධි අංශ නිලධාරීන් අසමත් වී ඇති බව ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරී විජිත ඩී කොමාසරු මහතාගේ සාක්කියෙන් පෙනී යන්නේයැයි ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ටිකිරි කේ ජයතිලක මහතා පැවසීය.

ඒ පිළිබඳ පොලිස්පතිගේ අවධානයට යොමු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට නියෝග කළේය.

අතුපස්වල ගැටළුව අවස්ථාවේ පොලිසියේ කොපමණ ප්‍රමාණයක් යොදවා සිටියේදැයි මහේස්ත්‍රාත් නැගූ පැනයකට පිළිතුරු ලෙස පොලිස් අධිකාරී කොමසාරු මහතා පැවසුවේ පොලිස් නිලධාරීන් දහසක් පමණ ඒ සඳහා යොදවා සිටි බවයි.

නීතීඥ උපුල් දේශප්‍රිය මහතා පැවසුවේ පොලිසිය මහජනයාගේ ගැටළුව සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නවාට වඩා කර්මාන්ත ශාලාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් පියවර ගෙන ඇති බවයි.



අදහස් (0)

රතුපස්වලට උසාවියෙන් රතු එළියක්

එරංග Wednesday, 09 October 2013 08:43 PM

මොනවා උනත් මැරුණු යට පන එනවද? (දී)

:       0       0

ගාමිණි Thursday, 10 October 2013 09:11 AM

පෞද්ගලික කර්මාන්ත ශාලාවක් ආරක්ෂා කරන්න 1000ක පොලිස් නිලධාරීන් පිරිසක්? (නි)

:       0       0

පෙරේරා Thursday, 10 October 2013 09:31 AM

අපේ මිනිස්සු අපේ මිනිස්සුන්ටම වළකපන තත්ත්වයට රට අද ජරාජීර්ණ වෙලා. (නි)

:       0       0

පුෂ්ප Thursday, 10 October 2013 09:55 AM

පොලිසිය ගැන කතා නොකර ඉම්මු (දී)

:       0       0

මිහිර Thursday, 10 October 2013 09:57 AM

සත්‍ය නුබ හරි පොලිසිය මේ ප්‍රශ්නයට නිසි පිළිතුරක් ලබා දෙයි අනිවාර්යෙන්ම (දී)

:       0       0

උපාලි Thursday, 10 October 2013 02:23 AM

විනිසුරුතුමා හොඳ නිරීක්ෂණයක් කරලා තියෙන්නේ. පොලිස්පතිතුමාට නිවැරදි තොරතුරු ගොස් නැතිබව පෙනුනා උසාවියේදී. මේ ප්‍රශ්නය ලිහනවට වඩා අවුල් කරන අය වැඩියි. ඒ බව අධිකරණයටත් පෙනෙන්න ඇති. (නි)

:       0       0

බන්දුල Wednesday, 09 October 2013 06:08 PM

මහජනයාගේ මේ වගේ ගැටළු වලට පොලිසිය කොහොමද පියවර ගන්නේ..පොලිසියට පුලුවන්ද නල එලල රතු පස්වල හා අවට ප්‍රදේශ වලට සිරිදම්ම හමදුරුවන්ට ඕන විදියට වතුර දීල බිලත් ගෙවන්න..වැරද්දක් තිබුනත් නැතත් වාර්තා මොකක් උනත්, සිරිදම්ම හමදුරුවන්ගේ කැමැත්තට කම්හල ඉවත් කරන්න .පොලිසියට පුළුවන් උසි ගැන් වීම් මත ප්‍රහාරයකට ලක්වෙය් කියල හිතන කම්හලටත් සේවකයින්ටත් රැකවරණය දෙන්න විතරයි. (අ)

:       0       0

සත්‍යයා Thursday, 10 October 2013 06:43 AM

ලංකා පොලිසිය කියන්නේ මහජන මුදලින් නඩත්තු වන රජයේ ආයතනයක්. එයට යුතුකමක් නොවෙයි නීතිමය බැඳීමක් තිබෙනවා ජනතාවගේ ගැටළු විසඳන්න ඉදිරිපත් වෙන්න (නි)

:       0       0

තිස්ස Wednesday, 09 October 2013 06:51 PM

මිනිස්සු කොහ්මත් ඡන්දෙ දෙන එක ,කර්මාන්ත ශාලාව අයිතිකරු මිනිසුන්ට වඩා වැදගත් නේද මහත්වරුනේ. කවුද ඡන්ද වලට සල්ලි වියදම් කරන්නේ?(දිල්)

:       0       0

සුරේන් Wednesday, 09 October 2013 07:02 PM

බන්දුල අදහස් දමන විදියට මමත් කැමතියි (නි)

:       0       0

කමල් Wednesday, 09 October 2013 07:35 PM

මෙතන සාමාන්‍ය ජනයා හා ප්‍රභූ ජනයා අතර අරගලයක් තිබෙනවා වාගේ පෙනෙනවා. ප්‍රභූ ජනයාට හතරවන පාර්ශවයකින් උදව් ලැබෙනවා ඇති. නීතිය ක්‍රියාත්මක කරවීම ප්‍රමාද කරවීම හා නීතිය රැවටීමට තැත්කිරීම භයානකයි (නි)

:       0       0

තුසිත Wednesday, 09 October 2013 07:42 PM

අහිංසක මිනිසුන් සමග කරන සෙල්ලම නවත්වන්න කිසිම ජනතා නායකයෙක් ඉදිරිපත් උනේ නැහැ. ඉතින් තව මොන කාතාද?(දිල්)

:       0       0

ආරියසේන Wednesday, 09 October 2013 07:58 PM

මේ ප්‍රශ්නයට අඩුම ගණනේ තාවකාලිකව බවුසර් වලින්වත් ගෙනවිත් පානීය ජලය ජනතාවට ලබා දුන්නා නම් හොඳයි.ඒ පැත්තට වතුර සපයනවා කියන්නේ පහසුවෙන් කරන්න පුළුවන්කමක් ඇති නෙමෙයි. කර්මාන්ත ශාලාව වහනවා කියන්නේ කී දෙනෙක්ගේ රැකියාවල් නැතිවෙනවද?ඒ වගේම ඔවුන්ගේ යැපෙන්නන් කී දෙනෙක් අපහසුතාවයකට පත් වෙනවද? කර්මාන්ත ශාලා වල අපද්‍රවය බැහැර කිරීමට ක්‍රමවත් වැඩපිළිවලක් සැකසිය යුතුයි.අනෙක මේ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කරන්නේ 'සර්ජිකල් ග්ලවුස්'.එහි අවශ්‍යතාවයත් ඔබ හොදින් දනී (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 602 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site