IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


රත්නාවලි විදුහල්පතිනියට කුඩෙන් ගහලා

බොරැල්ල රත්නාවලී බාලිකා  විදුහල්පතිනි ඩබ්ලිව් බී ජී කුමුදුනී මහත්මියට ගුරුවරියක (52) විසින් පහර දෙන ළදැයි බොරැල්ල පොලීසියට පැමිණිළි ලැබී ඇත.

කුඩෙන් පහර දුන් බව කියන ගුරුවරිය සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටිති.



අදහස් (0)

රත්නාවලි විදුහල්පතිනියට කුඩෙන් ගහලා

සංජු Tuesday, 29 October 2013 03:54 PM

අනේ මන්ද මේ මානව හිමිකම් කියන සංකල්පය මේවට බලපෑවද දන්නේ නෑ. (ස)

:       0       0

දයා අළහකෝන් Tuesday, 29 October 2013 04:06 PM

ගුරුවරයෙක් පිළිබද ගැටළුවක්වද්ද? (නි)

:       0       0

පද්මේ Tuesday, 29 October 2013 04:20 PM

දැන් ගොඩක් දේවල් වෙන්නේ අනික් පැත්තට.ඉස්සර හිටියේ ගුරුවරු නෙවී දෙවිවරු.මගේ 7 පන්තියේ මිස්ට පින් සිද්ධ වෙන්න මම ඉගෙන ගන්න ආස වුණා .අම්ම කෙනෙක් වගේ මිස් කෙනෙක්.ලකුණු මදියි කිව්වොත් එකත් කොහොම හරි වැඩි කරල දෙනවා.මා ඇතුළු මිතුරන් බොහෝ දෙනෙක් අද ඉහල තනතුරු දරන්නේ එදා හිටිය මෑණිවරු පියවරු වැනි ගුරුවරුන් නිසයි.ඔවුන් රැකියාවකට වැඩිය යුතුකමක් සහ සේවයක් හැටියට වැඩ කළ නිසා වෘත්තිය ආරක්ෂා කලා. (ස)

:       0       0

සුනිල් හොරගල Tuesday, 29 October 2013 10:21 PM

ගරුකළ යුත්තාට ගරු කරන්න උගන්වනවා නම් මේ කිසි ප්‍රශ්නයක් නැහැ.අබුද්දස්ස කාලෙට ලබුත් තිත්ත වේ. (නි)

:       0       0

සීසර් Tuesday, 29 October 2013 11:09 PM

ජයසිරි ගුරුවරිය පළාත් සබාවේද ?(නදී)

:       0       0

ආරියසේන Tuesday, 29 October 2013 05:05 PM

පාසලේ හෝ පන්ති කාමරයේ ඇතුළත කුඩ ගෙන ඒම තහනම් කළා නම් හොඳයි .මේකත් දැන් සටන් කරන ආයුධයක් වෙලා (නි)

:       0       0

කුමාරසිරි Wednesday, 30 October 2013 11:06 AM

බොහොමයක් පාසල් වල, වැඩකරන හොද ගුරුවරු සමග විදුහල්පති වරු හොද නැහැ . සමහර විට ඉවසල බැරිම තැන ඔහොම දෙයක් වුනාද දන්නේ නැහැ.(නදී)

:       0       0

සිරියලතා Tuesday, 29 October 2013 02:21 PM

ඇයි අර විදුහල්පති වරුන්ට දුන්න නේද යුද පුහුණුව, දෙන්න තිබුනේ රිටන්ග් එක. (ස)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 29 October 2013 02:26 PM

අනේ මන්ආ ගුරුවරු මෙහෙම මරා ගන්න කොට කොහොමද අපේ දරු පරපුර යහමගට ගන්නේ ? (ස)

:       0       0

පෙටී Tuesday, 29 October 2013 07:20 PM

පද්මේ උඹට පින්..(නදී)

:       0       0

රොකී Wednesday, 30 October 2013 07:54 AM

කුඩය රාජ සන්තක කරන්න! (නදී)

:       0       0

නිමල් - කුවේට් Tuesday, 29 October 2013 02:49 PM

මේවා දැක දැක කොහොමද ළමයින්ව පාසල් වලට යවන්නේ. දැන් කාලේ හැටියට ළමයින්ගෙන් ගුරුවරුන්ට ඉගෙන ගන්නවෙන තත්වයක් තියෙන්නෙ. (ස)

:       0       0

ගජ මෑන් Tuesday, 29 October 2013 02:49 PM

විදුහල්පතිලාට දෙමාපියොත් ගහනවා, ශිෂ්‍යයොත් ගහනවා , ගුරුවරුත් ගහනවා, මැරයොත් ගහනවා, මොකක් හරි කොතන හරි වැරද්දක් ඇති. (ස)

:       0       0

දෙවිනුවර ජයසිරි ලියනගේ Tuesday, 29 October 2013 03:09 PM

මේකට ප්‍රධාන හේතුව හැටියට මට පේන්නේ පාසල් වලට ළමයින් ගන්න විදුහල්පතිවරුන්ට සම්පූර්ණ ලබය ලබා දීම.පාසල් වලට ළමයින් ඇතුලත් කිරීමට කමිටුවක් පත්කල යුතුයි. මෙය දේශපාලකයින්ටත් වාසි ලබා ගන්න කරපු වැඩක් . පාසල් වලටත් දේශපාලනය ඇතුල් වෙලා මේ රටේ යන්තම් හරි ඉතිරිවෙලා තියෙන නිදහස් අධ්‍යාපනයත් වල පල්ලට යන වැඩක්. (ස)

:       0       0

හේෂානි Wednesday, 30 October 2013 08:56 AM

ගුරුවරුනි, උත්තරීතර ගුරු පදවිය ඔබලාම විසින් හෑල්ලුවට ලක්කර ගැනීම රටටම කරන්නා වූ බලවත් අපරාධයක් වනු ඇත. (නදී)

:       0       0

ශිරෝ Tuesday, 29 October 2013 03:20 PM

සමාජයේ පරිහානිය නේද මේ පේන්නේ? අපිට හිටියේ ගුරු දෙවිවරු දැන් ගුරුවරු එහෙම නෑ. (ස)

:       0       0

ක්‍රිෂාන් කෞෂල්‍ය Tuesday, 29 October 2013 03:39 PM

ඇයි මේ වගේ නරක ආදර්ශ දෙන්නේ ...ගුරුවරු (ස)

:       0       0

සරදියෙල් Tuesday, 29 October 2013 03:40 PM

මේ මං අහන්නේ ඇයි දැන් මේ රණ්ඩු වෙලා තියෙන්නේ.......ගුරුවරිය නොමන විදියට සාරියවත් අදාල ඒකට උපදෙස් දෙන්න ගිහින්ද...මොකද කොට ගවුමක් අදින්න විදියක් නෑනේ ගුරුවරියක් නිසා... (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 618 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 299 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site