IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


රත්නපුර රෝහල් දෙකක සී.ටී යන්ත්‍ර කොටඋඩ

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

රත්නපුර  ශික්ෂණ රෝහලේ සහ  ඇඹිලිපිටිය මහ රෝහලේ  සී.ටී ස්කෑන්  යන්ත්‍ර දෙක අකර්මන්‍යවී ඇති හෙයින්  කඩිනමින් එම  යන්ත්‍ර නවීකරණය කර දෙන ලෙස ඉල්ලීමක් කරන බව රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ  මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය.

මොනරාගලින් බදුල්ලෙන් පවා සී.ටී ස්කෑන් වාර්තා ගැනීමට යොමු කෙරෙන රෝගීන් මේ හේතුවෙන් විශාල මුදලක් වැය කර කොළඹට එවීමට සිදුවී ඇති බවද   ඔහු සඳහන් කළේය.

මේ යන්ත්‍ර කඩිනමින් නවීකරණය කර දෙන ලෙස තමා ඉල්ලීමක් කරන බවද වලේබොඩ මහතා පැවසීය.

ඇඹිලිපිටිය රෝහල මධ්‍යම  රෝහලක් බවට පත්කරන බවට  ප්‍රකාශ කළද  මෙය  මධ්‍යම රජයේද සබරගමු පළාත් සභාවේද යන්න  නිශ්චිත නොවීම තුළ උසස් කිරීම්  මාරු කිරීම් කාර්ය මණ්ඩල පත් කිරීම් කිරීමට  ගැටළු සහගත තත්වයක් උදාවයි ඇතැයිද  මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ගාමිණී වලේබොඩ මහතා මෙසේද පැවසීය.

ආයුර්වේද පනත අනුව අවසර ලබාගෙන පැළ කළ යුතු පැළෑටි  වර්ග 400ක් හඳුන්වාදී තිබෙනවා. මේ පැළෑටි සෞඛ්‍ය අරමුණු වෙනුවෙන් පාවිච්චි කරනවා නම් සිංහල වෙදකමට ගන්නවා නම්   වෛද්‍ය සභාවේ අනුමැතිය යටතේ තමයි වගා කරන්න වෙලා තියෙන්නේ. එහෙම අවසර නැතුව හැදුවොත් නඩු කියලා අවුරුද්දකට හිරේ යවන්න පුළුවන්.  ලක්ෂයක දඩයකට යටත් කරන්නත් පුළුවන්. මේ පනත අනුව ගංජා පුද්ගලික පරිභෝජනයට අවසර  නැතුව  වගා කරන්න පුළුවන්.  වාණිජ අරමුණින් වගා කරනවා නම් විතරයි අවසර ගන්න ඕන වෙන්නේ.

ඔහු මෙසේ පැවසුවේ වෛද්‍ය සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය.



අදහස් (1)

රත්නපුර රෝහල් දෙකක සී.ටී යන්ත්‍ර කොටඋඩ

sunimal Thursday, 08 August 2024 04:28 PM

මේ මිනිහාගේත් කයිය විතරයි. ගැලරිය පිනවන කතා කිය කියා ඉඳලා දැන් ඊළඟ ඡන්දෙදී ගෙදර යන්න වෙන බව දැනුණාම පන්සල් අල්ලාගෙන ගොඩයන්න දඟලන හැටි දැක්කාම දුකයි...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 605 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site