(අජිත්ලාල් ශාන්තඋදය)
රත්නපුර මහ නගර බල ප්‍රදේශයේ සහ ඇහැළියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රාජ්‍ය ආයතන කිහිපයක ඩෙංගු රෝග කාරක මදුරුවන් ඝනත්වය ඉහළ මට්ටමක පවතින බව රත්නපුර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥවරිය අවධාරණය කරයි.
කීට විද්‍යා සමීක්‍ෂණයකින් මේ බව අනාවරණය වී ඇති බව වසංගත රෝග විද්‍යාඥවරිය පසුගිය 31දා රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ පැවති රත්නපුර දිස්ත්‍රික් සම්බන්‍ධීකරණ කමිටුවට දැනුම් දුන්නාය.
වරින්වර වැසි සහිත කාලගුණ තත්ත්වයන් පැවතීම නිසා ඉදිරියේ මෙම ප්‍රදේශවල ඩෙංගු රෝගීන්ගේ ප්‍රමාණය ඉහළ යාහැකි බව ද ඇය පෙන්වා දුන්නාය.
ඇහැළියගොඩ රෝහල් පරිශ්‍රය, ධර්මපාල මහ විද්‍යාලය සහ ජාතික පාසල් පරිශ්‍රය, කෘෂිකර්ම සංවර්ධන මධ්‍යස්ථාන යන පරිශ්‍රව වල රෝග කාරක මදුරු කීටයන් ඇති බව සමීක්‍ෂණයේදි අනාවරණය වු බව ද වසංගත රෝග විද්‍යාඥවරිය කීවාය.
රත්නපුර නගර සීමාවේ, පොලිස් ස්ථානය, අධ්‍යාපන මධ්‍යස්ථානය, රත්නපුර ඩිපෝව, රත්නපුර අධිකරණ සංකීර්ණය යන ස්ථාන අවට පරිශ්‍රවල ඩෙංග රෝග කාරක මදුරු කීටයන් සමීක්‍ෂණයේ දී හමුවු බව හෙළි කළා ය.
මෙම ස්ථාන හැකි ඉක්මනින් පිරිසිදු කිරිම අත්‍යවශ්‍ය බවත් පාසල් ළමයින් සහ මහජනතාව වැඩිපුර ගැවසෙන ස්ථාන නිසා එය වහා කළයුතු බව අවධාරණය කළාය.
2025 දෙසැම්බර් මස 18
603
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රත්නපුරේ රාජ්‍ය ආයතනවල ඩෙංගු විමානවල්
Dayananda Sunday, 04 August 2024 04:49 AM
ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්‍යාලයට යාබද වැසිකිළියේ තත්වය බලා නැහැ කියලා කියන්න පුළුවන් , දැරණියගල ප්‍රදේශයේ පදිංචි මම මගේ දරුවාගේ අවශ්‍යතා සදහා ඇහැලියගොඩ ජාතික පාසලට පැමිණි අවස්තාවල එය දැකල තියෙනවා .මම කියන අඅනෙක් තත්වය බොහෝ ප්‍රදේශවල වෙන්න පුළුවන් මහාමාර්ග වල උඩින් වසා තියෙන කානුවලට කඩවල් හා ගොඩනැගිලි වල පිරිසිදු කිරීම් වලින් පස්සෙ ඉතිරිවන වැලි වැනිදේ කානුවල වැස්මේ සිදුරු වලින් කානුවලට දානවා ඒවා එකතුවෙලා කානුවල වතුර රැදෙනවා ඒවායේ මදුරුවො ඇතිවෙනවා කියලා මට හිතෙනවා කොහොම කිව්වත් මේ කාලයේ වැසි ඇතිවෙන ආකාරයට කිසිම කෙනෙකුට දිනපතාම ගෙවතු පිරිසිදු කරන්න පුළුවන් කමකුත් නැහැ