රත්නපුර රෝහලේ ආරක්ෂ නිලධරයකුට පහර දුන්නැයි සැකපිට රත්නපුර මහ නගර සභාවේ විපක්ෂ නායන ලක්ෂ්මන් මුණසිංහ මහතා රත්නපුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හරිනු ලැබීය.
ආරක්ෂක නිලධරයා පහර දුන්නැයි විපක්ෂ නායක හා ඔහුගේ බිරිය ද රෝහලේම ප්‍රතිකාර ලබති.
රෝහලේ සිටින විපක්ෂ නායකගේ පුතාට කෑම රැගෙන යාම සම්බන්ධයෙන් ඇති වු අවුලක් මත දෙපාර්ශවයම පොලීසියට පැමිණිලි කැර ඇත.
2025 දෙසැම්බර් මස 18
389
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
226
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රත්නපුර නගර සභා විපක්ෂ නායකට පොලිස් ඇප
සඳුනි රත්නායක Thursday, 03 July 2014 01:14 PM
මේ තරම් දේශපාලන චරිතයක පුතා ඉන්නේ රත්නපුර රෝහලේ , නිහතමානි කම විහිලුවට නොවෙයි කියුවේ (දී)
පිටිගල Thursday, 03 July 2014 01:44 PM
රජයේ රෝහල්වල ඉන්න ආරක්ෂකයෝ සහ සුළු සේවකයෝ රෝගීන් බලන්න එන අයට හරියට පාට් දානවා. . කතා කරන්න දන්නෙම නැහැ. නූගත් චන්ඩි තමයි ඉන්නේ වැඩි හරියක්. ඒ උනාට බුලත් විටක්, සිගරට් එකක් දුන්නනම් ඕන වෙලාවක ලෙඩ්ඩු බලන්න යන්න පුළුවන්. දේශපාලකයෝ තමයි මේ වැරැද්ද කරන්නේ. දැන් ඒක දේශපාලකයෙකුටම පාරා වළල්ලක් වෙලා. එක අතකට ගහන්න ගිහින් ගුටි කන්නයි තිබුනේ. (නදී)
ප්‍රබෂ් කුලරත්න Thursday, 03 July 2014 03:06 PM
නිමල් මුණසිංහ කියන්නේ ගල් කැල්ලක් විකුණගෙන පාඩුවේ ඉන්න මනුස්සයෙක්. රත්නපුර රෝහලේ ආරක්ෂක සේවයේ අමුතුම කට්ටිය ටිකක්. ටිකට් කපපු ලෙඩෙක් වාහනයට නැග්ග ගන්න වහනය ප්‍රධාන දොර ලගට ගන්න දෙන්නේ නෑ. ලෙඩාගේ ටිකට් කපල අතේ සවිකළ ඉදිකටු ගලවල රෙදි මලු ටික ලෙහෙස්ති කරන කල් මට වාට්ටුව ලඟ ඉන්න දුන්නේ නැති පුදුම ආරක්ෂකයෝ ටිකක්. මේ ගිය මාසේ මට සිදු උන සත්‍ය සිද්ධිය. කිසිවකු හෝ මෙය අභියෝගයට ලක් කරනවානම් ඔප්පු කරන්න මම ලැහැස්තියි. දෙකේ වාට්ටුව පැත්තේ දොර ලග ඉන්න ආරක්ෂක කාන්තාවට මෙලෝ සිහියක් නෑ. ලෙඩුන් බලන වේලාවෙන් භාගයක් ඉවර වෙන්නේ ෂොපින් මලු පරීක්ෂා කරන්න. බල්ලන් එලවනවා වගේ ආගන්තුකයන් පන්නන්නේ. මෙම සේවය පුද්ගලික උවත් පැහැදිලි ලෙසම දේශපාලනයට ගොට්ට අල්ලන බව පේනවා ආපන ශාලාව අසල ප්‍රධාන දොර දෙස බල හිටියොත්. කොටින්ම උගත් වෙදදුරන් මෙතරම් උඩගු නැතුව ඔවුන්ගේ රාජකාරිය කරනවා. (ස)
ධම්ම Thursday, 03 July 2014 12:14 PM
දේශපාලකයෝ මෙවන් ගණන්කාරකම් කරන බවට මතයක් සමාජගත වී තිබෙනවා. එය වෙනස් කරන්න හරි අමාරුයි. (නදී)
ප්‍රසන්න Thursday, 03 July 2014 12:16 PM
අද ලංකාවේ දේශපාලන පක්ෂ නියෝජනය කරන්නේ චන්ඩියෝ, හොරු සහ කප්පන් කාරයෝ. මෙයට ආදර්ශය දුන්නේ කව්ද කියන එක මුළු රටම දන්නවා. (නදී)
තබුක් සිල්වා Thursday, 03 July 2014 12:16 PM
සම්පුර්ණ බලය තිබුනා නම් කොහොම තියේවිද ? (නදී)