IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රත්නපුර නගරය අදුරේ: ලක්ෂ 38 ක විදුලි බිලක්

(අජිත්ලාල් ශාන්තඋදය )

රුපියල් ලක්‍ෂ තිස් අටක විදුලි බිලක් නොගෙවීම නිසා මේ වනවිට රත්නපුර මහ නගර සභා බලසීමාවේ මාර්ග ඇතුලු පොදු විදුලිපහන් වලට සපයන විදුලිය විසන්ධි කර ඇත.

නගරයේ ප්‍රධාන වීදි මෙන්ම නගර සභා බල සීමාවේ අතුරු පාරවල් වලද වීදි පහන් නොදැල්වෙන නිසා ව්‍යපාරික ආයතන වල නාමපුවරු සහ ව්‍යපාරික ස්ථාන සහ නිවෙස් වලින් දැල්වෙන විදුලි පහන් වලින් පමණක් නගරයට ආලෝකය ලැබෙන බව නගරවාසීහූ කියති.

මේ සම්බන්‍ධයෙන් පසුගියදා පැවති රත්නපුර දිස්ත්‍රික් සම්බන්‍ධීකරණ කමිටු රැස්වීමට නාගරික කොමසාරිස්වරයා ද මේ බව දැනුම් දුන්නේ ය.

 එහිදී කමිටුවේ සම සභාපති රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිළ එල්ලාවල මහතා පැවසුවේ පළාත් පාලන ආයතන වලට ආදායම් ලැබෙන්නේ බදු ආදායමෙන් බවයි. නමුත් වර්තමානයේ ඉහළ විදුලි බිලක් ගෙවීමට පළාත් පාලන ආයතන වලට හැකියාවක් නැති බව යි.

පලාත් පාලන රාජ්‍ය ඇමති ජානක වක්කුඹුර මහතා පැවසුවේ ජනතාවට අයිති වතුරටික විදුලිය නිපදවන්න විදුලි බල මණ්ඩලයට නොමිලේ ලබාදුන්න ද විදුලි බලමණ්ඩලයෙන් පොදු සේවාවන් නොමිලේ නොදෙන බවයි. ඒ සම්බන්‍ධයෙන් වහාම සොයා බලන බව ද රාජ්‍ය ඇමතිවරයා කීවේ ය.

 

 



අදහස් (5)

රත්නපුර නගරය අදුරේ: ලක්ෂ 38 ක විදුලි බිලක්

saman Wednesday, 07 February 2024 09:45 AM

මැති ඇමැති වරුන්ගේ ගෙවල්වල විදුලිය විසන්ධි කරන්නේ නැත්තේ ඒවායේ බිල මිලියන ගණන් නිසාද?

:       0       1

Nimal Wednesday, 07 February 2024 09:55 AM

ජලය ලැබෙන්නේ නොමිලේ වන්න පුළුවන්... නමුත් ජලවිදුලිය නිපදවීමේදී වෙනත් වියදම් බොහෝමයක් තිබෙනවා. අනෙක ජල විදුලිය පමණක් ප්‍රමාණවත් මදි... මේ අයට ඕවා තේරෙන්නේ නෑ...

:       0       1

Perera Wednesday, 07 February 2024 10:00 AM

බංකොළොත් රටවල් වල ඔහොම තමයි...! 

:       0       1

රංබොඩ Wednesday, 07 February 2024 10:08 AM

ණය ගැනීමත්, විකිණීමත් හැර වෙනත් විකල්ප නැති පාලකයින්ට මේවා දැකිය නොහැකිය...

:       0       1

Ranil Wednesday, 07 February 2024 12:37 PM

සියලුම විදුලි බල්බ සූර්ය පැනල මගින් ක්‍රියා කිරීමට සලසන්න අකිල .තව කතා එපා.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 178 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 156 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site