කොළඹ හයිඩ් පිටිය ලංකා බැංකු සේවක සංගමයේ මැයි රැළියට වෙන් කැර තිබියදී උසාවි නියෝගය නොතකා ක්‍රියා එම ප්‍රදේශයට මැයි දිනයේදී ඇතුළු වීමට ගිය ඒකාබද්ධ වෘත්තිය සමිති සම්මේලනයේ සමන් රත්නප්‍රිය ට,ලංකා ගුරු සංගමයේ ජෝසෆ් ස්ටාලින්ට හා ආර් ඩී සිරිසේන ට ලබන ජුනි දෙවැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද නොතීසි නිකුත් කළේය.
පොලිසිය අධිකරණයට දැන්වුයේ තමන් අධිකරණ තීන්දුව නොපිළිගන්නා බව එම වෘත්ති සමිති නායකයින් පැවසු බවයි.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
රත්නප්‍රියට ස්ටාලින්ට නොතීසි
ද සිල්වා Wednesday, 07 May 2014 04:22 AM
ප්‍රේමදාස මහත්තයා හිටියා නම් මුලින්ම තලන්නේ අදහස් දාන පච බන්දුලගේ කට (නි)
බන්දුල පෙරේරා Tuesday, 06 May 2014 05:47 PM
රටට බරක් වුණ අය කවුරු කවුරුත්18 මාසෙකටවත් ආණ්ඩුවේ බෝඩිමට යවලා විවේකයක් දෙන්න මේ සිදුවීමෙන්වත් මඟ පෑදුනොත්, එදාට අම්මපා දොහොත් මුදුන් දීලා තීරණය දීපු විනිසුරුතුමාට පින් දෙනවා තිස් තුන් කෝටියක් දෙවිවරුන්ගේ පිහිට පතලා බැට කන ජනතාව වෙනුවෙන් කළ පින්කමට. (නි)
බන්දුල පෙරේරා Wednesday, 07 May 2014 07:27 AM
සිල්වා මහත්තයා අහක යන තොප්පියක් දාගත්තද තමන්ට අදාළ තොප්පිය දාගත්තද දන්නේ නැහැ.සිල්වා මහත්තයත් ඔය සංගමයකට සම්බන්ධ නම් ,නායකයෙක් නම් ඉතින් ගිය දවසක දෙන්නත් එක්ක තල තලා ඉන්න පුළුවන් වේවි.මොකද ආයි අමුතු තැනකට යන්න ඉඩක් ලැබෙන්නේ නැහැ (නි)
ගිහාන් Tuesday, 06 May 2014 06:19 PM
පිටිගල මාමේ . ඕන්න ඉතින් ඔයත් "උගත් මහත්තුරු" කියලා පාවිච්චි කළා නේද? නීතිය නොදන්නවා නම් උගත් මහත්තුරු වෙන්නේ කොහොමද පිටිගල මාමේ? (නි)
මධුභාෂිනී Tuesday, 06 May 2014 06:46 PM
මෙවැන්නෝ නීතිය ගණන් නොගන්නේ දඬුවම් විඳින්නට බලාගෙනමය. මේවා හිතුවක්කාරකමට කරන දේවල් නොවෙයි. කරන්නේ හිතාමතා සැලසුම් කරලාය. මේ අයට උගත් මහත්තුරු යැයි කවරෙකු හෝ කියනවා නම් ඔහුගේද අදහස් ගැන විමසිල්ලෙන් ඉන්න එක හොඳයි. (නි)
බන්දුල පෙරේරා Tuesday, 06 May 2014 07:17 PM
මේ රටේ රාජ්‍ය සේවයේ සමහර වෘත්තීය සමිති නායකයින් කියන්නේ ලේ මාපිල්ලු වගේ කොටසක්. තමන් සේවය කරන තමන් සේවය කළයුතු පාර්ශවයන් වෙත තමන්ගෙන් ඉටුවිය යුතු වගකීම ඉටු කිරීම වෙනුවට ඔවුන් ප්‍රාණ ඇපයට අරගෙන කප්පම් ඉල්ලීම තමයි මොවුන් සමහරකගේ ප්‍රධාන කාර්යය හා පරමාර්ථය සහ රැකියාව වෙලා තියෙන්නේ. දැනට පවතින හෙද වැඩ වර්ජනය මෙයට හොඳම උදාහරණයක්. බංකොලොත් දේශපාලන පක්ෂ වල අතකොලු වෙමින් රාජ්‍ය සේවය කඩාකප්පල් කර මහජනයා හැකිතාක් අපහසුතාවයට පත්කර එමගින් තම දේශපාලන අභිමතාර්ථ සපුරාගන්න හදන අය දුටු තැන තලා දාන්න ඕනෑ ප්‍රේමදාස මහත්තයා කළා වගේ. (නි)
උඩුරාවණ Tuesday, 06 May 2014 08:47 PM
බන්දුල අවසාන වචන හතර ලොප් කළොත් මම ඔබ හා එකඟයි. (නි)
අවිශ්ක Tuesday, 06 May 2014 12:04 PM
නීතියට අවනත නොවුනොත් වරදක් තමයි (දී)
ජයසිංහ Tuesday, 06 May 2014 01:40 PM
අනේ පවු මෙයාලට දඩුවම් කරන්න නම් එපා. ජනතාවට මොනතරම් ආදරේ කරන කට්ටියක්ද මොනතරම් සේවයක් කරනවද? රජයෙන් පඩිත් ගන්නේ නැතුව දිවා රෑ නොබලා වැඩ කරන්නේ. මේ ගිහින් තියෙන්නෙත් අපි වෙනුවෙන්නේ අනේ පවු අසරණයෝ දෙන්නා.(නදී)
හේරත් Tuesday, 06 May 2014 03:24 PM
ජයසිංහ කියන එක හරි. මොනා වුණත් ඒ අයට පව්. (ස)
අල්විස් Tuesday, 06 May 2014 03:34 PM
මෙයාල නිදහසේ වැටුප් වැඩිවීම් සමග ගුරු වැටුප් ලබන අතර සංගමයේ සේවයට "කැපවී" සුවුශේෂ දීමනාද ලබන පිරිසකි. නමුත් මෙයාලා උසාවියට ගරු කරන්ට ඕන කියලා දන්නේ නැති අය (දී)
ප්‍රසාදිනී Tuesday, 06 May 2014 04:11 PM
දැන් උසාවියට විරුද්දව වර්ජනය කරයිද දන්නේ නෑ. ජීවිතේම වර්ජනනේ මෙයාලගේ දර්ශනය (දී)
පිටිගල Tuesday, 06 May 2014 04:19 PM
නීතිය නොදත් උගත් මහත්වරු. ඒ නිසා සමාවක් දෙනවා නම් හොදයි.(දී)