(අංජුල මහික වීරරත්න)
රට වැටෙන බව අවුරුදු දෙකකට කලින් දැනගෙන හිටියත් ඒ බව කියන්නට තම බිරිඳ හැර වෙන කවුරුවත් නොසිටි බව මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ඊයේ(18)පැවසීය. ලේකම් මහින්ද සිරිවර්ධන මහතා මේ බව පැවසූයේ ධුරයෙන් විශ්‍රාම යාම වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේ පැවැති උත්සවය අමතමිනි.
ඒ මානසික පීඩනය තවමත් දැනෙන බව කී සිරිවර්ධන මහතා තමන් පැවසූ දේවල් මුදල් මණ්ඩලයේ හෝ වෙනත් කිසි කෙනෙක් ගණන් නොගත් බවද සඳහන් කළේය.
ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ පැවති උත්සවයේදී මහින්ද සිරිවර්ධන මහතා මෙසේද කීය.
"අප්‍රේල් 8 වෙනිදා මම වැඩ බාර ගත්ත දවසේ නෙමෙයි,මේ රට වැටෙන බව මම අවුරුදු දෙකකට කලින් දැනගෙන හිටියා.මට මේක කියන්න වෙන කිසිම කෙනෙක් හිටියේ නෑ.මම ගවනර්ට කිව්වා.ගෙදර ගිහිල්ලා මම හැමදාම කිව්වෙ මගේ බිරිදට.ඒ මානසික පීඩනය තාමත් මට දැනෙනවා.
මේ අර්බුදය සමග මා අවුරුදු පහක් දුක් වින්ද මනුස්සයෙක්.මම මේක දැනගෙන හිටියා .ඒත් කරන්න දෙයක් තිබුණේ නෑ .මම කියපු දේවල් කවුරුත් ගණන් ගත්තේ නෑ.මුදල් මණ්ඩලයේ ගණන් ගත්තෙත් නෑ. ඒ දවස්වල හිටපු අධිපතිවරු ගණන් ගත්තෙත් නෑ.මේ තත්ත්වය එනවා කියලා සක්සුදක් සේ පැහැදිලි වුණා.නමුත් ඒ අනතුරු ඇඟවීම් වලට නිසි අවධානයක් යොමුවුණේ නෑ.මේ අර්බුදයේ 2020 සිට අද වනතුරු ඉන්න එකම ජ්‍යෙෂ්ඨයා මම වෙන්න පුළුවන්.ඒ අත්දැකීම් වලින් තමයි මම මේ ඉතා වගකීමෙන් කියන්නේ යනුවෙන්ද මහින්ද සිරිවර්ධන මහතා කීය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
රට වැටෙන බව කලින් දැනගෙන හිටියා අහන්න හිටියේ බිරිඳ විතරයි
Bandara Wednesday, 18 June 2025 08:42 PM
එතකොට රනිල් ආවට පස්සේ මොකුත්ම වුනේ නැද්ද?
randil dunuwilleThursday, 19 June 2025 08:52 AM
බණ්ඩාර මහත්තයෝ එයා ආවට පස්සේ බාර් පර්මිට් වැඩිවුනානේ දන්නේ නැද්ද?
Perera LDThursday, 19 June 2025 09:31 AM
රනිල් එනකොට වැටිලා ඉවරනේ. මම හිතන්නේ මෙතන කියන්නේ ඊට කලින් හිටපු අය ඇහුවේ නෑ කියලා.
disanaayakaThursday, 19 June 2025 09:39 AM
බණඩාර මහත්මයා අපේ සමාජයේ තිබුණු ගුණධර්ම කෙතරම් පිරිහී ඇතිද යන්න පෙන්වන හොඳ පැතිකඩක් තමයි මේ. මා අතීතයේ පටන්ම වාම වැඩි ප්‍රවාහය සමග කටයුතු කල කෙනෙක්. නමුත් රනිල් මහතා නොසිටින්න අද අපේ රට පත්වන්නට තිබුණු ඉරණම හිතාගන්නටවත් බැහැ . 2022 දී මිනිස්සුන්ට තම ආත්ම ගෞරවය පසෙක ලා දවස් ගණන් පාරේ රස්තියාදු වෙන්න සිදු උනා . තව ටිකක් දුර ගිය නම් හාමතේ මිනිස්සු මැරෙනවා . චන්ඩි බයේ ඇඳන් යට හැන්ගේද්දී රනිල් මහතා ගිලෙමින් තිබුණු නැව පරිස්සමෙන් වරායට ගෙනාවා . ඒ මනුස්සයට චන්දෙ නොදුන්නත් ඔහු කල ක්‍රියාව අගයන්න තරම්වත් මේ කාලකන්නි සමාජයේ බහුතරයකගේ කාලගුණ සැලකීමේ ගුණය හිත්වල නැහැ . මෙවැනි ගුණමකු සමාජ වලට ඇත්තටම පැවැත්මක් නැහැ .
Jay Thursday, 19 June 2025 08:51 AM
@bandara.. ඇයි උනේ .රෝසිගේ පෝෂි එක වේයෝ කෑවේ
pakeer Thursday, 19 June 2025 09:32 AM
ඔයා මෙච්චර උගත් වෙලාත් අවුරුදු 2කට කලින් ද දැනගත්තේ ?මම නම් දන ගත්තේ මීට අවුරුදු 40 කට විතර කලින්
Jayasekara Thursday, 19 June 2025 09:52 AM
ඇහුම් කන් දෙන්නේ කොහොමද? එතකොට උන්ට තිබුනේ ගසාකන්නේ කොහොමද කියලා විතරනේ .ඔය පේන්නේ නැද්ද පවුල් පවුල් පිටින් උසාවි ගානේ
DISAThursday, 19 June 2025 11:12 AM
ජයසේකර ඔය කන්ටේනර් 323ක් හොර පාරෙන් යාමත් ලොකුම හොරකමක් තමයි . හොර වැඩ කරන හැම එකාම හොරු තමයි . මාලිමාවේ අයියලත් කයිවාරු ගැහැව්වට ප්‍රතිපත්ති නැති පිරිසක් බව ප්‍රාදේශීය සභාවල බලය පිහිටවූ ආකාරය අනුව පැහැදිලියි . උනුත් එකයි මුනුත් එකයි තොපිත් එකයි . ආයේ එකේ වෙනසක් නැහැ .
යෝගා Thursday, 19 June 2025 10:01 AM
රට වට්ටන්න ලොකුම වැඩ කොටස කලේ ජෙප්පො කියලා දැනගත්තේ කවදාද?
Lalla Thursday, 19 June 2025 11:11 AM
ආදායමට වඩා වියදම කර ණය ගෙන ණය පියවනකොට කවදා හෝ බංකොළොත්බව ලබන බව පුන පුනා ආර්ථික කටයුතු ගැන දැනුවත්ව කියපු අය ඕනෑතරම් රූපවාහිනි නාලිකාවල කතා කලා. ඒත් කවුද ඇහැව්වා කියන එක ඇත්ත. ගසාකෑම මූලික ආදායම කරගත්ත දේශපාලන නායකත්වය මෝඩ ලෙස විශ්වාස කල ඡන්ද දායකයෝ තමා ලොකුම විනාශය රටට කලේ.ඒත් රනිල් වික්‍රමසිංහ මහතාට දේශපාලන මතවාද මොනව වූවත් ස්තුතිය පුද කල යුතුයි නේද?