
(අංජුල මහික වීරරත්න)
2024 නොවැම්බර් මාසයේ දී ශ්‍රී ලාංකිකයන් 22685 දෙනකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියා සඳහා විදේශගත වී ඇති බව කාර්යාංශය සදහන් කරයි.
2024 වර්ෂයේ නොවැම්බර් මාසය අවසන් වනවිට ගෙවුණු මාස11 තුළ පුද්ගලයින් 291‚267 රැකියා සඳහා විදේශගත වී තිබෙන අතර එය 2023 වර්ෂයට සාපේක්ෂව 6.9% ක ඉහළයෑමක් බව කාර්යංශය පවසයි.
ඒ අනුව 2023 වර්ෂයේ ජනවාරි සිට නොවැම්බර් දක්වා පුද්ගලයින් 274‚265 දෙනෙකු රැකියා සදහා පිටත් වී ඇත.
මෙම වසරේ ජනවාරි සිට නොවැම්බර් දක්වා විදේශ ගත ශ්‍රමිකයින් අතරින් 178‚914 දෙනෙකු ස්වයං මාර්ග ක්‍රමය යටතේ ලියාපදිංචි වී විදේශගත වී ඇති අතර 112‚853 දෙනෙකු විදේශ රැකියා නියෝජිත ආයතන මගින් ලියාපදිංචි වී විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් ඇත.
වෘත්තීය කුසලතා රැකියා සඳහා 210‚108 දෙනෙකු හා අඩු නිපුණතා සහිත රැකියා සඳහා 81 159 දෙනෙකු පිටත්ව ගොස් ඇත. 2024 විදේශ ගත පිරිස අතරින් පිරිමි ශ්‍රමිකයින් 172‚746 ක් හා කාන්තා ශ්‍රමිකයින් 118‚521 නියෝජනය වේ.
මේ අතර, මේ වසරේ ජනවාරි සිට නොවැම්බර් මාසය දක්වා වැඩිම පිරිසක් රැකියා සඳහා විදේශගත වී ඇත්තේ කුවේට් රාජ්‍යයට වන අතර එම ප්‍රමාණය 71 210 කි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයට 48 083, සෞදි රාජ්‍යයට 45 008, කටාර් රාජ්‍යයට 43104 රැකියා සඳහා විදේශ ගත වී තිබේ.ඊශ්‍රායෙල් රාජ්‍ය සඳහා 9146 ක්, ජපානය සඳහා 7983 හා දකුණු කොරියාව සඳහා 6925 රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ.
2025 දෙසැම්බර් මස 18
621
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1101
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රට විරුවන් ගැන වාර්ථා එළියට
fairoos Wednesday, 04 December 2024 12:48 PM
මේ සැරේවත් රට විරුවන්ට හොඳ වැඩ පිළවෙළක් හදලා දෙන්න...