IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


රට විරුවන්ට විද්‍යුත් වාහන දීමේදි අඩුපාඩු රැසක්

(ජේ.කේ.එල්. චාමින්ද)

විදෙස්ගත ශ්‍රමිකයන්ට මෙරටට විද්‍යුත්වාහන ගෙන්විමේ යෝජනා ක්‍රමය යටතේ ආනයනය කර තිබු විද්‍යුත් වාහන 510 සදහා පමණක් සුඛෝපභෝගි බදු නිදහස් සිමාව රුපියල් මිලියන 06 සිට රුපියල් මිලියන 12 දක්වා ඉහළ දැමිම හේතුවෙන් රජයට අයකරගත හැකිව තිබු රුපියල් මිලියන 1,384 ක බදු ආදායමක් අහිමිවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සදහන් වේ.

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත්වාහන ගෙන්විම සදහා බලපත්‍ර නිකුත් කිරිමට අදාළව අයදුම් පත් භාරගැනිම,පරික්ෂා කිරිම,බලපත්‍ර නිකුත් කිරිම, අවලංගු කිරිම ඇතුළු සියලු කරුණු කම්කරු හා විදේශිය රැකියා අමාත්‍යංශයේ නිලධාරින් කිහිප දෙනෙකු විසින් අක්‍රමවත් පරිදි සිදුකොට ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. එම නිසා මෙකි යෝජනා ක්‍රමය යටතේ විද්‍යුත් වාහන සදහා බලපත්‍ර නිකුත් කිරිමේ දි බරපතල ලෙස විනිවිදභාවය කඩකරතිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.

එමෙන්ම බලපත්‍ර නිකුත්කිරිමට අදාළ ලිපිගොනු 64ක් විගණනයට ඉදිරිපත් කිරිමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් කටයුතු කර නොතිබුණි.

 



අදහස් (2)

රට විරුවන්ට විද්‍යුත් වාහන දීමේදි අඩුපාඩු රැසක්

fairoos Wednesday, 11 December 2024 11:32 AM

ඔක්කොම හොරු ටික අල්ලලා දාන්න ඕනෑ ඇතුළට

:       0       9

Nandana Wednesday, 11 December 2024 01:01 PM

වාහන සේල් කාරයෝ උන්ගේ සල්ලි උන්ඩියල් වලින් පිටරට උන්ගේ ගිණුම් වලට යවලා නැවත මෙහෙ බැංකු වලට දාගෙන පර්මිට් හදාගෙන රට ඉන්න එකෙක්ට කොමිස් එකක් දුන්නා නොවේද?

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 612 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1095 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site