IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


‘ රට වෙන්දේසි ලන්තයක් කරලා‘

 (නිමල කොඩිතුවක්කු)


ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් රජය රට වෙන්දේසි ලන්තයක් බවට පත් කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී  පැවසීය.

රජයේ අකාර්යක්ෂම පාලනය හේතුවෙන් ලෝකයේ ධන කුවේරයන්ට රටේ සම්පත් කුණු කොල්ලයට විකුණා දැමීමේ වෙන්දේසියක් ක්‍රියාත්මක බවත් ලාභ ලබන ආයතන පවා විකුණා දමමින්  දුටු දුටු දේ නියැලෙන ප්‍රතිපත්තියක රජය  නිරතව ඇති බවත්  විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේදී  අයි. එම්. එෆ්. ගිවිසුම සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

පාඩු ලබන ආයතන ලාභ ලැබීමටත් ලාභ ලබන ආයතන තවදුරටත් වැඩි ලාභයක් ලබන ආයතන ලෙස පරිවර්තනය කිරීමටත් නව මොඩලයක් අවශ්‍ය වුවත් රජයේ ප්‍රතිපත්තිය වී ඇත්තේ නිසි වැඩපිළිවෙළක් නොමැතිව රාජ්‍ය සම්පත් විකුණා දැමීම බවත් විපක්ෂ නායකවරයා කීවේය.

රාජ්‍ය සම්පත් විකුණා දැමීම තරයේ ප්‍රතික්ෂේප කරන බවත් අයි. එම්. එෆ්. ගිවිසුම රටට හිතකර ලෙස සකස් විය යුතු බවත් ඔහු සඳහන් කළේය.

 

 



අදහස් (1)

‘ රට වෙන්දේසි ලන්තයක් කරලා‘

මොට්ටපාල Monday, 24 April 2023 07:02 AM

මේ විපක්ෂයේ නායක මහත්තයෝ නිදහස අරගෙන අපි දැන් අවුරුදු 75 පසුකර තියෙන්නෙ රට එන්න එන්නම අගාධයකට යනවා කියලා පේන්නෙ නැද්ද නිදහස ලැබුනාට පස්සෙ මහලොකු සමාජවාදීන් කියාගන්නා පිස්සොත් එදා සිටම පුද්ගලික අංශය විනාශ කරන්නත් හැම දෙයක්ම රජයෙන්ම කරන්න කියලා දැන් වෘත්තීය සමිති කාරයො වගේ කෙළවරක් නැතුව අරගල කලා අහල ඇතිනේද ගල් ඔය ව්‍යාපාරය කරද්දී එක සමාජවාදියෙක් මැලේරියාව හදා මිනිස්සු මරණවා කියලා උද්ඝෝෂණ කලා කියලා උන්දැට තිබුනෙ පොතේ දැනුමක් විතරයි 56 දේශපාලනය ගත් මිනිහත් සිංහල විතරක් කරල අවුරුදු 30 කට ආසන්න යුද්ධයෙන් හා 71 හා 87-89 සමාජවාදීන් කියාගන්නා ජෙප්පො රට විනාශ කලා දැන් වෘත්තීය සමිති කාරයෝ රට කනවා ඔහේ කියන ආකාරයට රට හදන්න බැහැ රජය ව්‍යාපාර කිරීම නවතා ව්‍යාපාර වලින් බදු අරගෙන රට පාලනය කරන්න ඕන ඇත්තටම උන්නැහේ තමුන් බැරිවෙලා හරි ජනාධිපති වුනොත් දැනට රට අරාජික කරන මිස්ට තට්ටයා සහ සමාගම් කරන අලුගුත්තේරු වැඩ ගැන මොනවාද කියන්නෙ ඒවා ගැනත් කියන්න බලන්න බොරු ශෝබන එපා මහත්තයෝ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 258 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 441 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 182 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site