
( තිළිණි ද සිල්වා )
කොරෝනා වසංගත තත්ත්වය මත මැදපෙරදිග ඇතුළු විදේශයන් හි විවිධ රැකියාවල නියුතු ලාංකික ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට කඩිනමින් ගෙන්වාගැනීමට අවශ්‍ය නිරෝධායන මධ්‍යස්ථාන පහසුකම් නොමිලේ ලබාදීම සඳහා පෞද්ගලික හෝටල් හා සංචාරක නිකේතන ද සම්බන්ධ කරගනිමින් ක්‍රමවේදයක් රජය විසින් සකසා ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
ඒ අනුව පෞද්ගලික අංශයේ සංචාරක හෝටල් හා නිකේතන දහයක් (10) එම නිරෝධායන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට තෝරා ගෙන ඇති අතර ඒවා සඳහා ජාතික කොවිඩ් මර්දන කාර්ය සාධක බලකායේ අනුමැතිය සහිතව තෝරාගෙන ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
මෙම එමගින් එක් වරකට 571 දෙනකුට නිරෝධායන පහසුකම් සැපයිය හැකි වේ.
මෙහි දී හෝටල් ගාස්තු, ආහාර පාන සහ සෙසු සියලු පහසුකම් සම්පාදනය කරනු ලබන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෘහ සේවකයන් හැරුණාම අනෙක් අයට අවශ්‍ය නැහැ විශාල පඩි ලැබුණත්, ආණ්ඩුවේ රක්ෂණ ගාස්තුවත් ගෙවන්න කැමැති නැහැ. රණ්ඩු අල්ලනවා... වැඩි වැටුප් ලබන මේ අය ඉතාම මසුරු ජීවිත ගත කරන්නේ. හරියට කන්න බොන්නෙත් නැහැ. බොහෝමයක් ආගමික වැඩ, දානමාන වැඩිපුරම කරන්නේ අසරණ ගෘහ සේවකයන් පමණයි.
ගොඩක් හොඳයි...
අවුරුදු කීයක් යයිද සේරම දෙනාට එන්න...? විහිළු සපයන්නේ නැතිව පී.සී.ආර්. නෙගටිව් නම් ගෙදර නිරෝධායනයට ඉඩදෙන්න.
ඡන්දයක් ළඟ එන හැඩයි..
ආණ්ඩුවට අවුරුද්දක් ගියාට පස්සේ රටවිරුවෝ හෝටල්වල නොමිලයේ නිරෝධායනය කරන්න මතක් වෙන්නේ පළාත්සභා ඡන්ද තියන්න කියලා ඉන්දියාවෙන් ජිනීවාවලදී තර්ජනය කළ නිසා... ඔහොම යමු.. පළාත් සභා ඡන්දෙදී බලාගන්න පුළුවන් 69 ලක්ෂයෙන් තව ලක්ෂ කීයක් ආණ්ඩුවට තිබෙනවද කියලා...
ලංකාවට පැමිණීමට බැරිව සිටින මුලු ප්‍රමාණය 40,000ක් එක වරකට උපරිම 571 දෙනෙක් පමණයි නම්, දින 10ක් නිරොධායනය යටතේ 40,000ක මුලු ප්‍රමාණය ගෙන්වා ගැනීමට ආසන්න වශයෙන් දින 700ක් (අවුරුදු 2ක්) යනවා. ඒ නිසා විදේශ සේවා කාර්යාංශය සතු බිලියන 12ක මුදල භාවිතා කර හැකි ඉක්මණින් ගෙන්වා ගන්න.
පිටරටවලින් කාලා බඩ පුරෝගෙන උද්දාමයට පත්වෙලා, පහුගිය කාලේ සද්දෙට තප්පුලාගෙන කොඩි වැල් කරේ එල්ලගෙන ආපු රට හරක් ටික නම් කොටුවලටම ගාල් කරන එක තමයි හොඳ. එ්ත් ඉතින් පුන්නක්කු වලට යන අධික වියදම තමයි රජයට දරන්න අපහසු වෙන්නේ?
ආණ්ඩුවට ඩොලර් ඕනෑ වුණාම නිකන් නිරෝධායනය මතක් වෙනවා. මාර වැඩේ ලංකාවට වුණේ. හා හා හා ...!!!
කොහෙන් ගියත් හිදැසක් තියෙනවා. ද්විත්ව පුරවැසියෙක් ලංකාවේ ගමන් බලපත්‍රයෙන් ආවොත් නිරෝධායනයට සල්ලි ගන්නවා. පිටරට බලපත්‍රෙයන් ආවොත් සංචාරකයෙක් වන නිසා නිරෝධායනය නොමිලේ...
අපි සැහෙන කාලයක් තිස්සේ බලාගෙන ඉන්නවා අපේ දරුවො බලන්න එන්න. ඒත් ඒ අවස්ථාව තාම ලැබුණේ නැහැ. හෝටල් නිරෝධායනයට එන්න තරම් වත්කම් අපිට නැහැ. රැකියා කරගෙන ඉන්න විදෙස් ගත ශ්‍රමිකයින් රැකගැනීම මෙම අවස්ථාවේ රජයේ ප්‍රධානම වගකීමක් වෙනවා. ඔවුන්ට නිවාඩුවට රටට එන්න තියෙන අවස්ථාව කප්පාදු නොකර එම අවස්ථාව තානාපතිවරුන් හරහා ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමි...