
( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
ෆින්ලන්තයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියකට හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයකුගේ සොහොයුරකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ පුද්ගලයා රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 40ක මුදලක් ඉල්ලා සිට ඉන් රුපියල් ලක්ෂ 30ක මුදලක් ලබාගෙන එම මුදල වංචාකර ඇති බව පැමිණිල්ලේ සඳහන්ය.
ඒ අනුව විමර්ශ නිලධාරීන් කණ්ඩායමක් පෙරේදා(27) දිනයේදී සැකකරුව අත්අඩංගුවට ගැනීමට ගාල්ල ප්‍රදේශයට ගිය ද ඔහු එහි නොසිටීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකියාවක් ලැබී නොමැත.අනතුරුව සැකකරුගේ දුරකතන දත්ත පරීක්ෂා කිරීමේදී අනාවරණ වු තොරතුරුමත බිබිල ප්‍රදේශයට ගිය විශේෂ පොලිස් කණ්ඩායමක්විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තමෙන්තුවට රැගෙන එනු ලැබූ බව උසස් පොලිස් නිලධාරියකු පැවසීය .
2025 දෙසැම්බර් මස 18
587
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1090
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රට රැකියා සිහිනය පෙන්වා මුදල් ගැරූ අයෙක් අල්ලයි
Neel Sunday, 29 December 2024 05:20 PM
හිටපු විදේශ රැකියා ඇමැති මේ කිසිම දේකට සම්බන්ධ නැතිව ඇති, මම හිතන විදිහට...