IMG-LOGO

රට බෙදන්නේත් නෑ සිංහලයට හානියකුත් නෑ

උතුරු පළාත් සභාව විසින් යෝජනා සම්මත කොට ගත් ෆෙඩරල් යෝජනාවලිය සිංහල ජනතාවට විරුද්ධව හෝ රට බෙදීමකට නොවන බවත් උතුරු නැගෙනහිර ඒකාබද්ධ කර දෙමළ ජනතාවට විසඳුමක් ගෙන එන යෝජනාවක් බවත් එහෙත් ඇතැම් පිරිස් ඇතුළු බොහෝ දේශපාලඥයින් පිරිසක් එම යෝජනාව සම්බන්ධයෙන් වැරදි වැටහීමක් ඇති කොට වැරදි වැටහීමක් ඇති කරවන බවත් උතුරු මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන්, බදාදා (01) පැවැති සාකච්ඡාවක දී  නෝර්වේ නියෝජ්‍ය විදේශ ඇමැති ටොර් හැටම් සමඟ කීවේය.

උතුරට බලපා ඇති ධීවර ගැටළුව හා වසර 30 ක සිට පවතින යුද්ධයෙන් අවතැන් වූවන් හට ඇති නිවාස ගැටළුව සම්බන්ධයෙන් ද මෙහිදී මහ ඇමැති කරුණු දැක්වීය.

රාජ්‍ය ලේකම්වරයා එදින උදෑසන කොළඹදී විපක්ෂ නායක ආර් සම්බන්ධන් හමුවී පසුව යාපනයේ සංචාරයක නිරතවෙමින් රෙජිනෝල් කුරේ උතුරු පළාත් ආණ්ඩුකාරවරයාද හමු විය.

මේ අතර ටෝර් හැටම් නෝර්වේ නියෝජ්‍ය විදේශ ඇමැති හා ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති ෂෝ බියෝන් ගාස්ට් සැතර් යාපනයේ සංචාරයේදී යාපන ආරක්ෂක සේනා ආඥාපති පලාලි කාර්යාලයේදි හමුවිය.

උතුරේ ආරක්ෂක තත්ත්වය උතුරේ සිවිල් පාලනය හා සංහිඳියා ක්‍රියාවලියේ දී හමුදාව ගන්නා උත්සාහය ගැන ආඥාපති සේනානායක නෝර්වේ නියෝජිතයන්ට පැහැදිලි කළේය.

02 DSC_0013 Sambandan-012016_06_01_02



අදහස් (0)

රට බෙදන්නේත් නෑ සිංහලයට හානියකුත් නෑ

සුදර්ශි Thursday, 02 June 2016 02:56 PM

උතුරේ අධ්‍යාපන වැඩ කරන මට සිංහලයාට වෙනස්කම් කරන බව හොදට පේනවා (බ)

:       0       0

නිම්මි Thursday, 02 June 2016 03:00 PM

සරත් කියන ඒකම මත කියන්නේ. දකුණේ හැමෝටම එකට ඉන්න පුළුවන්. මුන්ට බැහැ (බ)

:       0       0

නිමල් ලලිත Saturday, 04 June 2016 02:21 AM

රූපවතී, නිකන් කෑ ගහන්න එපා. පළාත් සභා අහෝසි කරලා දේශපාලු, තනතුරු නැතිකළාම හෙන්චයියලාට, නෑදෑයින්ට රට කන්න අවස්ථාව නැතිවෙනවනේ. (නි)

:       0       0

විපුල Thursday, 02 June 2016 04:40 PM

දැන් ඔය වැල්ලවත්තේ, ගල්කිස්සේ, කොළඹ යස අගේට කට්ටිය ඉන්නේ. මොන ප්‍රශ්නයක්වත් නැහැනේ. කාගේ උවමනාද මේ ඉටු කරන්න යන්නේ. (නි)

:       0       0

ධම්ම Thursday, 02 June 2016 07:38 AM

නොර්වේ කාරයින්ට මොකක්ද මේ තියෙන අමාරුව? අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ආණ්ඩුවක් තියෙනවා විධායක ජනාධිපති කෙනෙක් ඉන්නවා. ඉතින් අපේ ප්‍රශ්න අපට විසඳා ගන්න පුළුවන්. (බ)

:       0       0

අසංග Thursday, 02 June 2016 07:41 AM

එතකොට කොටියාගේ පුල්ලි මාරුකරගෙනද? (බ)

:       0       0

සරත් Thursday, 02 June 2016 07:47 AM

දෙමල අයට විතරක් තනි ප්‍රදේශයක් ,අනිත් පැති වල දෙමල අයයි සිංහල අයයි , මුස්ලිම් අයයි සතුටින් කල් ගෙවුවාවේ. අපි විතරක් තනි ජාතියක් විදියට උතුරේ ඉන්නම් .අපි ජාතිවාදී නැහැ (බ)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Thursday, 02 June 2016 06:06 PM

උතුරේ ෆෙඩරල් නම් දකුණේ ඉන්න උතුරේ මිනිසුන්ටත් උතුරට යන්න වේවි. මේ හදන්නේ නැවතත් කළු ජූලියක් ඇති කරන්නද?? (නි)

:       0       0

ක්‍රිස්ටි Thursday, 02 June 2016 06:35 PM

ඔබට සතුටුයිද දැන්? එච්චරයි මට සිංහලයන්ගෙන් අහන්න තියෙන්නේ (නි)

:       0       0

ගජබා Thursday, 02 June 2016 07:37 PM

නෝර්වේ ස්වීඩනයෙන් පළමුව ගත්තේ ෆෙඩරල්. පසුව ජනමත විචාරණයකින් වෙන්වුණා. සිංහලයෝ මෝඩ නොවේවා! අපිව කඩේ අරින්න බැහැ. අපිත් ඉන්නේ බටහිර (නි)

:       0       0

ප්‍රනාන්දු Thursday, 02 June 2016 08:28 PM

සුද්දෝ එකා පසුපස එකා පැමිණ ශ්‍රී ලංකාව අරාජිත කිරීමට එක එක මැජික් පෙන්වමින් සිටිති. සාරංගගේ අදහසටද එකඟවන අතර ශ්‍රී ලංකාව නිවැරදි දිශාවට ගැනීමට නම් උගත් බුද්ධිමත් සුවේච්ඡා තරුණ දේශපාලන සේවය අවමයෙන් වසර 10ක්වත් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාකරවා ගතයුතුයි (නි)

:       0       0

ගයන් හෙට්ටිආරච්චි Thursday, 02 June 2016 08:30 PM

නිම්මි සහ සරත් කියන එක හරියට හරි. මේකත් මතක තියා ගන්න. දකුණේ ඔක්කොටම එකට ඉන්න පුළුවන්වෙලා තියෙන්නේ, බහුතරය සිංහල හින්දා. බහුතරේ වෙනස් වූ දවසට වෙන දෙය එදාට බලාගන්න පුළුවන්. (නි)

:       0       0

දිලිනි Thursday, 02 June 2016 11:26 PM

ඔය රටවල් බෙදන්න එන රටවල අයට කියන්න ඕඈ එයාලගේ වියදමෙන් චීන මහා ප්‍රාකාරය වගේ බැම්මක් බැඳලා ඔය තනියම ඉන්න ඕනෑ කියන උදවිය වෙන්කරලා දෙන්න කියලා. හැබැයි හැමෝටම නීතිය එකයි. (නි)

:       0       0

සනත් Thursday, 02 June 2016 11:34 PM

අකුලා ගන්නවා ඇරෙන්න වෙන මොකුත් කරන්න වෙන්නෙ නැහැ. නෝර්වේ කරපු හරිය රටම දන්නවා. (නි)

:       0       0

සමන්ති Friday, 03 June 2016 12:20 AM

ඇයි උතුර නැගෙනහිර එකතු කරන්නේ? පළාත් නමයම එකතු කරලා පළාත් සභාව ඉවත් කරන්නකෝ. නෝර්වේ අයට ලංකාව ගැන තියෙන කැක්කුම මොකක්ද? (නි)

:       0       0

සමන් Thursday, 02 June 2016 09:43 AM

ප්‍රභාකරන් සටන් විරාම තියන කොටත් ඔහොම තමය් කිව්වේ. නමුත් පසුවදාම හමුදාවට ගහල අපිට කොකා පෙන්නුවා. (ම)

:       0       0

සාරංග Thursday, 02 June 2016 10:07 AM

අපේ රට සාමකාමී රටක් වෙන්නේ නම් මේ නාකි දේශපාලනඥයෝ ටික මේ ඉවත් වෙලා තරුණ ළමයින්ටත් අවස්ථාවක් දෙන්න ඕනෑ.(ම)

:       0       0

බිඟුන් Thursday, 02 June 2016 10:15 AM

රට බෙදන්න දෙන්නෙත් නෑ. අපි සද්ද නැතුව ඉන්නෙත් නෑ (ම)

:       0       0

බන්දුල Thursday, 02 June 2016 10:42 AM

කලිනුත් කපු මහත්තුර ආවේ මේ මගුල හදන්න නේද? අර්යේත් එන්නේ මොකටද මන්දා. (ර)

:       0       0

උපුල් වීරසිංහ Thursday, 02 June 2016 11:24 AM

සාරංග ඔබ හරියටම හරි සිංහල, දෙමල, මුස්ලිම් නායකයෝ කියාගන්න මහලු දේශපාලන රුකඩ ටික මෙරටින් තුරන් වෙනතුරු අපට ඉදිරි ගමනක් නම් නැහැ. ඔය හැම දෙනාම කරන්නේ ජාතිවාදය ආගම්වාදය අවුස්සමින් තමන්ගේ ගොඩ වැඩිකර ගන්න එක. (ර)

:       0       0

රූපවතී Friday, 03 June 2016 02:09 PM

මේ පළාත් සභා නැති කරනවා කියපු ඡන්ද කාලේ කෑගහපු දේශ පාලුවනේ? දැන්වත් පළාත් පළාත්සභා ක්‍රමය අහෝසි කරලා මුළු ලංකාවම එක පාලනයකට ගත්තනම් ඉවරනේ.(හේ)

:       0       0

සරෝජා Sunday, 05 June 2016 11:24 PM

ඔලුව අතගාලා අපිට ටොකු අනින්නේ නැතුව හිටියොත් තමයි හොඳ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 139 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 427 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site