IMG-LOGO

2024 මැයි මස 05 වන ඉරිදා


රට පැන්න අයියලා 148 කට ඉන්ටර්පෝල් වරෙන්තු

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

මිනීමැරුම් ඇතුළු විවිධ අපරාධ කර මෙරටින් පලාගොස් ඇති දරුණු ගණයේ පාතාල අපරාධ කරුවන් 148 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසිය (Interpol) රතු නිවේදන නිකුත් කර ඇතැයි අපරාධ සහ නීති දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතා විවෘත සහ වගකිවයුතු රජයක් සඳහා ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේදී පැවසීය.

එම සැකකරුවන් වෙනත් රටවලට පලා යෑම වැළැක්වීම සඳහා ජාත්‍යන්තර පොලීසිය මෙම රතු නිවේදන නිකුත් කර ඇත්තේ ශ්‍රී ලංකා පොලිසියෙන් කෙරුණු ඉල්ලීමක් අනුව බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා කීවේය.

ඉන් සැකකරුවන් කිහිප දෙනකු දැනටමත් ශ්‍රී ලංකාවට ගෙන්වාගෙන ඇතැයි පැවසූ කරවිට මහතා සැකකරුවන් 12 දෙනකු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන එරටේදී නඩු පවරා ඇතැයිද ප්‍රකාශ කළේය.

එම පිරිස දැනට සිටින්නේ එරට බන්ධනාගාරයේ බවද ඔහු පැවසුවේය.

විවෘත සහ වගකිවයුතු රජයක් සඳහා පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා පැවැත්විණ.

මේ අතර මරණ දඬුවම නියම වන අපරාධ සිදුකර විදේශගතව සිටින සැකකරුවන් මෙරටට ගෙන්වාගැනීමේ ගැටලූවක් පවතින බවත් බොහෝ රටවල් මරණ දඬුවම ප්‍රතික්ෂේප කරන හෙයින් මේ තත්වය ඇතිවී තිබෙන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා කීවේය.

මරණ දණ්ඩනය නියමවන අපරාධවලට සම්බන්ධ සැකකරුවන් පස් දෙනකු මෙරටට ගෙන්වා ගැනීමට මේ හේතුවෙන් රතු නිවේදන නිකුත් කිරීම ජාත්‍යන්තර පොලිසියෙන් ප්‍රතික්ෂේප කෙරුණු බවද හෙතෙම සඳහන් කළේය.

පාතාල ලෝකයේ සියලුම නායකයන්ගේ නාමලේඛනය සහ ඔවුන්ගේ පදිංචි ස්ථාන ඡායාරූප ඇතුළු සියලු විස්තර සොයා ගෙන ඇතැයිද ඔහු සඳහන් කළේය.

මේ අතර කොන්ත්‍රාත් මිනීමැරුම් කරන පාතාල කණ්ඩායමද හඳුනාගෙන ඇතැයි පැවසූ අසංක කරවිට මහතා මින් කිහිප දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයිද සඳහන් කළේය.

පාතාලකරුවන් වැඩි දෙනකු අපරාධ මෙහෙයවන්නේ විදේශයන්හි සිට බවද ඔහු පැවසුවේය.

 



අදහස් (3)

රට පැන්න අයියලා 148 කට ඉන්ටර්පෝල් වරෙන්තු

කිරිපුතා Monday, 04 September 2023 09:35 AM

කොහොම හරි ගෙන්වගෙන නිදොස් කොට නිදහස් කරලා දාමු. එහෙම අයනෙ තාම සමාජය ඇතුලෙ අපරාධ කරන්නෙ.

:       0       6

Nira Monday, 04 September 2023 09:43 AM

බැසිල් , උදයංග , අර්ජුන් මහේන්ද්‍රන් ශුවර් එකට ඇති.

:       2       7

wedage Monday, 04 September 2023 10:12 AM

කන්ජිපානි ඉම්රාන් හට රතු නිවෙදන නිකුත් කරල නැද්ද ?

:       0       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහාචාර්ය නලීන් ද සිල්වාට පිං අනුමෝදන් කරති
2024 මැයි මස 05 0 0

මෙරට කීර්තිමත් මහාචාර්යවරයකු වන ඇමෙරිකාවේදී අභිවප්‍රාප්ත මහාචාර්ය නලීන් ද සිල්වා මහතාට පැන් වඩා පිං පැමිණවීමේ පිංකමක් කොළඹ බෞද්ධ මහා සම්මේලන ශාලා


හොරණ වෙඩික්කරු රට පනිද්දී මාට්ටු
2024 මැයි මස 05 500 0

හොරණ ග්‍රේස්ලන්ඩ් වත්ත ප්‍රදේශයේදී ව්‍යාපාරිකයාට වෙඩි තැබූ බවට හඳුනාගෙන තිබූ ප්‍රධාන සැකකරු සිද්ධියෙන් පැය කීපයකට පසු ඩුබායි රාජ්‍ය වෙත පලායාම සඳහ


පාසල් පෙම කුරිරු වී සිසුවා රෝහලේ
2024 මැයි මස 05 691 0

වේයන්ගොඩ ප්‍රදේශයේ මහා විද්‍යාලයක දහවැනි ශ්‍රේණියේ සිසුවකුගේ පිහිපහරින් තුවාල ලැබු නව වැනි ශ්‍රේණියේ සිසුවෙකු වතුපිටිවල මුලික රෝහලට ඇතුලු කර ඇතැය


ක්‍රිකට් ක්‍රීඩක ගාස්තු ඉහළ නංවයි
2024 මැයි මස 05 1258 1

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ගෙවීම් සියයට 100 කින් ඉහළ නැංවීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය තීරණ කර තිබේ.


සාගතය මුළු ගාසාවටම පැතිරෙන ලකුණු
2024 මැයි මස 05 621 0

උතුරු ගාසා තීරයේ ඇති සාගතය මේ වන විට කෙමෙන් කෙමෙන් ගාසා තීරය පුරාවට පැතිරෙමින් තිබෙන බවත් ලෝක ආහාර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂක සින්ඩි මැකේන් මහත්මිය ප්


ලක්ෂ අටකට වාලම්පුරි විකුණන්න බැරිවෙයි
2024 මැයි මස 05 200 0

රුපියල් ලක්ෂ අටක මුදලකට වාලම්පුරි දෙකක් අලෙවි කිරීම සදහා පුත්තලම පාලවිය ප්‍රදේශයට පැමිණි සැකකරුවෙකු පුත්තලම කොඨඨාශ අපරාධ විමර්ශන අංශයේ නිළධාරීන් අ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 493 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1942 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1709 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site