(සුජිත් හේවාජුලිගේ)
ඉදිරි මාසයේදී අත්‍යවශ්‍යම කටයුත්තකට හැරෙන්නට විදේශගත වීමෙන් වළකින්නැයි ආණ්ඩුව සහ විපක්ෂයේ නායකයන් සිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම්දී ඇත.
මන්ත්‍රීවරුන් මැතිවරණ ප්‍රචාරක වැඩපිළිවෙළට උපරිම වශයෙන් දායක කර ගැනීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇතැයි පක්ෂ ආරංචි මාර්ගවලින්
පැවසේ.
එම තීරණයත් සමග මන්ත්‍රීවරුන් පිරිසක් සිය විදේශ ගමන් අවලංගු කරගෙන ඇතැයි දැනගන්නට ඇත.
මේ අතර ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම්ද දිනකට සීමා කර ඇත. මේ අනුව පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන්නේ ලබන 21 වැනිදා පමණි. මන්ත්‍රීවරුන්ට මැතිවරණ කටයුතු වලට යෙදීමට අවස්ථාව සැලසීමේ අරමුණින් එම පියවර ගෙන ඇත.
සිය ගම්බිම්වල රැඳෙමින් මැතිවරණ ප්‍රචාරක වැඩපිළිවෙළට උපරිම වශයෙන් දායක වන්නැයිද පක්ෂ නායකයන් මන්ත්‍රීවරුන්ට උපදෙස් දී ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ,විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ගේ ජය තහවුරු කෙරෙන මංගල ප්‍රචාරක රැස්වීම් මේ සති අන්තයේදී පැවැත්වීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
622
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රට ගමන් සීමා කරන්න: පක්ෂ නායකයන් මන්ත්‍රීන්ගෙන් ඉල්ලයි
Rataperata Monday, 19 August 2024 04:56 PM
එහෙම තහනම් කරලා ඒ උන්දැලාට නිදහසේ රට සවාරියේ යන්න තියෙන අන්තිම අවස්ථාව අහිමි කරන්න එපා.. තව ටික දවසකින් ඔය තනතුරු, තාන්න, මාන්න අහිමි වුණාම ඕවා කරන්න බැහැ. ඒ නිසා පරාර්ථකාමී වෙලා අවසාන වතාවට රට සවාරියේ යන්න කියන්න..!