IMG-LOGO

රට ගොඩගන්න බන්දුලගෙන් යෝජානා 10ක්

(දයාසීලි ලියනගේ)

මූල්‍ය කළමනාකරණය පිළිබඳ දැනුමක් ඇති මහජන නියෝජතියන් බහුතරයක්  පාර්ලිමේන්තුවට පත් නොවීම හා පාර්ලිමේන්තුව කතා මණ්ඩපයක් බවට පත්වීම හේතුවෙන් මේ ආර්ථික අර්බුදය පාර්ලිමේන්තුව වටහා ගැනිමට නොහැකිවූ අතර තමන් ඇතුළු මන්ත්‍රීවරුන් සිය නිල රාජකාරි ඉටු කිරීමට අසමත්වී ඇතැයි හිටපු ඇමැති බන්දුල ගුණවර්ධන ජනාධිපතිට ලිපියක් යවමින් සඳහන් කර ඇත.

මුදල් පිළිබඳව සම්පූර්ණ බලය ඇති පාර්ලිමේන්තුව සිය යුතුකම හා වගකිම නිසි ලෙස ඉටු නොකළ නිසා මේ මහා ආර්ථික ඛේදවාචකයට රට මුහුණ දුන් බව තමා විශ්වාස කරන බව එම ලිපියේ සඳහන් කර ඇත.

ආර්ථික අර්බුදයට විසඳුම් ලෙස යෝජනා 10ක් එම ලිපියෙන් ඉදිරිපත් කර ඇත.

ඇමැති වැටුප් නොලබන සමාජයම පිළිගත හැකි යහපත් පැවැතුම් ඇති උගත්,කාර්යශූර තරුණයන් 15 දෙනකුගෙන් යතු කුඩා කැබිනට් මණ්ඩලයක් පත් කිරීම,සියලු දේශපාලන පක්ෂ සමග සාකච්ඡාකර ඇතිකර ගනු ලබන එකඟතා මත විෂය පිිළිබඳ අත්දැකීම් ඇති තවත් ඇමතිවරු 10ක් පත් කිරීම, රජ්‍ය ඇමති තනතුරු ඉවත් කර නියෝ්‍ය ඇමැතිවරු 25ක් පත් කිරීම හා සුදුසු ආයතන ප්‍රධානීන් පත් කිරිම, ආර්ථික අර්බුදයට විසඳම් නිර්දේශ කිරීමට විපක්ෂ මන්ත්‍රිවරයකුගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීම, හිටපු කැබිනට් ඇමැතිවරුන්ගේ කැමැත්ත මත වැටුප් නොලබන ජනාධිපති උපදේශකයන් පත්කිරීම,වංචා දූෂණ, අක්‍රමිකතා පිළිබඳ විභාග කර දඬුවම් කළ හැකි අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාපත් පත්කිරීම එම යෝජනා අතර වෙයි.
 



අදහස් (18)

රට ගොඩගන්න බන්දුලගෙන් යෝජානා 10ක්

ravin Saturday, 23 April 2022 10:11 AM

දේශපාලකයින් කරන කියන කිසිම දෙයක් අවංක සිතින් නොකරන බව සක්සුදක් සේ දැන් හැමෝටම වැටහිලා ඉවරයි. අපි අපේ දේ නැවත සකසුරුවම් සහිතව සකසා ගන්නම්... දැනට කරපු හරිය හොඳටම ඇති. පොදුජනයා හට තව ඉතිරිව ඇත්තේ ඔය කට්ටියටම නිදාගැනීමට අවශ්‍ය නම් පමණක් ඇඳක් ලබාදීම පමණයි. සමාදානයෙන් සැතපේවා...!

:       1       39

රජරට බයියා.Saturday, 23 April 2022 03:01 PM

දේශපාලකයෝ ඡන්දයට ඉස්සර දෙන පොරොන්දු...! බලයට ආවාට පස්සේ ඒ දුන්න පොරොන්දු ඔක්කොම අමතකයි. විලිලැජ්ජාවක් නැති අමන කණ්ඩායමක් තමයි දේශපාලකයින් කියන්නේ...

:       0       11

දාස Saturday, 23 April 2022 10:19 AM

1. මම මේ තනතුරු වලින් ඉල්ලා අස්වී ටියුෂන් වෘත්තියට යාම.

:       1       39

Ruwan R Saturday, 23 April 2022 10:23 AM

ඇයි දැන්...? කළිනුත් ඕවා කරන්න තිබුණනේ...!

:       1       43

Bamunuarachchi Saturday, 23 April 2022 10:28 AM

කරුණාකර පැත්තකට වෙලා ඉන්නවද? දොඩවන්නේ නැතිව...

:       4       36

Prabha Saturday, 23 April 2022 11:15 AM

පාර්ලිමේන්තුවේ කවුරු හිටියත් රට පාලනය කරන්නේ පවුලේ තුන් හතර දෙනානේ...

:       1       25

Malika Saturday, 23 April 2022 11:26 AM

දැන් ආපහු මෝලේ වැඩීගෙන එනවා වගේ... තනතුරු තියන කොට මොලේට මොකද වෙන්නේ...?

:       1       26

Lalith M Saturday, 23 April 2022 11:27 AM

අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාවට ජනපති, අගමැති ඇතුළුව සියලුම දෙනාට විරුද්ධව චෝදනා ගොනුකිරීමේ හැකියාව තිබිය යුතුයි. දඬුවම් කළ හැකිවිය යුතුයි. මුක්තිය අහෝසි විය යුතුය.

:       1       22

Sas Saturday, 23 April 2022 11:45 AM

මෙම ආර්ථික අර්බුදයට හේතුව අධික ලෙස ණය ගෙන ඵලදායී නොවන වැඩ වල යෙදවීමයි. ඒ ගැන බන්දුල කථා නොකරයි...

:       1       26

සමිත සේනක අලුත්ගමගේ Saturday, 23 April 2022 12:01 PM

ඉගැන්වීමට දක්ෂයෙකු වූ එහෙත්..., දේශපාලනයෙහි දක්ෂයෙකු නොවන මේ ටියුෂන් ගුරුවරයා රට මේ තරම් පරිහානියට පත්කිරීමට දැක්වූයේ නොමඳ සේවයක්... එසේ හෙයින් මොහුගේ අපබ්‍රංස අවවාද තවත් කුමටද රටට..?

:       4       32

Mahesh Saturday, 23 April 2022 01:27 PM

මුදල් පිළිබඳව සම්පූර්ණ බලය ඇති පාර්ලිමේන්තුව සිය යුතුකම හා වගකිම නිසි ලෙස ඉටු නොකළ නිසා මේ මහා ආර්ථික ඛේදවාචකයට රට මුහුණ දුන් බව තමා විශ්වාස කරන බව එම ලිපියේ සඳහන් කර ඇත. දැන් ඕක ඇතුලේ හිටියේ අපිද? දැන් විකාර කියවන්නේ නැතිව ගෙදර ගිහින් රැකියාව කරගෙන ඉන්න. ආර්ථිකය පිළිබඳව යම් දැනුමක් තිබුණානම් ඕක ඇතුලේ ඉඳලත් රට ප්‍රපාතයටම වට්ටනකම් මොනවද ඔබතුමාලා කලේ?. දැන් කරුණාකරලා ගෙදර යන්න. දැන් පිළිගන්න මට පුළුවන් කතාව විතරයි කියලා. මෙලෝ වැඩක් නම් බැහැ කියලා...

:       0       15

නිශාන්ත Saturday, 23 April 2022 01:55 PM

ඔක්කොම හොරු කියලා දැන් අපි තේරුම් අරන් ඉවරයි. කරුණාකර දේශපාලනයෙන් ඉවත්වෙලා තමන්ගේ වැඩක් බලාගෙන ඉන්න.

:       2       14

duminda Saturday, 23 April 2022 03:08 PM

චප්ප චබිරි වෙලා, කුජීත වුණාට පස්සේ මොන යෝජනාද?

:       0       11

Rasi Saturday, 23 April 2022 03:45 PM

අපි යෝජනා කරන්නේ ඉවත් වන්න කියායි. ඒක අපේ රටට ගොඩක් හොඳයි..

:       0       9

kamal Saturday, 23 April 2022 04:00 PM

තව සුදුළූණු කිලෝ කීයක් ඕනද ගොඩයන්න...?

:       0       11

ගමේ එකාලා Saturday, 23 April 2022 04:14 PM

මහලොකු ආර්ථික ඔස්තාර් කෙනෙක් වෙච්චි තමනුත් වෙලා තියෙන අර්බුදයට වග කියන්න ඕනේ. දැන් පැලැස්තර දාන්න හැදුවාට තුවාලේ ඔඩු දුවලා හමාරයි.

:       0       10

B R Ratnayaka Saturday, 23 April 2022 05:30 PM

රට කාලා කාලා ඉවර කරලා දැන්ද මතක් වුණේ රට හදන හැටි..? හැමදාම කැබිනට් එකේ ඉඳන් සුදුළූණු ගෙඩියේ ඉඳලා හොරකම් කළා නේද?

:       0       13

lalindra Saturday, 23 April 2022 08:53 PM

අනේ සමාවෙන්න ඕනේ... මුදල් පිළිබඳ වගකීම් අපිට ඉෂ්ඨ කරන්න බැරිවුණාට තමුන්නාන්සේ පාර්ලිමේන්තුවේ හිටියා නම් එහෙම වෙන්නේ නැති බව අපි දන්නවා. ආණ්ඩුවේ වැඩ ඔක්කොටෝම ලොජික් සපයලා. දැන් පෙලෙන බැරි බැරියාවටත් ජාත්‍යන්තර උදාහරණ පෙන්නලා බොරු පච ටොන් ගණන් හලන මේවාගේ අයට උපාධිය ලැබුණේ නාමල්ට නීතිඥ පදවිය ලැබුණු විදිහටද දන්නේ නෑ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 253 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 780 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1201 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site